Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 ලේකම් 16:1 - Sinhala Revised Old Version

1 ආසාගේ රජකම්කිරීමේ තිස්හවෙනි අවුරුද්දේදී ඉශ්‍රායෙල් රජවූ බයෙෂා රජ යූදාට විරුද්ධව ගොස් යූදාහි රජවූ ආසා වෙතට කිසිවෙකුට යන්ට එන්ට ඉඩ නාරින පිණිස රාමා නගරය ගොඩනැගුවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

1 ආසා රජකම් කළ තිස්හය වන අවුරුද්දේ දී ඉශ්රායෙල්හි රජ වූ බාෂා ජුදාට විරුද්ධ ව ගොස් ජුදාහි රජු වූ ආසා වෙත කිසිවෙකුට යන්න එන්න ඉඩ නාරින පිණිස රාමා නගරය ගොඩනැඟුවේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

1 ආසා රජකම් කළ තිස්හය වන අවුරුද්දේ දී ඉශ්රායෙල්හි රජ වූ බාෂා ජුදාට විරුද්ධ ව ගොස් ජුදාහි රජු වූ ආසා වෙත කිසිවෙකුට යන්න එන්න ඉඩ නාරින පිණිස රාමා නගරය ගොඩනැඟුවේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 ලේකම් 16:1
9 හුවමාරු යොමු  

තවද ඔහු සියලු යූදාවරුන්ද බෙන්යමින්වරුන්ද ඔවුන් සමඟ එප්‍රායිම්ගෙන්ද මනස්සේගෙන්ද සිමියොන්ගෙන්ද ඇවිත් සිටියාවූ ආගන්තුකයන්ද රැස්කරගත්තේය. මක්නිසාද ඔහුගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔහු සමඟ සිටින බව දුටු කල ඉශ්‍රායෙල්ගෙන් බොහෝ දෙනෙක් ඔහුට එකතුවුණෝය.


ඒ කාලවලදී පිටත ගිය කෙනෙකුටවත් ඇතුළට ආ කෙනෙකුටවත් කිසි සමාදානයක් නැතුව දේශවල සියලු වැසියන්ට මහත් පීඩා පැමුණුණේය.


මේ සෙනඟ යෙරුසලමේ තිබෙන ස්වාමීන්වහන්සේගේ ගෘහයෙහි පූජා ඔප්පුකරන්ට ගියොත් මේ සෙනඟගේ සිත් තමුන්ගේ ස්වාමිවූ යූදාවරුන්ගේ රජවූ රෙහොබොවම් වෙතට හැරීයන්නේය; තවද ඔවුන් මා මරා යූදාහි රජවූ රෙහොබොවම් වෙතට හැරී යනවා ඇතැයි කීවේය.


ආසාගේ රජකම්කිරීමේ තිස්පස්වෙනි අවුරුද්ද දක්වා තවත් යුද්ධ නොවීය.


එවිට ආසා ස්වාමීන්වහන්සේගේ ගෘහයේද රජගෙයිද ගබඩාවලින් රන් රිදී පිටතට ගෙනවුත්, දමස්කයෙහි වාසයකළාවූ සිරියේ රජවූ බෙන්හදද්ට ඒවා යවමින්:


ඉෂ්මායෙල් විසින් ගෙදලියා ළඟ මැරූ මනුෂ්‍යයන්ගේ මළකඳන් සියල්ල හෙළුවාවූ වළ නම් ආසා රජු විසින් ඉශ්‍රායෙල්වරුන්ගේ රජවූ බයෙෂාට භයින් සෑදූ වළය. නෙතනියාගේ පුත්‍රවූ ඉෂ්මායෙල් මැරුම්කෑ අයගෙන් ඒක පිරෙවුවේය.


රැකවලුන්ගේ අධිපතියාවූ නෙබුසරදාන් විසින් යෙරෙමියා අල්ලා රාමායෙන් නිදහස්කර හැරිය පසු ස්වාමීන්වහන්සේගෙන් ඔහු වෙතට පැමුණුණු වචනයය. බබිලෝනියට ගෙනයන්ට යෙරුසලමෙන්ද යූදා රටෙන්ද අල්ලාගනු ලැබූ සියල්ලන් අතරෙහි ඔහු දම්වැල්වලින් බැඳ සිටියේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්