Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 සාමුවෙ 31:10 - Sinhala Revised Old Version

10 ඔහුගේ ආයුධ ඔව්හු අෂ්ටාරොත්ගේ ගෘහයේ තැබුවෝය. ඔහුගේ ශරීරය බෙත්-ෂාන්හි පවුරට සවිකර එල්ලා තැබුවෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

10 ඔව්හු සාවුල්ගේ ආයුධ අෂ්ටාරොත්ගේ දේවාලයෙහි තැබූ හ; ඔහුගේ ශරීරය බෙත්ෂාන් නගරයේ පවුරට සවි කොට තැබූහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

10 ඔව්හු සාවුල්ගේ ආයුධ අෂ්ටාරොත්ගේ දේවාලයෙහි තැබූ හ; ඔහුගේ ශරීරය බෙත්ෂාන් නගරයේ පවුරට සවි කොට තැබූහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 සාමුවෙ 31:10
7 හුවමාරු යොමු  

ඔව්හු ස්වාමීන්වහන්සේ අත්හැර බාල්ටත් අෂ්ටාරොත්ටත් සේවයකළෝය.


තවද ඉස්සාඛර්හි සහ ආෂෙර්හි බෙත්-ෂෙයාන් සහ ඊට අයිති නුවරවල්ද ඉබ්ලෙයාම් සහ ඊට අයිති නුවරවල්ද දෝර් වැසියන් සහ ඊට අයිති නුවරවල්ද ඒන්-දෝර් වැසියන් සහ ඊට අයිති නුවරවල්ද තයනාක් වැසියන් සහ ඊට අයිති නුවරවල්ද මෙගිද්දෝ වැසියන් සහ ඊට අයිති නුවරවල්ද යන උස් ප්‍රදේශ තුන මනස්සේට ලැබුණේය.


පූජකතෙමේ: නුඹ විසින් ඒලා මිටියාවතේදී මැරූ පිලිස්තියයාවූ ගොලියත්ගේ කඩුව රෙද්දකින් ඔතා ඒඵොද් සැට්ටයට එහායින් තබා තිබේ. ඒක ගන්ට කැමතිනම් අරගන්න. ඒක මිස වෙන එකක් මෙහි නැතැයි කීවේය. ඒ වාගේ වෙන එකක් නැත, ඒක මට දෙන්නැයි දාවිත් කීවේය.


සාමුවෙල් මුළු ඉශ්‍රායෙල් වංශයට කථාකොට: නුඹලාගේ මුළු සිතින් නුඹලා ස්වාමීන්වහන්සේ වෙතට හැරී එන්නහු නම්, නුඹලා අතරෙන් අන්‍ය දෙවිවරුන්ද අෂ්ටාරොත්ද පහකර දමා නුඹලාගේ සිත් ස්වාමීන්වහන්සේ දෙසටම යොමුකොට උන්වහන්සේට පමණක් සේවයකරන්න. උන්වහන්සේද පිලිස්තිවරුන්ගේ අතින් නුඹලා ගළවාගන්නවා ඇතැයි කීවේය.


මනස්සේ බෙත්-ෂෙයාන් හා ඊට අයිති නුවරවල වැසියන්වත් තානාක් හා ඊට අයිති නුවරවල වැසියන්වත් දෝර් හා ඊට අයිති නුවරවල වැසියන්වත් ඉබ්ලෙයාම් හා ඊට අයිති නුවරවල වැසියන්වත් මෙගිද්දෝ හා ඊට අයිති නුවරවල වැසියන්වත් පන්නා නොදැමුවේය. කානානිවරු ඒ රටේ වාසයකරන්ටම කැමතිව සිටියෝය.


සියලු වික්‍රමාන්විත මනුෂ්‍යයෝ නැගිට, මුළු රාත්‍රියේ ගොස්, බෙත්-ෂාන්හි පවුරෙන් සාවුල්ගේ මළකඳද ඔහුගේ පුත්‍රයන්ගේ මළකඳන්ද රැගෙන යාබෙෂ්ට ඇවිත්,


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්