Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




1 සාමුවෙ 4:19 - Sinhala Revised Old Version

19 ඔහුගේ ලේලි වන පීනෙහාස්ගේ භාර්යාව ගර්භිණීව බිහිකරන්ට ළංව සිටියාය. දෙවියන්වහන්සේගේ පෙට්ටිය අසුවූ බවත් ඇගේ මාමණ්ඩියද පුරුෂයාද මැරුණු බවත් ඈ ඇසූ කල, ප්‍රසව වේදනා හටගෙන නැබුරුවී බිහිකළාය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

19 ඒලීගේ ලේලී යන පිනේහාස්ගේ බිරිඳ ගැබ්ගෙන දරුවෙකු ලබන්නට ආසන්න ව සිටියා ය. දෙවියන් වහන්සේගේ ගිවිසුම් කරඬුව සතුරන් අතට අසු වූ බවත්, ඇගේ මාමණ්ඩිය ද ස්වාමි පුරුෂයා ද මැරුණ බවත් ඈ ඇසූ කල, ප්‍රසව වේදනාව හටගෙන ඈ නැඹුරු වී දරුවා බිහි කළා ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

19 ඒලීගේ ලේලී යන පිනේහාස්ගේ බිරිඳ ගැබ්ගෙන දරුවෙකු ලබන්නට ආසන්න ව සිටියා ය. දෙවියන් වහන්සේගේ ගිවිසුම් කරඬුව සතුරන් අතට අසු වූ බවත්, ඇගේ මාමණ්ඩිය ද ස්වාමි පුරුෂයා ද මැරුණ බවත් ඈ ඇසූ කල, ප්‍රසව වේදනාව හටගෙන ඈ නැඹුරු වී දරුවා බිහි කළා ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 සාමුවෙ 4:19
7 හුවමාරු යොමු  

උන්වහන්සේ ස්ත්‍රියට කථාකොට: නුඹේ ශෝකය හා ගැබ්ගැනීම බොහෝසෙයින් වැඩිකරන්නෙමි; නුඹ වේදනා සහිතව දරුවන් වදන්නීය; නුඹේ ආශාව නුඹේ පුරුෂයා කෙරෙහි වන්නේය; ඔහු නුඹ කෙරෙහි බලපවත්වන්නේයයි කීසේක.


තවද ඇගේ වැදීමේ අමාරුවේදී වින්නඹුව ඈට කථාකොට: භයනොවෙන්න; නුඹ තව පුත්‍රයෙකු ලබන්නෙහියයි කීවාය.


ඒ කාලයෙහි යෙරොබොවම්ගේ පුත්‍රවූ අබියා ලෙඩ වුණේය.


ඔවුන්ගේ පූජකයෝ කඩුවෙන් වැටුණෝය; ඔවුන්ගේ වැන්දඹුවෝ නොවැලපුණෝය.


මම මේ ගෘහය ෂීලෝ මෙන් කරන්නෙමි, මේ නුවරද පොළොවේ සියලු ජාතීන්ට ශාප-වාක්‍යයක් කරන්නෙමියි කියන්න.


ඔහු දෙවියන්වහන්සේගේ පෙට්ටිය ගැන සඳහන්කළ විට, ඒලී හුනස්නෙන් දොරටුව සමීපයෙහි පස්සට වැටී බෙල්ල කැඩී මළේය. මක්නිසාද ඔහු මහලු මනුෂ්‍යයෙක්ව බරව සිටියේය. ඔහු සතළිස් අවුරුද්දක් ඉශ්‍රායෙල් විනිශ්චයකෙළේය.


ඈ මැරෙන වේලාවේ ඈ ළඟ සිටි ස්ත්‍රීහු කථාකොට: භයනොවන්න; නුඹ පුත්‍රයෙකු බිහිකළායයි ඈට කීවෝය. නුමුත් ඈ උත්තර දුන්නේවත් සැලකුවේවත් නැත.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්