Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 සාමුවෙ 6:14 - Sinhala Revised Old Version

14 ගැළද බෙත්-ෂෙමියවූ යෝෂුවාගේ කෙතට පැමිණ එහි නැවතුණේය, එහි ලොකු ගලක් තිබුණේය. ඔව්හු ගැළේ ලී පළා, එළදෙනුන් ස්වාමීන්වහන්සේට දවන පූජාවක් කොට ඔප්පුකළෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

14 ගැල ද බෙත්-ෂෙමෙෂ්හි ජෝෂුවාගේ කෙතට පැමිණ එහි නැවතුණේ ය. එහි ලොකු ගලක් තිබුණේ ය. සෙනඟ ගැලේ ලී පළා, එළදෙනුන් සමිඳාණන් වහන්සේට දවන යාග පූජාවක් කොට ඔප්පු කළෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

14 ගැල ද බෙත්-ෂෙමෙෂ්හි ජෝෂුවාගේ කෙතට පැමිණ එහි නැවතුණේ ය. එහි ලොකු ගලක් තිබුණේ ය. සෙනඟ ගැලේ ලී පළා, එළදෙනුන් සමිඳාණන් වහන්සේට දවන යාග පූජාවක් කොට ඔප්පු කළෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 සාමුවෙ 6:14
13 හුවමාරු යොමු  

අරව්නාද: මාගේ ස්වාමිවූ රජ්ජුරුවෝ තමන්ට හොඳව පෙනෙන දෙයක් රැගෙන පූජාකෙරෙත්වා. මෙන්න, දවන පූජාවට ගවයෝ සිටිති, දර පිණිස මඩින යන්ත්‍රද ගවයන්ගේ වියගස්ද තිබේ.


පසුවදා සෙනඟ අලුයම නැගිට පූජාසනයක් ගොඩනගා දවන පූජාද ශාන්ති පූජාද ඔප්පුකළෝය.


එවිට ඔහු වෙතින් ඔහු හැරී ගොස් ගවයන් බාන රැගෙන මරා, ගවයන්ගේ වියදඬුවලින් උන්ගේ මස් තම්බා, මිනිසුන්ට දුන්නේය. ඔව්හුද කෑවෝය. පසුව ඔහු නැගිට එලියා අනුව ගොස් ඔහුට සේවයකෙළේය.


එහි දාවිත් ස්වාමීන්වහන්සේට පූජාසනයක් ගොඩනගා දවන පූජාද ශාන්ති පූජාද ඔප්පුකෙළේය. එවිට ස්වාමීන්වහන්සේ දේශය ගැන කන්නලව්ව පිළිගත්සේක, වසංගතයද ඉශ්‍රායෙල් අතරෙන් නැවතුණේය.


එදින ගාද් දාවිත් ළඟට අවුත්: නුඹ ගොස් යෙබූසිය අරව්නාගේ පාවරේ ස්වාමීන්වහන්සේට පූජාසනයක් ගොඩනගන්නැයි ඔහුට කීවේය.


මට යන්ට අවසර දුන මැනවි; මක්නිසාද ඒ නුවර අපේ පවුලේ පූජාවක් ඇත්තේය; මාගේ සහෝදරයාද එහි එන්ට මට අණ කෙළේය. එබැවින් නුඹේ ඇස් හමුවෙහි මට කරුණාව ලැබී තිබේනම් මාගේ සහෝදරයන් දකින පිණිස යන්ට මට අවසර ලැබේවයි කියා සිටියේය. ඔහු රජ්ජුරුවන්ගේ මේසයට නාවේ ඒ නිසා යයි කීවේය.


ඒ වේලාවට සාවුල් කෙතේ සිට හරකුන් පස්සෙන් ආවේය. තවද: සෙනඟ අඬන්නේ කුමන කාරණයක් නිසාදැයි සාවුල් ඇසුවේය. ඔව්හු යාබෙෂ්හි මනුෂ්‍යයන්ගේ වචන ඔහුට දැන්නුවෝය.


මේ බලකොටුව මුදුනේ නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේට පූජාසනයක් නිසි පිළිවෙළට සාදා, දෙවෙනි ගොනා ගෙන නුඹ කපන්නාවූ අෂේරා කණුවේ ලීවලින් ඌ දවන පූජාවක්කොට ඔප්පුකරන්නැයි කීසේක.


පස්වලින් පූජාසනයක් මට සාදා නුඹේ දවන පූජාද නුඹේ ශාන්ති පූජාද නුඹේ බැටළුවන්ද නුඹේ ගවයින්ද එහි පූජාකරව. මා විසින් මාගේ නාමය සඳහන් කරන සියලු තැන්වලදී නුඹ වෙතට අවුත් නුඹට ආශීර්වාදකරන්නෙමි.


බෙත්-ෂෙමෙෂ්හි මිනිස්සු මිටියාවතේ තිරිඟු කපමින් සිටියෝය. ඔව්හු ඇස් ඔසවා බලා පෙට්ටිය දැක, ඒක දුටු නිසා ප්‍රීතිවූහ.


තවද ඔවුන් ස්වාමීන්වහන්සේගේ පෙට්ටිය තැබුවාවූ බෙත්-ෂෙමිය යෝෂුවාගේ කෙතෙහි අද වන තෙක් පවත්නාවූ මහ ගල දක්වා තිබෙන පවුරු සහිත නුවරවල්ද පිටිසර ගම්ද ඇතුළුව අධිපතීන් පස්දෙනාට අයිතිවූ පිලිස්තිවරුන්ගේ සියලු නුවරවල ගණනේ හැටියට දුන් රන් මීයෝ මේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්