Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 සාමුවෙ 30:19 - Sinhala Revised Old Version

19 ලොකු කුඩා සියල්ලන්ගෙන්ද පුත්‍රයන්ගෙන්ද දූවරුන්ගෙන්ද කිසිවෙක්වත් කොල්ලයවත් ඔවුන් ගත්තාවූ කිසිවක්වත් අඩු නැතුව දාවිත් සියල්ලම නැවත ගෙනාවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

19 ලොකු කුඩා සියල්ලන්ගෙන් ද දරුදැරියන්ගෙන් ද කිසිවකු වත්, කොල්ලය වත්, ඔවුන් ගත් කිසිවක් වත් අඩු නැතිව සියල්ල ම දාවිත් නැවත ගෙනාවේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

19 ලොකු කුඩා සියල්ලන්ගෙන් ද දරුදැරියන්ගෙන් ද කිසිවකු වත්, කොල්ලය වත්, ඔවුන් ගත් කිසිවක් වත් අඩු නැතිව සියල්ල ම දාවිත් නැවත ගෙනාවේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 සාමුවෙ 30:19
8 හුවමාරු යොමු  

මම මේ සමුදාව ලුහුබැඳෙයම් නම් ඔවුන් කරා පැමිණෙන්ට මට පුළුවන් වේදැයි දාවිත් ස්වාමීන්වහන්සේගෙන් විචාළේය. උන්වහන්සේ ඔහුට උත්තරදෙමින්: ලුහුබැඳ යන්න. මක්නිසාද නුඹ සැබවින් ඔවුන් කරා පැමිණ නොවරදවාම සියල්ල නැවත ලබාගන්නවා ඇතැයි කීසේක.


නුමුත් පළමුකොට උන්වහන්සේගේ රාජ්‍යයද උන්වහන්සේගේ ධර්මිෂ්ඨකමද සොයන්න; මේ සියල්ලත් නුඹලාට දෙනුලබන්නේය.


ඔබවහන්සේ ඔහු වටකරත් ඔහුගේ ගෙදර වටකරත් ඔහුට ඇති සියල්ල වටකරත් හැම අතින්ම වැට බැඳ තිබෙනවා නොවේද? ඔබ ඔහුගේ අත් වැඩට ආශීර්වාදකළසේක, ඔහුගේ සම්පත්ද දේශයෙහි වර්ධනයවී තිබේ.


නුඹේ මෙහෙකරුවෝ වන අපි අප යටතේ සිටින යුද්ධකාරයන්ගේ ගණන් බලා අපෙන් එක මනුෂ්‍යයෙක්වත් අඩු නැති බව දැනගතිමුව.


සියලු එළු බැටළුවන්ද ගවයින්ද දාවිත් ගත්තේය, උන් අනික් සිව්පාවුන්ට පෙරටුවෙන් දක්කමින්: මෙය දාවිත්ගේ කොල්ලයයයි කීවෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්