Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 ලේකම් 18:30 - Sinhala Revised Old Version

30 සිරියේ රජ තමාගේ රථාධිපතීන්ට අණකරමින්: ඉශ්‍රායෙල් රජු සමඟ මිස ලොකු කුඩා වෙන කිසිවෙකු සමඟ සටන් නොකරන්නැයි අණකර තිබුණේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

30 සිරියාවේ රජ තමාගේ රථාධිපතීන්ට කතා කරමින්, “ඉශ්රායෙල් රජු සමඟ මිස, ලොකු කුඩා වෙන කිසිවෙකු සමඟ සටන් නොකරන්නැ”යි අණකර තිබුණේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

30 සිරියාවේ රජ තමාගේ රථාධිපතීන්ට කතා කරමින්, “ඉශ්රායෙල් රජු සමඟ මිස, ලොකු කුඩා වෙන කිසිවෙකු සමඟ සටන් නොකරන්නැ”යි අණකර තිබුණේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 ලේකම් 18:30
8 හුවමාරු යොමු  

ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නොසොයන සියල්ලන් ලොකු වුවත් කුඩා වුවත් පුරුෂයෙක් වුවත් ස්ත්‍රියෙක් වුවත් මරණයට පත්කරන්ටත් ගිවිසුමක් කළෝය.


ඔහු රජුට කථාකොට: ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක–මා විසින් විනාශයට කැපකළ මනුෂ්‍යයා නුඹ නිදහස්කර හැරිය බැවින් ඔහුගේ ප්‍රාණය වෙනුවට නුඹේ ප්‍රාණයද ඔහුගේ සෙනඟ වෙනුවට නුඹේ සෙනඟද දෙන්ට වේය කියා වදාරනසේකැයි කීවේය.


විනිශ්චයේදී මිනිසුන්ගේ තරාතිරම් නොබලා ලොකු කුඩා අයට එක ලෙස කන්දෙන්න; මනුෂ්‍යයන්ට භයනොවෙන්න; මක්නිසාද විනිශ්චය කිරීම දෙවියන්වහන්සේගේය. නුඹලාට අමාරු වැඩිවූ කාරණයක් ඇත්නම් මා ළඟට ගෙනෙන්න, මම ඒක විචාරන්නෙමියි කීයෙමි.


තවද ඔව්හු ගෙයි දොර ළඟ සිටි ලොකු කුඩා සියල්ලන් අන්ධ කළෝය. මෙසේ ඔව්හු දොර සොයමින් වෙහෙසුණෝය.


සිරියේ රජු තමාගේ රථාධිපතීන් තිස්දෙදෙනාට කථාකොට: නුඹලා ඉශ්‍රායෙල් රජුට විරුද්ධව මිස ලොකු කුඩා වෙන කිසිවෙකුට විරුද්ධව සටන් නොකරන්නැයි අණකර තිබුණේය.


ඉශ්‍රායෙල් රජ යෙහෝෂාපාට්ට කථාකොට: මම වෙස් මාරුකරගන යුද්ධයට යන්නෙමි; නුමුත් ඔබ ඔබගේ වස්ත්‍ර හැඳගතමැනවියි කීවේය. මෙසේ ඉශ්‍රායෙල් රජ වෙස් මාරුකරගත්තේය; ඔව්හු සටනට ගියෝය.


රථාධිපතීහු යෙහෝෂාපාට් දුටු විට: මොහු ඉශ්‍රායෙල් රජය කියා ඔහුට විරුද්ධව සටන්කරන්ට ඔහු වටකරගත්තෝය. එවිට යෙහෝෂාපාට් මොරගැසීය, ස්වාමීන්වහන්සේ ඔහුට පිහිටවී ඔහු වෙතින් ඔවුන් අහක්කෙරෙවුසේක.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්