Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 සාමුවෙ 30:3 - Sinhala Revised Old Version

3 දාවිත්ද ඔහුගේ මිනිස්සුද නුවරට පැමිණි කල, ඒක ගිනිලා තිබෙන බවත් ඔවුන්ගේ භාර්යාවන්ද පුත්‍රයන්ද දූවරුන්ද වාලට අසුවී ගිය බවත් දුටුවෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

3 දාවිත් ද ඔහුගේ සෙනඟ ද නුවරට පැමිණි කල, එය ගිනි ලා තිබෙන බවත්, ඔවුන්ගේ භාර්යාවන් ද දරුදැරියන් ද වහල්කමට ගෙන යන ලද බවත් දුටු හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

3 දාවිත් ද ඔහුගේ සෙනඟ ද නුවරට පැමිණි කල, එය ගිනි ලා තිබෙන බවත්, ඔවුන්ගේ භාර්යාවන් ද දරුදැරියන් ද වහල්කමට ගෙන යන ලද බවත් දුටු හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 සාමුවෙ 30:3
7 හුවමාරු යොමු  

ධර්මිෂ්ඨයාගේ පීඩා බොහෝය. නුමුත් ස්වාමීන්වහන්සේ ඒ සියල්ලෙන් ඔහු ගළවනසේක.


බලව, යුදෙව්වරුව නොසිට තුමූ යුදෙව්වරුයයි බොරුවෙන් කියන්නාවූ, සාතන්ගේ සිනගෝගයේවූ අය ඇවිත් නුඹේ පාද ඉදිරියෙහි වැඳවැටෙන්ටත් මම නුඹට ප්‍රේමකළ බව දැනගන්ටත් සලස්වන්නෙමි.


මක්නිසාද ස්වාමීන්වහන්සේ ප්‍රේමකරන අයට උන්වහන්සේ දඬුවම් කරනසේක, උන්වහන්සේ පිළිගන්න සියලු පුත්‍රයන්ට තළනසේක යනුයි.


දාවිත් සහ ඔහුගේ මිනිස්සුද ඔවුනොවුන්ගේ පවුල්ද දාවිත් සමඟ ඔහුගේ භාර්යාවන් දෙදෙනා වන යෙස්‍රෙයෙලිය අහිනොවම් සහ නාබල්ගේ භාර්යාවව සිටියාවූ කර්මෙලිය අබීගායිල්ද ආකීෂ් වෙත ගාත්හි විසුවෝය.


එහි සිටි ස්ත්‍රීන්ද ලොකු කුඩා සියල්ලන්ද වාලට ගෙන, කිසිවෙකු නොමරා ඔවුන් අල්ලාගන යන්ට ගියෝය.


එවිට දාවිත්ද ඔහු සමඟ සිටි සෙනඟද ඔවුන්ට තවත් අඬන්ට පුළුවන්කම නැතිවෙන තුරුම ශබ්දනගා ඇඬුවෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්