Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 ලේකම් 12:3 - Sinhala Revised Old Version

3 දොළොස් සියයක් රථද සැටදහසක් අසරුවන්ද ඇතුව යෙරුසලමට විරුද්ධව ආයේය; ඔහු සමඟ මිසරයෙන් ආ සෙනඟ වන ලූබ්වරුද සුක්කිවරුද කූෂ්වරුද ගණනාවක් නැතුව සිටියෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

3 ඔහු රථ එක්දහස් දෙසියයක් ද අසරුවන් සැටදහසක් ද ඇති ව පැමිණියේ ය. ඔහු සමඟ මිසරයෙන් ආ සෙනඟ වන ලුබ්වරු ද සුක්කිවරු ද කුෂ්වරු ද ගණනාවක් නැති ව සිටියහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

3 ඔහු රථ එක්දහස් දෙසියයක් ද අසරුවන් සැටදහසක් ද ඇති ව පැමිණියේ ය. ඔහු සමඟ මිසරයෙන් ආ සෙනඟ වන ලුබ්වරු ද සුක්කිවරු ද කුෂ්වරු ද ගණනාවක් නැති ව සිටියහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 ලේකම් 12:3
15 හුවමාරු යොමු  

කූෂ් සහ මිසරය ඇගේ බලයය, නිමක්ද නැත; පූට් සහ ලූබ්වරු නුඹේ උපකාරකාරයෝ වූවෝය.


කූෂ්වරුන්ද ලූබ්වරුන්ද රථ සහ අසරුවන් මහත් රාශියක් ඇති මහත් සේනාවක්ව සිටියා නොවේද? එහෙත් නුඹ ස්වාමීන්වහන්සේ කෙරෙහි විශ්වාසය තැබූ නිසා උන්වහන්සේ ඔවුන් නුඹ අතට පාවාදුන්සේක.


ඔහු මිසරයේ රන් රිදී නිධානද සියලු අගේ ඇති දේවල්ද කෙරෙහි බලය පවත්වන්නේය. ලූබ්වරුද කූෂ්වරුද ඔහුගේ අඩිපාරේ යන්නෝය.


අසරු සේනාවල ගණන විසිකෝටියක්ය. ඔවුන්ගේ ගණන කියනවා ඇසීමි.


කූෂ්වරුද පූට්වරුද ලූද්වරුද මුළු මිශ්‍ර සේනාවද කූබ්වරුද ගිවිසුමට බැඳුණු දේශයේ පුත්‍රයෝද ඔවුන් සමඟ කඩුවෙන් වැටෙන්නෝය.


මක්නිසාද මම නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේය, නුඹේ ගැළවුම්කාරයා වන ඉශ්‍රායෙල්ගේ ශුද්ධ තැනන්වහන්සේය; නුඹේ මිදීමේ මිලය පිණිස මිසරයද නුඹ වෙනුවට කූෂ් සහ සෙබාද දුනිමි.


ස්වාමීන්වහන්සේ ආසා සහ යූදාවරුන් ඉදිරියෙහි කූෂ්වරුන් පැරදවූසේක; කූෂ්වරු පලාගියෝය.


ඔවුන්ට විරුද්ධව කූෂ්හි සෙරා දශලක්ෂයක් සෙනඟද රථ තුන්සියයක්ද අඩංගුවූ සේනාවක් ඇතුව පිටත්වී මාරෙෂා දක්වා ආයේය.


සිරියවරුද දාවිත්ට විරුද්ධව යුද්ධයට සැරසී ඔහු සමඟ සටන්කළවිට ඔව්හු ඉශ්‍රායෙල් ඉදිරියෙන් පලාගියෝය; දාවිත් සිරියවරුන්ගෙන් රථ සත්සියයක මිනිසුන්ද අසරුවන් සතළිස් දහසක්ද මරා ඔවුන්ගේ සේනාපතිවූ ෂෝබාටත් පහරදුන්නේය, ඔහුද එහිදී මළේය.


පිලිස්තිවරු ඉශ්‍රායෙල් සමඟ යුද්ධකරන පිණිස රථ තිස්දාහක්ද අසරුවන් හයදහසක්ද ගණනින් මුහුදු වෙරෙළ් වැලිමෙන් වූ සෙනඟක්ද ඇතුව රැස්වී ඇවිත් බෙතාවෙන්ට නැගෙනහිරෙන් මික්මාෂ්හි කඳවුරු බැඳගත්තෝය.


මක්නිසාද ඔව්හු තමුන්ගේ ගවයන්ද කූඩාරම්ද ඇතුව නැගී ආවෝය, ඔව්හුද ඔවුන්ගේ ඔටුවෝද ගණනින් පළඟැටියන් මෙන් ගණනාවක් නැතුව ඇවිත්, දේශය විනාශකරන පිණිස එහි ඇතුල්වුණෝය.


සිසෙරා තමාගේ සියලු රථ එනම් යකඩ රථ නවසියයක්ද තමා සමඟ සිටි මුළු සෙනඟද ජාතීන්ට අයත් හරොෂෙත්හි සිට කීෂොන් ඔය ළඟට අඬගස්වාගත්තේය.


මක්නිසාද ස්වාමීන්වහන්සේ රථ ඝෝෂාවක්ද අශ්ව ඝෝෂාවක්ද යන මහත් සේනාවක ඝෝෂාවක් සිරියවරුන්ගේ සේනාවට ඇසෙන්ට සැලැස්වූසේක. ඔව්හු එකිනෙකාට කථාකොට: ඉශ්‍රායෙල් රජ හිත්තීවරුන්ගේද මිසරවරුන්ගේද රජුන් අපිට විරුද්ධව කුලියට ගෙන්වාගත්තේය කියා,


යූදාවරුන්ගෙන් පලිස් සහ හෙල්ල දරන තුන්ලක්ෂයකින්ද බෙන්යමින්ගෙන් පලිස් දරන දුනුගත් දෙලක්ෂ අසූදහසකින්ද යුක්තවූ සේනාවක් ආසාට සිටියාය. මේ සියල්ලෝ බලවත් වික්‍රමාන්විත මනුෂ්‍යයෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්