Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 ලේකම් 17:14 - Sinhala Revised Old Version

14 ඔවුන්ගේ පියවංශ ලෙස ඔවුන්ගේ ගණන් මේය: යූදාගෙන් සහස්‍රාධිපතියෝ නම්–අධිපතියාවූ අද්නාය, ඔහු සමඟ බලවත් වික්‍රමාන්විත මනුෂ්‍යයෝ තුන්ලක්ෂයක් සිටියෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

14 ඔවුන්ගේ පියවංශ ලෙස ඔවුන්ගේ ගණන් මේ ය: ජුදාවරුන් අතර සහශ්‍රාධිපතියෝ නම්, අධිපතියා වන අද්නා ය. ඔහු සමඟ බලවත් වික්‍රමාන්විත මනුෂ්‍යයෝ තුන්ලක්ෂයක් සිටියෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

14 ඔවුන්ගේ පියවංශ ලෙස ඔවුන්ගේ ගණන් මේ ය: ජුදාවරුන් අතර සහශ්‍රාධිපතියෝ නම්, අධිපතියා වන අද්නා ය. ඔහු සමඟ බලවත් වික්‍රමාන්විත මනුෂ්‍යයෝ තුන්ලක්ෂයක් සිටියෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 ලේකම් 17:14
11 හුවමාරු යොමු  

ඔවුන් යටතේ සතුරාට විරුද්ධව රජුට උදව්වන පිණිස බලවත් ලෙස යුද්ධකරන මිනිසුන් තුන්ලක්ෂ හත්දාස් පන්සියයකින් යුත් යුද්ධ සේනාවක් සිටියාය.


යූදාවරුන්ගෙන් පලිස් සහ හෙල්ල දරන තුන්ලක්ෂයකින්ද බෙන්යමින්ගෙන් පලිස් දරන දුනුගත් දෙලක්ෂ අසූදහසකින්ද යුක්තවූ සේනාවක් ආසාට සිටියාය. මේ සියල්ලෝ බලවත් වික්‍රමාන්විත මනුෂ්‍යයෝය.


එවිට අබියා යුද්ධයට බලවන්තයන්වූ තෝරාගත් මනුෂ්‍යයන් සාරලක්ෂයකින් යුත් සේනාවක් ඇතුව යුද්ධ ආරම්භකෙළේය. යෙරොබොවම්ද ඔහුට විරුද්ධව බලසම්පන්න තෝරාගත් මනුෂ්‍යයන් අටලක්ෂයක් ඇතුව යුද්ධ පිළිවෙළින් සිටියේය.


රෙහොබොවම් යෙරුසලමට පැමුණුණ විට, තමාට රාජ්‍යය නැවත ලබාගන්ට ඉශ්‍රායෙල්වරුන්ට විරුද්ධව යුද්ධකරන පිණිස ඔහු යූදා වංශයද බෙන්යමින් වංශයද වන තෝරාගත් යුද්ධකාරයන් එක්ලක්ෂ අසූදහසක් රැස්කෙළේය.


දෙවෙනි මාසයේ පළවෙනි දිනදී මුළු සභාව රැස්කෙරෙවුවෝය, තවද විසි අවුරුද්ද පටන් ඉන් ඉහළ වයස් ඇත්තාවූ අය වෙන් වශයෙන් තමුන්ගේ පවුල් ප්‍රකාර තමුන්ගේ පිය පෙළපත්වල හැටියට නාම ගණන ලෙස ලියවුණෝය.


ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ මුළු සභාවේ සියලු පුරුෂයන්ගේ මුළු ගණන ඔවුන්ගේ පවුල් ප්‍රකාර ඔවුන්ගේ පිය පෙළපත්වල හැටියට වෙන් වෙන් වශයෙන් ඔවුන්ගේ නාම ගණන ඇතුව ගන්න;


උන්වහන්සේ ඔහු පිටතට කැඳවා: අහස දෙස බලා තාරකා ගණන්කළ හැකි නම් ඒවා ගණන් කරන්නැයි කීසේක; නුඹේ වංශයද එසේම වන්නේයයි ඔහුට කීසේක.


නුඹේ වංශය පොළොවේ ධූලි මෙන් වැඩිකරන්නෙමි. එසේ හෙයින් මනුෂ්‍යයෙකුට පොළොවේ ධූලි ගණන්කරන්ට පුළුවන්නම් නුඹේ වංශයත් ගණන් කළ හැකි වන්නේය.


මම නුඹ මහත් ජාතියක් කරන්නෙමි; නුඹට ආශීර්වාද කොට නුඹේ නාමය කීර්තිමත් කරන්නෙමි; නුඹද ආශීර්වාදයක් වෙන්න.


ඔහුට යූදා නුවරවල බොහෝ වැඩපළ තිබුණේය; යුද්ධකාර බලවත් වික්‍රමාන්විත මනුෂ්‍යයොත් යෙරුසලමෙහි සිටියෝය.


ඊළඟට අධිපතියාවූ යෙහෝහානාන්ය, ඔහු සමඟ දෙලක්ෂ අසූදාහක් සිටියෝය;


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්