Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 ලේකම් 16:4 - Sinhala Revised Old Version

4 එවිට බෙන්හදද් ආසා රජුට ඇහුම්කන්දී, තමාගේ යුද්ධ සේනාපතීන් ඉශ්‍රායෙල් නුවරවලට විරුද්ධව යැවීය; ඔව්හු ඊයොන්ටත් දාන්ටත් ආබෙල්-මයිම්ටත් නප්තලීහි සියලු ගබඩා නුවරවලටත් පහර දුන්නෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

4 එවිට බෙන්-හදද් ආසා රජුට ඇහුම්කන් දී තමාගේ යුද්ධ සේනාපතීන් ඉශ්රායෙල් නගරවලට විරුද්ධ ව යැවී ය. ඔහු ඊයොන්ටත්, දාන්ටත්, ආබෙල්-මායිම්ටත්, නප්තලීහි සියලු ගබඩා-නගරවලටත් පහර දුන්නේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

4 එවිට බෙන්-හදද් ආසා රජුට ඇහුම්කන් දී තමාගේ යුද්ධ සේනාපතීන් ඉශ්රායෙල් නගරවලට විරුද්ධ ව යැවී ය. ඔහු ඊයොන්ටත්, දාන්ටත්, ආබෙල්-මායිම්ටත්, නප්තලීහි සියලු ගබඩා-නගරවලටත් පහර දුන්නේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 ලේකම් 16:4
14 හුවමාරු යොමු  

යෙහෝෂාපාට් අතිශයින් උතුම්ව යූදාහි බලකොටුද ගබඩා නුවරවල්ද ගොඩනැගුවේය.


බාලාත්ද සාලමොන්ට තිබුණ සියලු ගබඩා-නුවරවල්ද තමාගේ රථවලට සියලු නුවරවල්ද තමාගේ අසරුවන්ට නුවරවල්ද යෙරුසලමෙහිත්, ලෙබනොන්හිත්, තමාගේ ආණ්ඩුවට අඩංගුවූ මුළු දේශයෙහිත් සාලමොන් තමාගේ සතුට පිණිස ගොඩනගන්ට කැමතිවූ සියල්ලද ගොඩනැගුවේය.


එවිට බෙන්-හදද් ආසා රජුට ඇහුම්කන්දී, තමාගේ සේනාපතියන් ඉශ්‍රායෙල් නුවරවලට විරුද්ධව යවා, ඊයොන්ටත් දාන්ටත් ආබෙල්-බෙත්මයකාටත් මුළු නප්තලී දේශය ඇතුළුව මුළු කින්නරෝත්ටත් පහරදුන්නේය.


සාලමොන් සන්තකවූ සියලු ගබඩා නුවරවල්ද රථවලට නුවරවල්ද අසරුවන්ට නුවරවල්ද සාලමොන් යෙරුසලමෙහිත් ලෙබනොන්හිත් තමාගේ ආණ්ඩුවට අඩංගුවූ මුළු දේශයෙහිත් තමා සතුටුවූ ප්‍රකාර ගොඩනගන්ට කැමතිවූ සියල්ලද ගොඩනැගුවේය.


එවිට දාන් පටන් බෙයෙර්-ෂෙබා දක්වාත් ගිලියද් දේශයෙත් සිටි සියලු ඉශ්‍රායෙල් පුත්‍රයන් පිටත්ව ඇවිත් සභාව එක්කෙනෙකු මෙන් මිශ්පාහි ස්වාමීන්වහන්සේ වෙතට රැස්වුණාය.


එසේ හෙයින් ඔව්හු බරවැඩ පැවරීමෙන් ඔවුන්ට පීඩාකරන පිණිස ඔවුන් කෙරෙහි විධානවරුන් පත්කළෝය. ඔව්හු පිථොම් සහ රාම්සෙස් නම් ගබඩා නුවරවල් ඵාරාවෝ හට ගොඩනැගුවෝය.


ආබ්‍රම් තමාගේ සහෝදරයා අල්වාගෙන ගිය බව ඇසූ කල තමාගේ ගෙයි උපන්නාවූ පුරුදුකරනු ලැබූ ස්වකීය මිනිසුන් තුන්සිය දසඅට දෙනෙකු රැගෙන දාන් දක්වා ලුහුබැඳ ගියේය.


ඔව්හු හරි මාර්ගය අත්හැර, අයුතුකමේ කුලියට කැමතිවූ බෙයොර්ගේ පුත්‍රවූ බාලාම්ගේ මාර්ගය අනුව මුළාව ගියෝය;


මක්නිසාද වස්තු තෘෂ්ණාව සියලු ආකාර නපුරේ මුලක්ය. සමහරු ඊට ආලයවී ඇදහිල්ලෙන් මුළාව ගොස්, බොහෝ වේදනාවලින් තුමූම ඇනගත්තෝය.


මාගේ පියාද ඔබගේ පියාද අතරේ තිබුණාක් මෙන් මා සහ ඔබ අතරේද ගිවිසුමක් තිබේ. මෙන්න, රන් රිදී ඔබට එවමි; ඉශ්‍රායෙල්හි රජවූ බයෙෂා මා වෙතින් අහක්ව යන පිණිස ඇවිත් ඔබ ඔහු සමඟ තිබෙන ගිවිසුම කඩකළ මැනවැයි කියා හැරියේය.


බයෙෂා ඒ ඇසූ විට ඔහු රාමා නගරය ගොඩනැගීමෙන් නැවතී තමාගේ වැඩ අත්හිටෙවුවේය.


ඔව්හු ඝණාන්ධකාරයට පන්නනු ලබන්නෝය. එහෙත් තද වේදනාවෙන් සිටියාවූ ඈට අඳුරක් නොවන්නේය. පළමු කාලයේදී උන්වහන්සේ සාබුලොන් රටද නප්තලී රටද පහත් කළසේක, නුමුත් අන්තිම කාලයේදී උන්වහන්සේ යොර්දාන් අසබඩ මුහුදු පළාතවූ ජාතීන්ගේ ගලීලය මහිමතාවට පැමිණවූසේක.


අෂූර්හි රජ ඔහුට ඇහුම්කන්දී දමස්කයට විරුද්ධව ගොස්, එය අල්ලාගෙන, එහි වැසියන් වහලුන් කොට කීර්ට ගෙනගියේය, රෙශීන්ද මැරුවේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්