Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 ලේකම් 17:13 - Sinhala Revised Old Version

13 ඔහුට යූදා නුවරවල බොහෝ වැඩපළ තිබුණේය; යුද්ධකාර බලවත් වික්‍රමාන්විත මනුෂ්‍යයොත් යෙරුසලමෙහි සිටියෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

13 ඔහුට ජුදා නගරවල බොහෝ බලකොටු තිබුණේ ය. යුද්ධයට බලවත්, වික්‍රමාන්විත මනුෂ්‍යයෝ ද ජෙරුසලමෙහි සිටියෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

13 ඔහුට ජුදා නගරවල බොහෝ බලකොටු තිබුණේ ය. යුද්ධයට බලවත්, වික්‍රමාන්විත මනුෂ්‍යයෝ ද ජෙරුසලමෙහි සිටියෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 ලේකම් 17:13
6 හුවමාරු යොමු  

යෙහෝෂාපාට් අතිශයින් උතුම්ව යූදාහි බලකොටුද ගබඩා නුවරවල්ද ගොඩනැගුවේය.


ඔවුන්ගේ පියවංශ ලෙස ඔවුන්ගේ ගණන් මේය: යූදාගෙන් සහස්‍රාධිපතියෝ නම්–අධිපතියාවූ අද්නාය, ඔහු සමඟ බලවත් වික්‍රමාන්විත මනුෂ්‍යයෝ තුන්ලක්ෂයක් සිටියෝය.


මේ සියල්ලෝ තමුන්ගේ පියවංශවල ප්‍රකාරයට යෙදීයයෙල්ගේ පුත්‍රයෝව, සේනා වශයෙන් යුද්ධයට යන්ට පුළුවන්වූ බලවන්ත මනුෂ්‍යයෝව සිටියෝය, ඔව්හු දහහත්දාස් දෙසිය දෙනෙක්ය.


ඔහු යූදාවරුන්ට කථාකොට: අපි මේ නුවරවල් ගොඩනගා අවට පවුරුද කොටුද දොරටුද අගුල්ද සාදමු; අප විසින් අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේ සෙවූ බැවින් දේශය තවම නිරවුල්ව අප ඉදිරියෙහි තිබේ; අපි උන්වහන්සේ සෙවුවෙමුව, උන්වහන්සේද හැම අතින්ම අපට නිවාඩුව දී තිබේයයි කීවේය. මෙසේ ඔව්හු ගොඩනගමින් සඵලවූවෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්