Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




1 සාමුවෙ 6:18 - Sinhala Revised Old Version

18 තවද ඔවුන් ස්වාමීන්වහන්සේගේ පෙට්ටිය තැබුවාවූ බෙත්-ෂෙමිය යෝෂුවාගේ කෙතෙහි අද වන තෙක් පවත්නාවූ මහ ගල දක්වා තිබෙන පවුරු සහිත නුවරවල්ද පිටිසර ගම්ද ඇතුළුව අධිපතීන් පස්දෙනාට අයිතිවූ පිලිස්තිවරුන්ගේ සියලු නුවරවල ගණනේ හැටියට දුන් රන් මීයෝ මේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

18 ඒ නගරවලට පවුරු සහිත නගර ද පිටිසර ගම් ද ඇතුළත් ය. ඔවුන් සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව තැබූ බෙත්-ෂෙමෙෂ්හි ජෝෂුවාගේ කෙතෙහි විශාල ගල, මේ සිද්ධිය සම්බන්ධයෙන් සාක්ෂියක් වශයෙන් අද දක්වා ම තිබේ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

18 ඒ නගරවලට පවුරු සහිත නගර ද පිටිසර ගම් ද ඇතුළත් ය. ඔවුන් සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව තැබූ බෙත්-ෂෙමෙෂ්හි ජෝෂුවාගේ කෙතෙහි විශාල ගල, මේ සිද්ධිය සම්බන්ධයෙන් සාක්ෂියක් වශයෙන් අද දක්වා ම තිබේ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 සාමුවෙ 6:18
4 හුවමාරු යොමු  

මේ සියලු නුවරවල් උස්වූ පවුරුවලින්ද ද්වාරවලින්ද අගුල්වලින්ද සුරක්ෂිතකර තිබුණේය; ඒවා ඇර පවුරු නැති නුවරවල් මහත් ගණනක්ද අල්ලාගතිමු.


පිලිස්තිවරුන්ගේ සියලු පළාත් වන ගාසාවරුද අෂ්දොද්වරුද අෂ්කෙලොන්වරුද ගිත්තීවරුද එක්‍රොන්වරුද යන පිලිස්තිවරුන්ගේ අධිපතීන් පස්දෙනාගේ පළාත් සහ මුළු ගෙෂූරත් අව්විවරුන්ගේ පළාතත්ය.


එවිට ඔව්හු: උන්වහන්සේට මොන අපරාධ පූජාවක්දී හරින්නෙමුදැයි ඇසුවෝය. ඔව්හු කථාකොට: පිලිස්තිවරුන්ගේ අධිපතීන්ගේ ගණන ලෙස රන් ගඩු පසකුත් රන් මීයන් පසකුත්ය. මක්නිසාද නුඹලා සියල්ලන්ද නුඹලාගේ අධිපතීන්ද කෙරෙහි පැමුණුණේ එක පීඩාවක්ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්