Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




1 සාමුවෙ 9:22 - Sinhala Revised Old Version

22 තවද සාමුවෙල් සාවුල් හා ඔහුගේ වැඩකාරයත් කැඳවාගෙන ආගන්තුක ශාලාවට ඇතුල්වී, ගණනින් තිහක් පමණ වූ කැඳවනලද මනුෂ්‍යයින් අතරේ ප්‍රධාන ස්ථානයෙහි ඔවුන් හින්දෙවුවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

22 එවිට සාමුවෙල්, සාවුල් සහ ඔහුගේ වැඩකාරයා කැඳවාගෙන, කෑම ශාලාවට ඇතුළු වී, ගණනින් තිහක් පමණ වූ ආරාධිතයන් අතරේ ප්‍රධාන ස්ථානයෙහි ඔවුන්ට අසුන් දුන්නේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

22 එවිට සාමුවෙල්, සාවුල් සහ ඔහුගේ වැඩකාරයා කැඳවාගෙන, කෑම ශාලාවට ඇතුළු වී, ගණනින් තිහක් පමණ වූ ආරාධිතයන් අතරේ ප්‍රධාන ස්ථානයෙහි ඔවුන්ට අසුන් දුන්නේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 සාමුවෙ 9:22
4 හුවමාරු යොමු  

ඔව්හු ඔහුට වෙනමද ඔවුන්ට වෙනමද ඔහු සමඟ කන මිසරවරුන්ට වෙනමද කෑම ඇරියෝය. කුමක්හෙයින්ද මිසරවරුන්ට හෙබ්‍රෙව්වරුන් සමඟ කන්ට නුපුළුවන; මක්නිසාද ඒක මිසරවරුන්ට පිළිකුලක්ය.


නුමුත් නුඹ කැඳවනු ලැබූ කල, ගොස් පහත් ස්ථානයෙහි ඉඳගන්න; එවිට නුඹ කැඳවූ තැනැත්තේ ඇවිත්: යහළුව, ඉහළ ඉඩමකට එන්නැයි නුඹට කීවොත්, නුඹ සමඟ කෑමට හිඳින සියල්ලන් ඉදිරියෙහි නුඹ ගෞරව ලබන්නෙහිය.


සාවුල් උත්තර දෙමින්: මම ඉශ්‍රායෙල් ගෝත්‍රවලින් ඉතා කුඩා එකක්ව තිබෙන බෙන්යමින් ගෝත්‍රයේ කෙනෙක් නොවම්ද? මාගේ පවුල වනාහි බෙන්යමින් ගෝත්‍රයේ සියලු පවුල්වලින් සුළු එක නොවේද? එසේ නම් ඔබ මෙයාකාර මට කථාකරන්නේ මක්නිසාදැයි ඇසුවේය.


සාමුවෙල් අරක්කැමියාට කථාකොට: නුඹ ළඟ තබාගන්ට කියා මා නුඹට දුන්නාවූ කොටස මෙහි ගෙනෙන්නැයි කීවේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්