Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 ලේකම් 13:9 - Sinhala Revised Old Version

9 නුඹලා ආරොන්ගේ පුත්‍රයන් වන ස්වාමීන්වහන්සේගේ පූජකයන්ද ලෙවීවරුන්ද එළවාදමා වෙන දේශවල ජාතීන් මෙන් පූජකයන් නියමකරගත්තා නොවේද? මෙසේ කැපවෙන පිණිස නාඹු ගොනෙකුත් බැටළුවන් සත්දෙනෙකුත් රැගෙන එන කවුරු නුමුත් දෙවි නොවන්නන්ට පූජකයෙක් වන්නේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

9 ඔබ හැම ආරොන්ගේ පුත්‍රයන් වන සමිඳාණන් වහන්සේගේ පූජකයන් ද ලෙවීවරුන් ද එළවා දමා වෙන දේශවල ජාතීන් මෙන් පූජකයන් නියම කරගත්තෝ නොවන්නහු ද? මෙසේ කැප වන පිණිස ගොනෙකුත්, බැටළුවන් සත්දෙනෙකුත් රැගෙන එන කවුරු නමුත්, නමින් දෙවිවරුන් වූ අයට පූජකයෙක් වන්නේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

9 ඔබ හැම ආරොන්ගේ පුත්‍රයන් වන සමිඳාණන් වහන්සේගේ පූජකයන් ද ලෙවීවරුන් ද එළවා දමා වෙන දේශවල ජාතීන් මෙන් පූජකයන් නියම කරගත්තෝ නොවන්නහු ද? මෙසේ කැප වන පිණිස ගොනෙකුත්, බැටළුවන් සත්දෙනෙකුත් රැගෙන එන කවුරු නමුත්, නමින් දෙවිවරුන් වූ අයට පූජකයෙක් වන්නේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 ලේකම් 13:9
19 හුවමාරු යොමු  

යම් ජාතියක් තමුන්ගේ දෙවිවරුන් දෙවි නොවන නුමුත් ඔවුන් මාරුකළෝද? එහෙත් මාගේ සෙනඟ තමුන්ගේ මහිමය ප්‍රයෝජන නොවන දේවලට මාරුකරගත්තෝය.


මා විසින් නුඹට අණකළ සියල්ල ලෙස ආරොන්ටද ඔහුගේ පුත්‍රයන්ටද කරන්න. සත් දවසක් එසේ කරමින් නුඹ ඔවුන් කැපකළ යුතුය.


එසේවී නුමුත් නුඹලා ඒ කාලයේදී දෙවියන්වහන්සේ නෑඳින, ස්වභාවෙන් දෙවිවරුන් නොවන්නන්ට වහල්ව සිටියහුය.


මේ පාවුල් වනාහි අත්වලින් කරනලද දෙවිවරු දෙවිවරු නොවෙතියි කියමින් එපීසයෙහි පමණක් නොව මුළු ආසියාවේ සෑම තැනම වාගේ බොහෝ සෙනඟ උගන්වා හරවාගත් බව නුඹලාට දකින්ටද අසන්ටද ලැබී තිබේ.


මක්නිසාද මේකත් ඉශ්‍රායෙල්වරුන්ගෙන්ය; ඒක සෑදුවේ කම්කරුවෙක්ය, ඒක දෙවියන්වහන්සේ නොවේ. එසේය, සමාරියේ වස්සා කැබෙලිකරනු ලබන්නේය.


මා නුඹට කමාවෙන්නේ කොහොමද? නුඹේ දරුවෝ මා අත්හැර දෙවිවරු නොවන්නවුන් ගැන දිවුළෝය. මා විසින් කවා ඔවුන් තෘප්තියට පැමිණෙවුවාට පසුත් ඔව්හු කාමමිථ්‍යාචාරය කළෝය, ඔව්හු රංචුගැසී වේශ්‍යාවන්ගේ ගෙවලට ඇතුල්වුණෝය.


