Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




1 සාමුවෙ 30:7 - Sinhala Revised Old Version

7 ඒඵොද් සැට්ටය මා ළඟට ගෙනෙන්නැයි දාවිත් අහිමෙලෙක්ගේ පුත්‍රවූ අබියාතර් පූජකයාට කීවේය. අබියාතර් ඒඵොද් සැට්ටය දාවිත් ළඟට ගෙනාවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

7 දාවිත් අහිමෙලෙක්ගේ පුත් වූ අබියාතර් පූජකයා අමතා: “ඒපොද් සැට්ටය මා ළඟට ගෙනෙන්නැ”යි කී ය. අබියාතර් ඒපොද් සැට්ටය දාවිත් ළඟට ගෙනාවේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

7 දාවිත් අහිමෙලෙක්ගේ පුත් වූ අබියාතර් පූජකයා අමතා: “ඒපොද් සැට්ටය මා ළඟට ගෙනෙන්නැ”යි කී ය. අබියාතර් ඒපොද් සැට්ටය දාවිත් ළඟට ගෙනාවේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 සාමුවෙ 30:7
8 හුවමාරු යොමු  

තවද රජ අබියාතර් පූජකයාට කථාකොට: අනාතොත්හි තිබෙන නුඹේම ඉඩමට යන්න; නුඹ මරණයට සුදුස්සෙක්ය. එහෙත් නුඹ මාගේ පියවූ දාවිත් ඉදිරියෙහි ස්වාමිවූ දෙවියන්වහන්සේගේ පෙට්ටිය ඉසුලූ බැවින්ද මාගේ පියාණන් දැරූ සියලු දුක්වලදී නුඹත් දුක් වින්ද බැවින්ද මේ වතාවේ නුඹ නොමරමියි කීවේය.


ඒඵොද් සැට්ටය රනින්ද, නිල්, රත්නිල්, රතු නූල්වලින්ද කටිනලද සිහින් හණ නූලින්ද දක්ෂ කම්කරුවාගේ කර්මාන්තය ලෙස සාදත්වා.


එනම් උත්තම පූජකයාවූ අබියාතර්ගේ කාලයේදී දෙවියන්වහන්සේගේ ගෘහයට ඇතුල්ව, පූජකයන්ට විනා වෙනකාටවත් කන්ට යුතු නැති පිදීමේ රොටි කා, තමා සමඟ සිටියවුන්ටත් දුන් බව නුඹලා කවදාවත් කියෙවුවේ නැද්දැයි කීසේක.


එබැවින් ඔව්හු: ඒ මනුෂ්‍යයා දැන් මෙහි ඇවිත් සිටීදැයි වැඩිදුරටත් ස්වාමීන්වහන්සේගෙන් ඇසුවෝය. ස්වාමීන්වහන්සේ උත්තරදෙමින්: ඔහු බඩු අතරේ සැඟවී ඉන්නවායයි කීසේක.


සාවුල් අහියාට කථාකොට: දෙවියන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටිය මෙහි ගෙනෙන්නැයි කීවේය. මක්නිසාද එකල්හි දෙවියන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටිය ඉශ්‍රායෙල් පුත්‍රයන් වෙත තිබුණේය.


සාවුල් පූජකයාට කථාකරන අතර පිලිස්තිවරුන්ගේ කඳවුරේ තිබුණ කෝලාහලය වැඩි වැඩිව පැවැත්තේය. නුඹේ අත අහකට ගන්නැයි සාවුල් පූජකයාට කීය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්