Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 ලේකම් 18:27 - Sinhala Revised Old Version

27 මීකායාද: ඔබ ඇත්තටම සමාදානයෙන් හැරී ආවොත් ස්වාමීන්වහන්සේ මා ලවා කථාකෙරෙවුවේ නැතැයි කියා: ජනයෙනි, නුඹලා සියල්ලෝම අසන්නැයි කීවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

27 මීකායා ද උත්තර දෙමින්, “ඔබ ඇත්තට ම සුව සේ හැරී එන්නෙහි නම්, සමිඳාණන් වහන්සේ මා ලවා කතා කෙළේ නැත. ජනයෙනි, ඔබ සියල්ලන් ම මෙය අසන්නැ”යි කීවේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

27 මීකායා ද උත්තර දෙමින්, “ඔබ ඇත්තට ම සුව සේ හැරී එන්නෙහි නම්, සමිඳාණන් වහන්සේ මා ලවා කතා කෙළේ නැත. ජනයෙනි, ඔබ සියල්ලන් ම මෙය අසන්නැ”යි කීවේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 ලේකම් 18:27
9 හුවමාරු යොමු  

උන්වහන්සේ සමූහයා තමන් ළඟට නැවත කැඳවා කියනසේක්: නුඹලා සියල්ලෝම මාගේ වචනය අසා තේරුම්ගන්න.


එවිට උන්වහන්සේ සමූහයා කැඳවා ඔවුන්ට කථාකොට: නුඹලා අසා තේරුම්ගන්න.


ඇසීමට කන් ඇත්තේ අසාවයි කීසේක.


ජනයෙනි, නුඹලා සියල්ලෝ අසන්න; පොළොව සහ එහි ඇති සියල්ල, ඇහුම්කන්දෙන්න. ස්වාමීන්වහන්සේ වන ස්වාමිවූ දෙවියන්වහන්සේ තමන්ගේ ශුද්ධවූ මාළිගාවේ සිට නුඹලාට විරුද්ධව සාක්ෂිකාර වනසේක්වා.


ඒ විපත්තිය ළංවී අප පිටට නොපැමිණෙන්නේයයි කියන්නාවූ, මාගේ සෙනඟගෙන් පව්කාරයෝව සිටින්නාවූ සියල්ලෝ කඩුවෙන් මැරෙන්නෝය.


සියලු මිනිසුන්ට පොදුවූ මරණයකින් මේ මනුෂ්‍යයන් මැරුණොත් නොහොත් සියලු මිනිසුන්ට සිද්ධවන දේ මොවුන්ට සිද්ධවුණොත් ස්වාමීන්වහන්සේ මා නොඑවුසේක.


මෙසේ ඉශ්‍රායෙල් රජද යූදාහි රජවූ යෙහෝෂාපාට්ද රාමොත්-ගිලියද්ට ගියෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්