Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 සාමුවෙ 31:7 - Sinhala Revised Old Version

7 ඉශ්‍රායෙල් මනුෂ්‍යයන් පලා ගිය බවත් සාවුල්ද ඔහුගේ පුත්‍රයන්ද මැරුණ බවත් මිටියාවතට මෙහායින්ද යොර්දානෙන් මෙගොඩද සිටි ඉශ්‍රායෙල් මනුෂ්‍යයෝ දැක නුවරවල් අත්හැර පලාගියෝය; පිලිස්තිවරු ඇවිත් එහි වාසයකළෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

7 ඉශ්රායෙල් සෙනඟ පලා ගිය බවත්, සාවුල් ද ඔහුගේ පුත්‍රයන් ද මැරුණු බවත් මිටියාවතට මේ පැත්තේ ද ජොර්දානෙන් එගොඩ ද සිටි ඉශ්රායෙල් සෙනඟ දුටු විට ඔව්හු නගර අත්හැර පලා ගියහ. පිලිස්තිවරු අවුත් ඒ නගරවල වාසය කළහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

7 ඉශ්රායෙල් සෙනඟ පලා ගිය බවත්, සාවුල් ද ඔහුගේ පුත්‍රයන් ද මැරුණු බවත් මිටියාවතට මේ පැත්තේ ද ජොර්දානෙන් එගොඩ ද සිටි ඉශ්රායෙල් සෙනඟ දුටු විට ඔව්හු නගර අත්හැර පලා ගියහ. පිලිස්තිවරු අවුත් ඒ නගරවල වාසය කළහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 සාමුවෙ 31:7
8 හුවමාරු යොමු  

තමුන් අන්තරායට අසුවී ඉන්න බව ඉශ්‍රායෙල් මනුෂ්‍යයෝ දුටුවෝය. (මක්නිසාද සෙනඟ පීඩිතව සිටියෝය.) එවිට සෙනඟ ගුහාවලද කැලෑවලද පර්වතවලද කොත්වලද වළවල්වලද සැඟවුණෝය.


මිදියන්වරුන්ගේ අත ඉශ්‍රායෙල්වරුන්ට විරුද්ධව ජයගත්තේය. මිදියන්වරුන් නිසා ඉශ්‍රායෙල් පුත්‍රයෝ කඳුවල තිබෙන බිම්ගෙවල්ද ගුහාවල්ද කොටුද සාදාගත්තෝය.


නුඹේ භූමියේ පලදාවද නුඹේ මුළු උත්සාහ ලාභයද නුඹ නොදන්න සෙනඟක් භුක්තිවිඳිනවා ඇත, නුඹ නිරන්තරයෙන් පීඩාවට හා බලාත්කාරයටම ගොදුරුවන්නෙහිය.


නුඹලාගෙන් ඉතුරුවෙන්නන් ගැන නම්, මම ඔවුන්ගේ සතුරන්ගේ දේශවලදී ඔවුන්ගේ සිත්වලට ක්ලාන්තභාවයක් පමුණුවන්නෙමි. සැලෙන කොළයක ශබ්දයට ඔව්හු දුවන්නෝය; කඩුව ඉදිරියෙන් යමෙක් පලායන්නාක් මෙන් ඔව්හු පලා ගොස් කිසිවෙකු ඔවුන් නොඑළවන කල වැටෙන්නෝය.


මම දේශය නාස්තිකරන්නෙමි. එහි වාසය කරන නුඹලාගේ සතුරෝද ඒ ගැන විස්මයට පත්වන්නෝය.


මෙසේ සාවුල්ද ඔහුගේ පුත්‍රයන් තුන්දෙනාද ඔහුගේ ආයුධ ගෙනයන්නාද ඔහුගේ සියලු මිනිස්සුද ඒ දවසේදී එකවිටම මැරුණෝය.


තවද පසුවදා මැරුම්කෑ අයගෙන් කොල්ලය ගන්ට පිලිස්තිවරුන් ආ කල සාවුල්ද ඔහුගේ පුත්‍රයන් තුන්දෙනාද ගිල්බෝවා කන්දේ වැටී ඉන්නවා ඔවුන්ට සම්බවුණේය.


සමහර හෙබ්‍රෙව්වරු ගාද් දේශයටත් ගිලියද් දේශයටත් යොර්දානෙන් එගොඩව ගියෝය; නුමුත් සාවුල් ඒ වන තුරු ගිල්ගාල්හි සිටියේය, මුළු සෙනඟ වෙවුලමින් ඔහු පස්සේ ගියෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්