Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 ලේකම් 16:2 - Sinhala Revised Old Version

2 එවිට ආසා ස්වාමීන්වහන්සේගේ ගෘහයේද රජගෙයිද ගබඩාවලින් රන් රිදී පිටතට ගෙනවුත්, දමස්කයෙහි වාසයකළාවූ සිරියේ රජවූ බෙන්හදද්ට ඒවා යවමින්:

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

2 එවිට ආසා සමිඳාණන් වහන්සේගේ දේව මාලිගාවේ හා රජ මැදුරේ ගබඩාවලින් රන් රිදී පිටතට ගෙනවුත්, දමස්කයෙහි වාසය කළ සිරියාවේ රජ වන බෙන්-හදද්ට ඒවා යවමින්,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

2 එවිට ආසා සමිඳාණන් වහන්සේගේ දේව මාලිගාවේ හා රජ මැදුරේ ගබඩාවලින් රන් රිදී පිටතට ගෙනවුත්, දමස්කයෙහි වාසය කළ සිරියාවේ රජ වන බෙන්-හදද්ට ඒවා යවමින්,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 ලේකම් 16:2
8 හුවමාරු යොමු  

ආහාස් ස්වාමීන්වහන්සේගේ ගෘහයෙන්ද රජුගෙත් අධිපතීන්ගෙත් ගෙදරවලින්ද වස්තු රැගෙන අෂූර්හි රජුට දුන් නුමුත් එයින් ඔහුට පලක් නොවීය.


හෙසකියා ස්වාමීන්වහන්සේගේ ගෘහයෙත් රජ ගෙදර ගබඩාවලත් තිබුණු රිදී සියල්ල ඔහුට දුන්නේය.


තවද ආහාස් ස්වාමීන්වහන්සේගේ ගෘහයෙහිත් රජගෙදර ගබඩාවලත් තිබුණු රන් රිදී රැගෙන අෂූර්හි රජුට තෑග්ගක් කොට ඇරියේය.


එවිට යූදාහි රජවූ යෙහෝවාෂ් තමාගේ පියවරුන්වූ යෙහෝෂාපාට්ද යෙහෝරාම්ද අහසියාද යන යූදාහි රජවරුන් විසින් කැපකළ සියලුම ශුද්ධ දේවල්ද තමාගේම ශුද්ධ දේවල්ද ස්වාමීන්වහන්සේගේ ගෘහයේ ගබඩාවලත් රජ ගෙයිත් තිබුණාවූ සියලු රන්ද රැගෙන සිරියේ රජවූ හසායෙල්ට හැරියේය. එවිට ඔහු යෙරුසලමෙන් අහක්ව ගියේය.


එවිට ආසා ස්වාමීන්වහන්සේගේ ගෘහ ගබඩාවල ඉතුරුව තිබුණු රන් රිදී සියල්ලද රජගෙයි තිබුණු වස්තුද ගෙන තමාගේ සේවකයන්ගේ අතට භාරදී, දමස්කයෙහි විසූ සිරියේ රජවූ, හෙශියොන්ගේ පුත්‍රයා වන තබ්රිම්මොන්ගේ පුත්‍රවූ බෙන්-හදද්ට ඒවා යවමින්:


ආසාගේ රජකම්කිරීමේ තිස්හවෙනි අවුරුද්දේදී ඉශ්‍රායෙල් රජවූ බයෙෂා රජ යූදාට විරුද්ධව ගොස් යූදාහි රජවූ ආසා වෙතට කිසිවෙකුට යන්ට එන්ට ඉඩ නාරින පිණිස රාමා නගරය ගොඩනැගුවේය.


මාගේ පියාද ඔබගේ පියාද අතරේ තිබුණාක් මෙන් මා සහ ඔබ අතරේද ගිවිසුමක් තිබේ. මෙන්න, රන් රිදී ඔබට එවමි; ඉශ්‍රායෙල්හි රජවූ බයෙෂා මා වෙතින් අහක්ව යන පිණිස ඇවිත් ඔබ ඔහු සමඟ තිබෙන ගිවිසුම කඩකළ මැනවැයි කියා හැරියේය.


දමස්කය ගැනය. හමාත්ද අර්පාද්ද ලජ්ජාවට පැමුණුණෝය; මක්නිසාද ඔව්හු නරක ආරංචියක් අසා දියවී ගියෝය. මුහුද පිට චංචලය ඇත්තේය; ඊට නිශ්චලවෙන්ට බැරිය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්