Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 ලේකම් 18:19 - Sinhala Revised Old Version

19 ස්වාමීන්වහන්සේද–ඉශ්‍රායෙල් රජවූ ආහබ් රාමොත්-ගිලියද්හිදී වැටෙන පිණිස එහි යන්ට ඔහු කැමතිකරවන්නේ කවුදැයි ඇසූසේක. එවිට එක්කෙනෙක් මේ ආකාරද අනික් කෙනෙක් ඒ ආකාරද කීවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

19 සමිඳාණන් වහන්සේ ද, ‘ඉශ්රායෙල් රජ වන ආහබ් රාමොත්-ගිලියද්හි දී පරාජය වන පිණිස එහි යන්න ඔහු කැමැති කරවන්නේ කවුරු දැ’යි ඇසූ සේක. එවිට එක් කෙනෙක් මේ ආකාරයට ද අනික් කෙනෙක් ඒ ආකාරයට ද කීවෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

19 සමිඳාණන් වහන්සේ ද, ‘ඉශ්රායෙල් රජ වන ආහබ් රාමොත්-ගිලියද්හි දී පරාජය වන පිණිස එහි යන්න ඔහු කැමැති කරවන්නේ කවුරු දැ’යි ඇසූ සේක. එවිට එක් කෙනෙක් මේ ආකාරයට ද අනික් කෙනෙක් ඒ ආකාරයට ද කීවෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 ලේකම් 18:19
14 හුවමාරු යොමු  

අනාගතවක්තෘ රැවටී වචනයක් කියනවා නම්, ස්වාමීන්වහන්සේ වන මම ඒ අනාගතවක්තෘ රැවටෙන්ට සැලැස්වීමි, මම ඔහුට විරුද්ධව මාගේ අත දිගුකොට, මාගේ සෙනඟවූ ඉශ්‍රායෙල් අතරෙන් ඔහු නාස්තිකරන්නෙමි.


අඟුරුගින්න පිඹ නියම වැඩයට ආයුධයක් සාදන්නාවූ ආචාරියා මැවුවේ මමය; වැනසීමට නාස්තිකාරයා මැවුවෙත් මමය.


නිර්දෝෂ අයගේ ධර්මිෂ්ඨකම ඔහුගේ මාර්ගය සමතලාකරයි; එහෙත් දුෂ්ටයා තමාගේම දුෂ්ටකමෙන් වැටෙයි.


බලයත් සමර්ථකමත් තිබෙන්නේ උන්වහන්සේ වෙතය; මුළාවෙන්නාත් මුළාකරන්නාත් උන්වහන්සේට අයිතිය.


මෙන්න, ඒදොම්වරුන්ට පහරදුන්නෙමියි නුඹ කියයි; නුඹේ සිතද පාරට්ටු කරන පිණිස අහංකාරවී තිබේ. ගෙදර සිටින්න; නුඹද නුඹ සමඟ යූදාවරුන්ද වැටෙන ලෙස නුඹ අන්තරායට මැදිවෙන්නේ මක්නිසාදැයි යූදාහි රජවූ අමශියාට කියා හැරියේය.


නුමුත් ඔබ යන්නෙහි නම්, ශක්තිමත්වී සටනට බලවත් වෙන්න; දෙවියන්වහන්සේ සතුරා ඉදිරියෙහි ඔබ හෙළාදමනසේක; මක්නිසාද උපකාරකරන්ටත් හෙළාදමන්ටත් දෙවියන්වහන්සේට බලය ඇත්තේයයි කීවේය.


ස්වාමීන්වහන්සේ කථාකොට–ආහබ් රාමොත්-ගිලියද්ට ගොස් එහිදී වැටෙන පිණිස එහි යන්ට ඔහු පොළඹවන්නේ කවුදැයි ඇසූසේක. එක්කෙනෙක් මේ ආකාරද එක්කෙනෙක් ඒ ආකාරද කීවේය.


රාමොත්-ගිලියද්හි සිටිය බෙන්-ගෙබර්ය. ගිලියද්හි තිබෙන්නාවූ, මනස්සේගේ පුත්‍රවූ යායිර්ගේ නුවරවලුත් පවුරුද පිත්තල අගුල්ද ඇති මහා නුවරවල් හැටක් සහිත බාෂාන්හි අර්ගොබ් පළාතත් ඔහුට වැටුණේය.


මීකායා කථාකොට: එබැවින් ස්වාමීන්වහන්සේගේ වචනය අසන්න. ස්වාමීන්වහන්සේ තමන් සිංහාසනයෙහි වැඩහිඳිනවාත් මුළු ස්වර්ග සේනාව උන්වහන්සේගේ දකුණු පැත්තේද වම් පැත්තේද සිටිනවාත් දුටුමි.


එකල ආත්මයක් ඇවිත් ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි සිට: මම ඔහු කැමතිකරවමියි කීය. කුමකින්දැයි ස්වාමීන්වහන්සේ ඔහුගෙන් ඇසූසේක.


මම ගොස් ඔහුගේ සියලු ප්‍රොපේතවරුන්ගේ මුඛවල බොරුකාර ආත්මයක්වෙමියි ඔහු කීවේය. උන්වහන්සේද: නුඹ ගොස් ඔහු පොළඹවා සඵලවන්නෙහිය. ගොස් එසේ කරන්නැයි කීසේක.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්