Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 සාමුවෙ 30:31 - Sinhala Revised Old Version

31 හෙබ්‍රොන්හිද දාවිත් සහ ඔහුගේ මිනිසුන් ගැවසුණ සියලු තැන්වලද සිටි වැඩිමහල්ලන්ටය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

31 හෙබ්‍රොන්හි ද දාවිත් සහ ඔහුගේ සෙනඟ ගැවසුණ සියලු තැන්හි ද සිටි ප්‍රජා මූලිකයන් වෙත ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

31 හෙබ්‍රොන්හි ද දාවිත් සහ ඔහුගේ සෙනඟ ගැවසුණ සියලු තැන්හි ද සිටි ප්‍රජා මූලිකයන් වෙත ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 සාමුවෙ 30:31
9 හුවමාරු යොමු  

ඉන්පසු දාවිත් ස්වාමීන්වහන්සේගෙන් විචාරමින්: මා යූදාහි යම් නුවරකට යන්ටදැයි ඇසුවේය. ස්වාමීන්වහන්සේ: යන්නැයි ඔහුට කීසේක. මා කොතැනට යන්ටදැයි දාවිත් ඇසුවේය. හෙබ්‍රොන්ටයයි උන්වහන්සේ කීසේක.


නුමුත් අබ්සලොම් ඉශ්‍රායෙල් ගෝත්‍ර සියල්ල අතරෙහි ඔත්තුකාරයන් යවා: නුඹලාට හොරණෑ ශබ්දය ඇසුණු කෙණෙහිම–අබ්සලොම් හෙබ්‍රොන්හි රජවී සිටීයයි කියන්නැයි කියන්ට කීවේය.


අබ්නේර් හෙබ්‍රොන්හිදී මැරුණු බව සාවුල්ගේ පුත්‍රවූ ඊෂ්-බොෂෙත්ට සැලවූ විට ඔහුගේ අත් බෙලහීන විය, සියලු ඉශ්‍රායෙල්වරුද කැලඹුණෝය.


තවද යූදාහි මනුෂ්‍යයෝ ඇවිත් එහිදී දාවිත් යූදා වංශය කෙරෙහි රජ කොට ආලේපකළෝය. සාවුල් තැන්පත්කෙළේ යාබෙෂ්-ගිලියද්හි මනුෂ්‍යයන් විසින්යයි දාවිත්ට දන්වනලද්දේය.


ඔව්හු දකුණු දිශාවේ නැගී ගොස් හෙබ්‍රොන්ට පැමුණුණෝය; එහි අනාක්ගේ පුත්‍රයන් වන අහීමන්ද ෂේෂයිද තල්මයිද සිටියෝය. (හෙබ්‍රොන් නුවර මිසරයේ ශොවන් නුවරට සත් අවුරුද්දකට ප්‍රථමයෙන් ගොඩනගනලදී.)


ඔව්හු යූදා කඳු රටේ තිබෙන හෙබ්‍රොන් නම් කිරියත්-අර්බාද ඒ අවට තිබෙන එහි පිට-බිම්ද ඔවුන්ට දුන්නෝය. අර්බා වනාහි අනාක්ගේ පියාය.


ඉතින් නුඹලා ගොස් තව සෝදිසිකර, ඔහු ගැවසෙන ඔහුගේ ස්ථානයත් එහි ඔහු දුටුවේ කව්ද කියාත් බලා දැනගන්න. මක්නිසාද ඔහු බොහෝ උපාය දක්ෂව හැසිරෙන බව මට දැනගන්ට ලැබී තිබේ.


යෝෂුවා ස්වාමීන්වහන්සේ තමාට අණකළ ලෙස යෙඵුන්නේගේ පුත්‍රවූ කාලෙබ්ට යූදාගේ පුත්‍රයන් අතරෙහි කොටසක් දුන්නේය. එය හෙබ්‍රොන් නම්වූ කිරියත්-අර්බාය. අර්බා අනාක්වරුන්ගේ පියාය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්