Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 ලේකම් 11:12 - Sinhala Revised Old Version

12 යළිත් හෙතෙම එක එක නුවර පලිස් සහ හෙල්ල තබා, ඒවා ඉතා බලවත් ලෙස සවිකෙළේය. ඔහුට තිබුණේ යූදා සහ බෙන්යමින් ප්‍රදේශවල්ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

12 යළිත් හෙතෙම එක එක නගරයෙහි පලිස් සහ හෙල්ල තැබී ය. ඔහු ඒවා ඉතා බලවත් ලෙස ශක්තිමත් කෙළේ ය. එසේ කෙළේ, ජුදා සහ බෙන්ජමින් පෙදෙස්වල සෙනඟ මෙල්ල කරන පිණිස ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

12 යළිත් හෙතෙම එක එක නගරයෙහි පලිස් සහ හෙල්ල තැබී ය. ඔහු ඒවා ඉතා බලවත් ලෙස ශක්තිමත් කෙළේ ය. එසේ කෙළේ, ජුදා සහ බෙන්ජමින් පෙදෙස්වල සෙනඟ මෙල්ල කරන පිණිස ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 ලේකම් 11:12
10 හුවමාරු යොමු  

ඔහු ධෛර්ය උපදවාගෙන, කඩා වැටී තිබුණු මුළු පවුර කොත් දක්වා ගොඩනැගුවේය, පිටතින් ඔහු තවත් පවුරක් ගොඩනගා, දාවිත්ගේ නුවර තිබුණ මිල්ලෝ සවිකර, බොහෝ ආයුධ හා පලිස් සෑදුවේය.


නුමුත් අබ්සලොම් අම්නොන්ට හොඳක්වත් නරකක්වත් කථා නොකෙළේය. මක්නිසාද තමාගේ සහෝදරීවූ තාමර්ට අම්නොන් අවනම්බු කළ බැවින් අබ්සලොම් ඔහුට වෛර බැන්දේය.


එවිට තාමර් තමාගේ හිසේ අලු දමාගන, ඇඳගන සිටිය නානා වර්ණ වස්ත්‍රය ඉරාගන, හිසේ අත තබාගන, කෑගසමින් ගියාය.


ඔහු බලකොටු සවිකර, එහි අධිපතීන් සිටුවා, ආහාර සහ තෙල්ද මුද්‍රිකපානයද රැස්කොට තැබුවේය.


සියලු ඉශ්‍රායෙල්වරුන් අතරෙහි සිටි පූජකයෝද ලෙවීවරුද තමුන්ගේ සියලු පළාත්වලින් ඔහු වෙතට ආවෝය.


නුමුත් යූදා නුවරවල විසූ ඉශ්‍රායෙල් පුත්‍රයන් කෙරෙහි රෙහොබොවම් රජකම්කෙළේය.


ඔහු ආසාගේ පෙරමගට ගොස් කථාකොට: ආසා සහ සියලු යූදාවරුනි, බෙන්යමින්වරුනි, මට ඇහුම්කන්දෙන්න, නුඹලා ස්වාමීන්වහන්සේ සමඟ සිටින තුරු උන්වහන්සේ නුඹලා සමඟ සිටිනසේක; නුඹලා උන්වහන්සේ සොයනවා නම් උන්වහන්සේ නුඹලාට සම්බවෙනවා ඇත. නුඹලා උන්වහන්සේ අත්හැරියොත් උන්වහන්සේද නුඹලා අත්හරිනවා ඇත.


යෙහෝෂාපාට් අතිශයින් උතුම්ව යූදාහි බලකොටුද ගබඩා නුවරවල්ද ගොඩනැගුවේය.


නුඹ එක ලීයක් රැගෙන–යූදාටත් ඔහුගේ සමාගම්කාරයන් වන ඉශ්‍රායෙල් පුත්‍රන්ටත්ය කියා ඒක පිට ලියා, තව ලීයක් රැගෙන–යෝසෙප්ට අයිති එප්‍රායිම්ගේද ඔහුගේ සමාගම්කාරයන් වන මුළු ඉශ්‍රායෙල් වංශයේද ලීයය කියා ඒක පිට ලියා,


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්