Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 සාමුවෙ 30:26 - Sinhala Revised Old Version

26 දාවිත් ශික්ලග්ට පැමුණුණු විට තමාගේ මිත්‍රයන් වන යූදාහි වැඩිමහල්ලන්ට කොල්ලයෙන් කොටස් යවමින්: මෙන්න, ස්වාමීන්වහන්සේගේ සතුරන්ගෙන් ගත් කොල්ලයෙන් නුඹලාට තෑගියයි කියා ඇරියේය;

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

26 දාවිත් ශික්ලග් නුවරට පැමිණි විට තමාගේ මිත්‍රයන් වන ජුදාහි ප්‍රජා මූලිකයන්ට කොල්ලයෙන් කොටසක් යවමින්, “මෙන්න, සමිඳාණන් වහන්සේගේ සතුරාගෙන් ගත් කොල්ලයෙන් ඔබට තෑගි ය”යි කියා යැවී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

26 දාවිත් ශික්ලග් නුවරට පැමිණි විට තමාගේ මිත්‍රයන් වන ජුදාහි ප්‍රජා මූලිකයන්ට කොල්ලයෙන් කොටසක් යවමින්, “මෙන්න, සමිඳාණන් වහන්සේගේ සතුරාගෙන් ගත් කොල්ලයෙන් ඔබට තෑගි ය”යි කියා යැවී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 සාමුවෙ 30:26
14 හුවමාරු යොමු  

ඉතින් ඔබගේ වැඩකාරීවූ මා විසින් මාගේ ස්වාමියාට ගෙනාවාවූ මේ තෑග්ග මාගේ ස්වාමියා අනුව යන යෞවනයන්ට දෙනුලැබේවා.


එබැවින් කලින් පොරොන්දු වුණාවූ නුඹලාගේ දීමනාව බලාත්කාරයෙන් ගැනීමක් මෙන් නොව ත්‍යාගවත් දීමනාවක්ව තිබෙන පිණිස කලින් නුඹලා වෙතට ඇවිත් එය පිළියෙළ කරන ලෙස ඒ සහෝදරයන්ගෙන් ඉල්ලන්ට යුතුයයි සිතුවෙමි.


එහෙත් ත්‍යාගවත් තැනැත්තා ත්‍යාගවත් දේ යෝජනාකරයි; ඔහු වනාහි ත්‍යාගවත් දේවලම යෙදී සිටියි.


ඔබ උසස්ථානයට නැගී ගියසේක, වහල්කමට ගත්තවුන් වහල්කමට ගෙනගියසේක. ස්වාමිවූ දෙවියන්වහන්සේ මනුෂ්‍යයන් සමඟ එනම් කැරළිකාරයන් අතරේ පවා වාසයකරන පිණිස ඔබ ඔවුන් අතරේ තෑගි ලැබූසේක.


මාගේ ධර්මිෂ්ඨ කාරණයට ප්‍රියවන්නෝ ප්‍රීතිඝෝෂා කෙරෙත්වා, සන්තෝෂවෙත්වා. එසේය: තමන් මෙහෙකරුවාගේ යහපතට ප්‍රියවූ ස්වාමීන්වහන්සේ උසස්වනසේක්වයි ඔව්හු නිතරම කියත්වා.


එවිට ඔහු තමාගේ මුළු පිරිවර සමඟ දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයා ළඟට හැරී ඇවිත් ඔහු ඉදිරියේ සිට කථාකොට: ඉතින් ඉශ්‍රායෙල්හි සිටින දෙවියන්වහන්සේ මිස මුළු පොළොවේ වෙන දෙවිකෙනෙක් නැති බව දැන් දනිමි. එබැවින් දැන් ඔබගේ මෙහෙකරුවාගෙන් සතුටු පඬුරක් පිළිගත මැනවැයි කීවේය.


දෙවියන්වහන්සේ මට කරුණා කළ හෙයින්ද සෑහෙන පමණ මට තිබෙන හෙයින්ද ඔබට ගෙනාවාවූ මාගේ තෑග්ග පිළිගතමැනවියි කියා ඔහුට පෙරැත්ත කෙළේය. එවිට ඔහු ඒක පිළිගත්තේය.


සාවුල් දාවිත්ට කථාකොට: මෙන්න, මාගේ වැඩිමහල් දුවවූ මේරබ් නුඹට භාර්යාව කොට දෙන්නෙමි. නුඹ වූකලී මා උදෙසා වික්‍රමාන්විතව ස්වාමීන්වහන්සේගේ යුද්ධයන් කරන්නැයි කීවේය. මක්නිසාද සාවුල්: මාගේ අත නොව පිලිස්තිවරුන්ගේ අත ඔහු පිටට වැටේවයි සිතුවේය.


ඔබගේ මෙහෙකාරීගේ වරදට කමාවුණමැනවි. මක්නිසාද මාගේ ස්වාමියා ස්වාමීන්වහන්සේගේ යුද්ධකරන බැවින් ස්වාමීන්වහන්සේ මාගේ ස්වාමියාට ස්ථිරවූ වංශයක් සාදාදෙනසේක්මය, ඔබගේ සියලු දවස්වලදී ඔබ තුළ නපුර දකිනු නොලබන්නේය.


සියලු එළු බැටළුවන්ද ගවයින්ද දාවිත් ගත්තේය, උන් අනික් සිව්පාවුන්ට පෙරටුවෙන් දක්කමින්: මෙය දාවිත්ගේ කොල්ලයයයි කීවෝය.


තවද ඔහු මේ කාරණය එදා පටන් අද දක්වා ඉශ්‍රායෙල් කෙරෙහි පනතක් හා නියෝගයක් කොට නියමකෙළේය.


තවද සාවුල් මැරුණු පසු, දාවිත් අමලෙක්වරුන් නසා හැරී ඇවිත් ශික්ලග්හි දෙදවසක් සිටියායින් පසු,


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්