Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 ලේකම් 13:11 - Sinhala Revised Old Version

11 ඔව්හු ස්වාමීන්වහන්සේට හැම උදයද හැම සවසද දවන පූජාත් සුවඳ දුම් ඔප්පුකරති. පිදීමේ රොටි රන් මේසය උඩ තබති, රන් පහන්-රුක සමඟ එහි පහන් හැම සවසම දල්වති. මක්නිසාද අපි අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ භාරය පවත්වමුව; නුමුත් නුඹලා උන්වහන්සේ අත්හැරියහුය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

11 ඔව්හු සමිඳාණන් වහන්සේට හැම උදය ද හැම සවස ද දවන යාග පූජා ද සුවඳ දුම් ද ඔප්පු කරති. පිදීමේ රොටි රන් මේසය උඩ පිළිවෙළට තබති. රන් පහන් රුක සමඟ එහි පහන් හැම සවස ම දල්වති. මන්ද, අපි අපේ දෙවි සමිඳාණන් වහන්සේගේ ආගමික වත්පිළිවෙත් පවත්වමු. එහෙත්, ඔබ හැම උන් වහන්සේ අත්හැරියහු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

11 ඔව්හු සමිඳාණන් වහන්සේට හැම උදය ද හැම සවස ද දවන යාග පූජා ද සුවඳ දුම් ද ඔප්පු කරති. පිදීමේ පූප රන් මේසය උඩ පිළිවෙළට තබති. රන් පහන් රුක සමඟ එහි පහන් හැම සවස ම දල්වති. මන්ද, අපි අපේ දෙවි සමිඳාණන් වහන්සේගේ ආගමික වත්පිළිවෙත් පවත්වමු. එහෙත්, ඔබ හැම උන් වහන්සේ අත්හැරියහු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 ලේකම් 13:11
20 හුවමාරු යොමු  

මම මාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ නාමයට ගෘහයක් ගොඩනගා උන්වහන්සේ ඉදිරියෙහි සුවඳ දුම් ඔප්පුකරන පිණිසත්, නිරන්තර පිදීමේ රොටි තබන පිණිසත්, උදේ සවසද සබත් දවස්වලද අමාවක්වලද අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ නියම මංගල්‍යවලදීද දවන පූජා ඔප්පුකරන පිණිසත්, ඒක උන්වහන්සේට කැපකරන්ට යමි. මේක සදාකල්ම ඉශ්‍රායෙල්ට නියෝගයක්ය.


නුඹ පූජාසනය පිට ඔප්පුකළ යුතුදේ නම් මේය; නොකඩව දවස්පතා එක් අවුරුදු බැටළු වස්සෝ දෙදෙනෙක.


ස්වාමීන්වහන්සේගේ ශුද්ධස්ථානයට ඇතුල්ව සුවඳ දුම් ඔප්පුකිරීමට වාරය පූජකයාගේ නිලයේ සිරිත ලෙස පසඇට දැමීමෙන් ඔහුට වැටුණේය.


එය ඉශ්‍රායෙල් පුත්‍රයන් මුළාව ගිය කල ලෙවීවරු මුළාව ගියාක්මෙන් මුළාව නොගොස් මාගේ සේවය පැවැත්තුවාවූ, ශාදොක්ගේ පුත්‍රයන්වූ පවිත්‍රකරනු ලැබූ පූජකයන්ට වන්නේය.


නුමුත් ඉශ්‍රායෙල් පුත්‍රයන් මා වෙතින් මුළාව ගිය විට මාගේ ශුද්ධස්ථානයේ සේවය පැවැත්තුවාවූ ලෙවීවරුන්වූ පූජකයන් වන ශාදොක්ගේ පුත්‍රයන්ට නම් මට සේවයකිරීමට මා ළඟට පැමිණෙන්ටත් තෙල සහ ලේ මට ඔප්පු කිරීමට මා ඉදිරියෙහි සිටින්ටත් පුළුවනැයි ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේක.


නුඹලා මාගේ ශුද්ධවූ සේවය නොපවත්වා, නුඹලා වෙනුවට මාගේ ශුද්ධස්ථානයෙහි මාගේ සේවය පවත්වන්නන් පත්කළහුය.


එවිට ඔව්හු මුහුණින් වැටුණෝය. එවිට මෝසෙස් ආරොන්ට කථාකොට: නුඹේ ධූප භාජනය රැගෙන පූජාසනයෙන් ගිනි අරන් එහි බහා, සුවඳ ද්‍රව්‍ය ලා, වහාම සභාව ළඟට ගෙන ගොස් ඔවුන් උදෙසා සමඟිකමක් කරන්න. මක්නිසාද ස්වාමීන්වහන්සේ කෙරෙන් උදහස නික්ම ගියේය; වසංගතය පටන් ගත්තේයයි කීවේය.


මේක කරන්න; කෝරා සහ ඔහුගේ සමාගමේ සියල්ලෙනි, හෙට ධූප භාජන ගෙන,


වලාකුළ මණ්ඩපය පිට බොහෝ දවස් නැවතුණු කල ඉශ්‍රායෙල් පුත්‍රයෝ ගමන් නොකොට ස්වාමීන්වහන්සේගේ සේවය බලාගත්තෝය.


නුඹේ වංශය අහසේ තරු මෙන් වැඩිකර නුඹේ වංශයට මේ සියලු දේශයන් දෙන්නෙමි. නුඹේ වංශය කරණකොටගෙන පොළොවේ සියලු ජාතීහු ආශීර්වාද ලබන්නෝයයි කීසේක.


නුමුත් අපේ දෙවියන්වහන්සේ නම් ස්වාමීන්වහන්සේය, අපි උන්වහන්සේ අත්නොහැරියෙමුව; ස්වාමීන්වහන්සේට සේවයකරන පූජකයෝවූ ආරොන්ගේ පුත්‍රයෝද තමුන්ගේ මෙහෙයේ යෙදෙන ලෙවීවරුද අපට සිටිති.


එහෙත් ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ සභාව කෙරෙහි උදහස නොපැමිණෙන පිණිස ලෙවීවරු සාක්ෂි මණ්ඩපය වටකරින් කූඩාරම් ගසා ගන්නෝය. ලෙවීවරුන්ම සාක්ෂි මණ්ඩපයේ සේවය භාරගත යුතුයයි කීසේක.


සාලමොන් තීර්හි හූරාම් රජුට පණිවිඩයක් යවමින්: මාගේ පියවූ දාවිත්ට වාසයකිරීමට ගෙයක් ගොඩනැගීම පිණිස ඔබ කිහිරි ලී එවීමෙන් ඔහු සමඟ ක්‍රියාකළාක් මෙන් මා සමඟත් ක්‍රියාකළමැනවි.


දේව වාක්‍යස්ථානය ඉදිරිපිට නියමයේ හැටියට දැල්වීමට පවිත්‍ර රන් පහන්-රුක්ද ඒවායේ පහන්ද;


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්