ඕපීර්හි රන් තලෙන්ත තුන් දහසකුත් පවිත්‍රකළ රිදී තලෙන්ත සත්දහසකුත් එසේ දුන්නෙමි. ඉතින් අද අත්පුරා කැමැත්තෙන්ම ස්වාමීන්වහන්සේට පූජාකරන්නේ කවුදැයි කීවේය.


ඔවුන්ගේ දෙවිවරුන් ගින්නෙහි හෙළුවා සැබෑය. මක්නිසාද ඒවා දෙවිවරු නොව මනුෂ්‍යයන්ගේ හස්තකර්මාන්තයවූ ලී සහ ගල් ව තිබුණේය; ඒ නිසා ඔව්හු ඒවා විනාශකළෝය.


මේ දෙයට පසුවවත් යෙරොබොවම් තමාගේ නපුරු මාර්ගයෙන් නොහැරී, නැවතත් සියලු මිනිසුන්ගෙන් උස් තැන්වලට පූජකයන් පත්කෙළේය. කැමතිවූ කොයි අය නුමුත් උස්තැන්වල පූජකයන් වීමට ඔහු කැපකෙළේය.


දෙවියන්වහන්සේ නොවන දේවතාවන්ට, එනම් ඔවුන් නොදැන සිටියාවූ දෙවිවරුන්ට, අලුතෙන් පැමිණි අමුතු දෙවිවරුන්ට ඔව්හු පූජාකළෝය. නුඹලාගේ පියවරු ඒ දෙවිවරුන්ට භය නූණෝය.


ආලේපය ලබා තමාගේ පියා වෙනුවට පූජකකම් කිරීමට පත්වෙන්නාවූ පූජකයා එසේ සමඟිකම කළ යුතුය. ඔහු හණ වස්ත්‍ර එනම් ශුද්ධ වස්ත්‍ර හැඳගන,


ආරොන්ද ඔහුගේ පුත්‍රයන්ද වස්ත්‍රද ආලේප තෙල්ද පාප පූජාවට ගොනාද බැටළුවන් දෙදෙනාද මුහුන් නොදැමූ රොටි පැසද රැගෙන,


මෝසෙස්ද: මෙදින නුඹලා කෙරෙහි ස්වාමීන්වහන්සේ ආශීර්වාදයක් එවන පිණිස එක් එක්කෙනා තම තමාගේ පුත්‍රයාට විරුද්ධවද තම තමාගේ සහෝදරයාට විරුද්ධවද අද උන්වහන්සේට කැපවෙන්නැයි කීය,


පූජක තනතුරෙහි මට මෙහෙකරන පිණිස ඔවුන් විශුද්ධකරන්ට නුඹ විසින් ඔවුන්ට කළ යුතු දේ මේය. පළුදුවක් නැති එක නාඹ ගොනෙක්ද බැටළුවන් දෙදෙනෙක්ද,


ආරොන්ගේ ශුද්ධ වස්ත්‍ර ඔහුගේ පුත්‍රයන් ඇඳගෙන ආලේප කරනුලැබීමටත් පත්කරනුලැබීමටත් ඔහුගෙන් පසු ඔවුන්ට වන්නේය.


නුමුත් අපේ දෙවියන්වහන්සේ නම් ස්වාමීන්වහන්සේය, අපි උන්වහන්සේ අත්නොහැරියෙමුව; ස්වාමීන්වහන්සේට සේවයකරන පූජකයෝවූ ආරොන්ගේ පුත්‍රයෝද තමුන්ගේ මෙහෙයේ යෙදෙන ලෙවීවරුද අපට සිටිති.


එවිට හෙසකියා කථාකොට: දැන් නුඹලාම ස්වාමීන්වහන්සේට කැපවී සිටින බැවින් ළංවී යාගද ස්තුති පූජාද ස්වාමීන්වහන්සේගේ ගෘහයට ගෙනෙන්නැයි කීවේය; සභාව යාගද ස්තුති පූජාද කැමති සියල්ලෝ දවන පූජාද ගෙනාවෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්