Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 ලේකම් 15:14 - Sinhala Revised Old Version

14 ඔව්හු මහත් හඬද ඝෝෂාවද හොරණෑවලත් නළාවලත් ශබ්දයද ඇතුව ස්වාමීන්වහන්සේට දිවුරුම් දුන්නෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

14 ඔව්හු මහා හඬ ද ඝෝෂා හඬ ද හොරණෑවලත්, නළාවලත් ශබ්දය ද ඇති ව සමිඳාණන් වහන්සේට දිවුරුම දුන්නෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

14 ඔව්හු මහා හඬ ද ඝෝෂා හඬ ද හොරණෑවලත්, නළාවලත් ශබ්දය ද ඇති ව සමිඳාණන් වහන්සේට දිවුරුම දුන්නෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 ලේකම් 15:14
9 හුවමාරු යොමු  

තමුන්ගේ උත්තමයන් වන තමුන්ගේ සහෝදරයන්ට එකතුවී, දෙවියන්වහන්සේගේ මෙහෙකරුවාවූ මෝසෙස් අතින් දෙනලද දෙවියන්වහන්සේගේ ව්‍යවස්ථාවෙහි හැසිරෙන හැටියටත්, අපේ ස්වාමිවූ ස්වාමීන්වහන්සේගේ ආඥාවද විනිශ්චයන්ද පනත්ද පවත්වා ඉෂ්ටකරන හැටියටත්,


මාගේ ඔඩොක්කුව ගසාදමා කථාකොට: මේ කීම ඉෂ්ට නොකරන කවුරු නුමුත් තම තමාගේ ගෙයිනුත් වැඩපළවලිනුත් දෙවියන්වහන්සේ මෙසේ ගසාදමනසේක්වා; ඔහු මෙසේ ගසාදමනු ලැබ හිස්වේවායි කීවේය. එවිට මුළු සභාව: ආමෙන් කියා ස්වාමීන්වහන්සේට ප්‍රශංසාකළාහ. සෙනඟ මේ කීමේ හැටියට කළෝය.


ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නොසොයන සියල්ලන් ලොකු වුවත් කුඩා වුවත් පුරුෂයෙක් වුවත් ස්ත්‍රියෙක් වුවත් මරණයට පත්කරන්ටත් ගිවිසුමක් කළෝය.


සියලු යූදාවරු ඒ දිවුරුම ගැන ප්‍රීතිවූහ. මක්නිසාද ඔව්හු තමුන්ගේ මුළු සිතින් දිවුරා, තමුන්ගේ මුළු කැමැත්තෙන් උන්වහන්සේ සෙවුවෝය; ස්වාමීන්වහන්සේද ඔවුන්ට සම්බව හාත්පසින්ම ඔවුන්ට විශ්‍රාමය දුන්සේක.


හොරණෑවලින්ද නළා ශබ්දයෙන්ද රජවූ ස්වාමීන් ඉදිරියේ ප්‍රීතිනාද පවත්වව්.


මෝසෙස් අවුත් ස්වාමීන්වහන්සේගේ සියලු වචනද විනිශ්චයයන්ද සෙනඟට කියා දුන්නේය. මුළු සෙනඟ එක හඬින් උත්තරදෙමින්: ස්වාමීන්වහන්සේ කී සියල්ල කරන්නෙමුයයි කීවෝය.


තවද ඔහු ගිවිසුමේ පොත රැගෙන සෙනඟ ඉදිරියෙහි කියෙවුවේය. ඔව්හුද: ස්වාමීන්වහන්සේ කී සියල්ල කරමින් කීකරුවන්නෙමුයයි කීවෝය.


සෙනඟද: අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේට අපි සේවයකර, උන්වහන්සේගේ හඬට අපි ඇහුම්කන් දෙන්නෙමුයයි යෝෂුවාට කීවෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්