Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 සාමුවෙ 7:14 - Sinhala Revised Old Version

14 පිලිස්තිවරුන් විසින් එක්‍රොන් පටන් ගාත් දක්වා ඉශ්‍රායෙල්වරුන්ගෙන් ගත්තාවූ නුවරවල් ඉශ්‍රායෙල්වරුන්ට නැවත ලැබුණේය; ඉශ්‍රායෙල්වරු ඒවායේ සීමාවලුත් පිලිස්තිවරුන්ගේ අතින් ගළවාගත්තෝය. ඉශ්‍රායෙල්වරුන් හා අමෝරිවරුන් අතරේ සමාදානය පැවතුණේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

14 පිලිස්තිවරුන් විසින් එක්‍රොන් සිට ගාත් දක්වා ඉශ්රායෙල්වරුන්ගෙන් ගන්නා ලද නගර ආපසු ඉශ්රායෙල්වරුන්ට දෙන ලද්දේ ය. ඉශ්රායෙල්වරු සියලු දේශ සීමාවන් පිලිස්තිවරුන්ගේ අතෙන් මුදාගත්හ. ඉශ්රායෙල්වරුන් හා අමෝරිවරුන් අතර සාමදානය ද පැවතිණි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

14 පිලිස්තිවරුන් විසින් එක්‍රොන් සිට ගාත් දක්වා ඉශ්රායෙල්වරුන්ගෙන් ගන්නා ලද නගර ආපසු ඉශ්රායෙල්වරුන්ට දෙන ලද්දේ ය. ඉශ්රායෙල්වරු සියලු දේශ සීමාවන් පිලිස්තිවරුන්ගේ අතෙන් මුදාගත්හ. ඉශ්රායෙල්වරුන් හා අමෝරිවරුන් අතර සාමදානය ද පැවතිණි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 සාමුවෙ 7:14
8 හුවමාරු යොමු  

ස්වාමීන් අණකළ ලෙස ඔව්හු මනුෂ්‍ය වර්ගයන් විනාශ නොකොට,


නුමුත් හාශොර්හි රජවූ යාබින් හා කේනියවූ හෙබෙර්ගේ වංශය අතරේ සමාදානය තිබුණු බැවින් සිසෙරා කේනිය හෙබෙර්ගේ භාර්යාවවූ යායෙල්ගේ කූඩාරමට පයින් පලා ගියේය.


නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹට පාවාදෙන සියලු මනුෂ්‍ය වර්ගයන් නැතිකරන්න; නුඹේ ඇස ඔවුන්ට අනුකම්පා නොකෙරේවා. ඔවුන්ගේ දෙවිවරුන්ට සේවය නොකරන්න; මක්නිසාද ඒක නුඹට මලපතක් වන්නේය.


නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔවුන් නුඹ අතට පාවාදෙන්ටත් නුඹ ඔවුන්ට පහරදෙන්ටත් යෙදෙන කල්හිද නුඹ ඔවුන් සමඟ කිසි ගිවිසුමක් නොකොට, ඔවුන්ට කරුණා නොකොට, ඔවුන් සහමුලින්ම විනාශකර දමන්න.


අමලෙක්වරු දකුණු දිසාවේ රටෙහි වාසය කරති. හිත්තීවරුත් යෙබූසිවරුත් අමෝරිවරුත් කඳුකරයෙහි වාසයකරති. කානානිවරු මුහුද බඩද යොර්දාන් අසබඩද වාසයකරතියි කීවෝය.


එබැවින් අමෝරිවරුන්ගේ රජවරු පස්දෙන එනම් යෙරුසලමේ රජද හෙබ්‍රොන්හි රජද යර්මුත්හි රජද ලාකීෂ්හි රජද එග්ලොන්හි රජද එකතුව ඔව්හුද ඔවුන්ගේ සියලු සේනාවෝද ගොස් ගිබියොන් ඉදිරියේ කඳවුරු බැඳ ඊට විරුද්ධව යුද්ධ කළෝය.


එතනින් සීමාව එක්‍රොන්ට උතුරු පැත්තෙන් ගොස් ෂීක්කෙරොන්ට වැටී, එතනින් බාලා කන්දට ගොස් යබ්නෙයෙල්ට වැටී, මුහුද ළඟ කෙළවරවුණේය.


මින්පසු දාවිත් පිලිස්තිවරුන්ට පහරදී ඔවුන් යටත්කරගන, ගාත්ද ඊට අයිති නුවරවල්ද පිලිස්තිවරුන්ගේ අතින් ගත්තේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්