Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 සාමුවෙ 4:17 - Sinhala Revised Old Version

17 පණිවිඩකාරයා උත්තර දෙමින්: ඉශ්‍රායෙල්වරු පිලිස්තිවරුන් ඉදිරියෙන් පලාගියෝය, සෙනඟ අතරේ මහත් නාස්තියක්ද වුණේය, ඔබගේ පුත්‍රයන් දෙදෙනා වන හොප්නීද පීනෙහාස්ද මළෝය, දෙවියන්වහන්සේගේ පෙට්ටියත් අසුවුණායයි කීවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

17 පණිවුඩකාරයා උත්තර දෙමින් “ඉශ්රායෙල්වරු පිලිස්තිවරුන් ඉදිරියෙන් පලා ගියහ. සෙනඟ අතරේ ඉමහත් ඝාතනයක් ඇති විය; ඔබේ පුත්‍රයන් දෙදෙනා වන හොප්නි ද පිනෙහාස් ද මළහ. දෙවියන් වහන්සේගේ ගිවිසුම් කරඬුව ද පැහැර ගනු ලැබී ය”යි කීවේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

17 පණිවුඩකාරයා උත්තර දෙමින් “ඉශ්රායෙල්වරු පිලිස්තිවරුන් ඉදිරියෙන් පලා ගියහ. සෙනඟ අතරේ ඉමහත් ඝාතනයක් ඇති විය; ඔබේ පුත්‍රයන් දෙදෙනා වන හොප්නි ද පිනෙහාස් ද මළහ. දෙවියන් වහන්සේගේ ගිවිසුම් කරඬුව ද පැහැර ගනු ලැබී ය”යි කීවේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 සාමුවෙ 4:17
8 හුවමාරු යොමු  

ස්වාමීන්වහන්සේ සාමුවෙල්ට කථාකොට: මෙන්න, මම ඉශ්‍රායෙල්හි කාරණයක් කරන්නෙමි, ඒක අසන සියල්ලන්ගේ කන් දෙක ලෙළදෙන්නේය.


නුඹේ පුත්‍රයන් දෙදෙනා වන හොප්නී සහ පීනෙහාස් කෙරෙහි පැමිණෙන දෙය නුඹට ලකුණක් වන්නේය; එනම් ඔවුන් දෙදෙනාම එක දවසේදී මැරෙන්නෝය.


ඒ මනුෂ්‍යයා කථාකොට: සේනාවේ සිට ආ තැනැත්තා මමය, අද සේනාවේ සිට පලා ආමියි ඒලීට කීවේය. ඔහුද: මාගේ පුත්‍රය, එහි සිද්ධවුණේ කිමෙක්දැයි ඇසුවේය.


ඔහු දෙවියන්වහන්සේගේ පෙට්ටිය ගැන සඳහන්කළ විට, ඒලී හුනස්නෙන් දොරටුව සමීපයෙහි පස්සට වැටී බෙල්ල කැඩී මළේය. මක්නිසාද ඔහු මහලු මනුෂ්‍යයෙක්ව බරව සිටියේය. ඔහු සතළිස් අවුරුද්දක් ඉශ්‍රායෙල් විනිශ්චයකෙළේය.


ස්වකීය ශක්තිය වහල්කමටත් ස්වකීය මහිමය එදිරිකාරයාගේ අතටත් පාවාදුන්සේක.


ඔවුන්ගේ පූජකයෝ කඩුවෙන් වැටුණෝය; ඔවුන්ගේ වැන්දඹුවෝ නොවැලපුණෝය.


මා විසින් ඒලීගේ වංශය ගැන කී සියල්ලම මුල පටන් අග දක්වා ඒ දවසේදී ඒලීට විරුද්ධව ඉෂ්ටකරන්නෙමි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්