Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 ලේකම් 11:16 - Sinhala Revised Old Version

16 යළිදු, ලෙවීවරුන්ට පසු සියලු ඉශ්‍රායෙල් ගෝත්‍රවලින් ඉශ්‍රායෙල්වරුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ සොයන්ට තමුන්ගේ සිත් යොමුකරගත් අය තමුන්ගේ පියවරුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට පූජාකරන පිණිස යෙරුසලමට ආවෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

16 ලෙවීවරුන්ට පසු, සියලු ඉශ්රායෙල් ගෝත්‍රවලින් ඉශ්රායෙල්ගේ දෙවි සමිඳාණන් වහන්සේට වැඳුම්පිදුම් කිරීමට තමන් සිත් යොමු කරගත් අය තමන්ගේ පියවරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේට පූජා කරන පිණිස ජෙරුසලමට ආවෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

16 ලෙවීවරුන්ට පසු, සියලු ඉශ්රායෙල් ගෝත්‍රවලින් ඉශ්රායෙල්ගේ දෙවි සමිඳාණන් වහන්සේට වැඳුම්පිදුම් කිරීමට තමන් සිත් යොමු කරගත් අය තමන්ගේ පියවරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේට පූජා කරන පිණිස ජෙරුසලමට ආවෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 ලේකම් 11:16
28 හුවමාරු යොමු  

තවද ඔහු සියලු යූදාවරුන්ද බෙන්යමින්වරුන්ද ඔවුන් සමඟ එප්‍රායිම්ගෙන්ද මනස්සේගෙන්ද සිමියොන්ගෙන්ද ඇවිත් සිටියාවූ ආගන්තුකයන්ද රැස්කරගත්තේය. මක්නිසාද ඔහුගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔහු සමඟ සිටින බව දුටු කල ඉශ්‍රායෙල්ගෙන් බොහෝ දෙනෙක් ඔහුට එකතුවුණෝය.


ඔහු ඇවිත් දෙවියන්වහන්සේගේ අනුග්‍රහය දැක, සන්තෝෂවී, ස්වාමීන්වහන්සේ කෙරෙහි ස්ථිර සිතින් ඇලුම්ව සිටින්ට ඔවුන් සියල්ලන්ට අවවාදකෙළේය.


එබැවින් සේනාවල ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: නුඹලාගේ මාර්ග සිතට ගන්න.


ඔව්හු මාගේ සෙනඟගේ පාපයෙන් පෝෂ්‍යවෙති, ඔවුන් වරදකරනවාටත් ආශාවෙති.


රජ මේ වචන ඇසූ කල ඉතා අමනාපවී, දානියෙල් ගළවන්ට තමාගේ සිත ඔහු කෙරෙහි තබා, ඔහු නිදහස්කරන්ට ඉර බසින තුරු උත්සාහකෙළේය.


දෙවියන්වහන්ස, මාගේ සිත ස්ථිරය; මම ගී කියන්නෙමි, එසේය, මාගේ මහිමයෙන් ප්‍රශංසා ගී කියන්නෙමි.


බලාත්කාරකම කෙරෙහි විශ්වාස නොකරව්, කොල්ලකෑම ගැන අහංකාර නොවව්. වස්තු වැඩිවුණොත් ඒවා කෙරෙහි සිත නොතබව්.


උන්වහන්සේ තමන් සිත මනුෂ්‍යයා දෙසට යොමුකොට, ඔහුගේ ආත්මයද හුස්මද තමන් වෙතට එකතුකරගත්තොත්,


එසේ වුවත් ආෂෙර්හිද මනස්සේහිද සාබුලොන්හිද නොයෙක් දෙනෙක් යටත්වී යෙරුසලමට ආවෝය.


එවිට දාවිත් කථාකොට: දෙවිවූ ස්වාමීන්වහන්සේගේ ගෘහය මේය, ඉශ්‍රායෙල්ගේ දවන පූජා ඔප්පුකරන පූජාසනයද මේයයි කීවේය.


ස්වාමීන්වහන්සේගේ නාමයට අයිති ගෞරවය දෙව්. පඬුරක් රැගෙන උන්වහන්සේ ඉදිරියට එව්. ශුද්ධවූ අලංකාරය ඇතුව ස්වාමීන්ට නමස්කාරකරව්.


නුඹලාගේ උරුම දේශය අපවිත්‍ර නම් ස්වාමීන්වහන්සේගේ මණ්ඩපය පිහිටුවා තිබෙන උන්වහන්සේගේ උරුම දේශයට එතරව අප අතරේ උරුමය ගන්න. නුමුත් අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ පූජාසනය හැර නුඹලාට වෙන පූජාසනයක් ගොඩනැගීමෙන් ස්වාමීන්වහන්සේටත් අපටත් විරුද්ධව කැරළි නොගසන්න.


මේ ව්‍යවස්ථාවේ සියලු වචනවල ප්‍රකාරයට කරන්ට බලාගන්න හැටියට නුඹලාගේ දරුවන්ට නුඹලා අණකරන පිණිස මා අද නුඹලාට ස්ථිරකර කියන්නාවූ සියලු වචනවලට නුඹලාගේ සිත් යොමුකරන්න.


නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ තමන්ගේ නාමය පිහිටුවන්ට තෝරාගන්නාවූ ස්ථානයට මා විසින් නුඹලාට අණකරන නුඹලාගේ දවන පූජාද යාග පූජාද දසයෙන් කොටස්ද නුඹලාගේ අතෙහි එසවීම් පූජාවද නුඹලා කැමැත්තෙන්ම වෙන්නාවූ නුඹලාගේ සියලු විශිෂ්ට බාරද ගෙනවුත්,


ස්වාමීන්වහන්සේගේ වචනය නොසැලකූ තැනැත්තේ තමාගේ වැඩකාරයන්ද සිව්පාවුන්ද කෙතෙහි සිටින්ට හැරියේය.


ඉතින් නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ සොයන්ට නුඹලාගේ සිතත් ආත්මයත් යොමුකරන්න; ස්වාමීන්වහන්සේගේ නාමයට ගොඩනගන්ට තිබෙන ගෘහය තුළට ස්වාමීන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටියද දෙවියන්වහන්සේගේ ශුද්ධ භාණ්ඩද ගෙනයන පිණිස නැගිට දෙවිවූ ස්වාමීන්වහන්සේගේ ශුද්ධස්ථානය ගොඩනගන්නැයි කීවේය.


මෙසේ ඔව්හු යූදා රාජ්‍යය ශක්තිමත්කොට සාලමොන්ගේ පුත්‍රවූ රෙහොබොවම් තුන් අවුරුද්දකට ස්ථිරකළෝය. මක්නිසාද ඔව්හු තුන් අවුරුද්දක් දාවිත්ගේද සාලමොන්ගේද මාර්ගයෙහි හැසුරුණෝය.


තවද ඔව්හු තමුන්ගේ පියවරුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ තමුන්ගේ මුළු සිතින්ද මුළු ආත්මයෙන්ද සොයන්ටත්,


සියලු යූදාවරු ඒ දිවුරුම ගැන ප්‍රීතිවූහ. මක්නිසාද ඔව්හු තමුන්ගේ මුළු සිතින් දිවුරා, තමුන්ගේ මුළු කැමැත්තෙන් උන්වහන්සේ සෙවුවෝය; ස්වාමීන්වහන්සේද ඔවුන්ට සම්බව හාත්පසින්ම ඔවුන්ට විශ්‍රාමය දුන්සේක.


එසේ වුවත් නුඹ අෂේරා කණු දේශයෙන් පහකරදැමීමද, දෙවියන්වහන්සේ සෙවීමට නුඹේ සිත යොමුකිරීමද නම්වූ යහපත් කාරණා නුඹට ඇත්තේයයි කීවේය.


එවිට යෙහෝෂාපාට් භයවී, ස්වාමීන්වහන්සේ සොයන්ට සිත යොමුකර, යූදා මුළුල්ලෙහි උපවාසයක් ප්‍රකාශකෙළේය.


ස්වාමීන්වහන්සේගෙන් පිහිට ඉල්ලන පිණිස යූදාවරු රැස්වූවෝය. යූදාහි සියලු නුවරවලින් ඔව්හු ස්වාමීන්වහන්සේ සොයන්ට ආවෝය.


එක් නුවරක වැසියෝ තවත් නුවරකට ගොස්–අපි ස්වාමීන්වහන්සේට කන්නලව්කරන්ටත් සේනාවල ස්වාමීන්වහන්සේ සොයන්ටත් ඉක්මනින් පිටත්ව යමු, මමත් යමියි කියන්නෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්