Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 සාමුවෙ 30:14 - Sinhala Revised Old Version

14 අපි කෙරෙතිවරුන්ගේ දකුණු දිශාවටත් යූදාට අයිති පළාතටත් කාලෙබ්ගේ දකුණු දිශාවටත් විරුද්ධව යුද්ධකෙළෙමුව; ශික්ලග් ගින්නෙන් පුලුස්සා දැමීමුයයි කීවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

14 අපි කෙරෙතිවරුන්ගේ දකුණු දිශාවටත්, ජුදාට අයිති දකුණු පළාතටත්, කාලෙබ්ගේ දකුණු දිශාවටත් විරුද්ධ ව යුද්ධ කෙළෙමු; ශික්ලග් නුවර ගිනිබත් කෙළෙමු”යි කී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

14 අපි කෙරෙතිවරුන්ගේ දකුණු දිශාවටත්, ජුදාට අයිති දකුණු පළාතටත්, කාලෙබ්ගේ දකුණු දිශාවටත් විරුද්ධ ව යුද්ධ කෙළෙමු; ශික්ලග් නුවර ගිනිබත් කෙළෙමු”යි කී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 සාමුවෙ 30:14
14 හුවමාරු යොමු  

මුහුදුබඩ වැසියන් වන කෙරෙතිය ජාතියට දුක්වේ! එම්බා පිලිස්තිවරුන්ගේ දේශය වන කානාන්, ස්වාමීන්වහන්සේගේ වචනය නුඹට විරුද්ධව තිබේ; වැසියෙක් නොසිටින ලෙස නුඹ විනාශකරන්නෙමි.


මාගේ අත පිලිස්තිවරුන්ට විරුද්ධව දිගුකොට, කෙරෙතිවරුන් සිඳදමා, මුහුදුබඩ ඉතිරිව සිටින්නන් නැතිකරන්නෙමි.


රජ ඔහු සමඟ ශාදොක් පූජකයාද නාතාන් අනාගතවක්තෘද යෙහෝයාදාගේ පුත්‍රවූ බෙනායාද කෙරෙතිවරුන්ද පෙලෙතිවරුන්ද යැවුවේය, ඔව්හු රජුගේ අශ්වතරයා පිට ඔහු නැංගෙවුවෝය.


මෙසේ ශාදොක් පූජකයාද නාතාන් අනාගතවක්තෘද යෙහෝයාදාගේ පුත්‍රවූ බෙනායාද කෙරෙතිවරුද පෙලෙතිවරුද බැස ගොස් දාවිත් රජුගේ අශ්වතරයා පිට සාලමොන් නංවාගන ගීහොන්ට ගියෝය.


යෙහෝයාදාගේ පුත්‍රවූ බෙනායා කෙරෙතිවරුන්ද පෙලෙතිවරුන්ද කෙරෙහි අධිපතියාව සිටියේය; දාවිත්ගේ පුත්‍රයෝද මන්ත්‍රීවරු ව සිටියෝය.


තවද ඔහු විසින් ඒ ස්ථානයට ඔහු පැමිණෙවු විට ඔවුන් පිලිස්තිවරුන්ගේ දේශයෙනුත් යූදා දේශයෙනුත් ගත්තාවූ මහත්වූ මුළු කොල්ලය නිසා කමින් බොමින් නටමින් බිම මුළුල්ලෙහිම විසිර සිටියෝය.


තවද දාවිත් හා ඔහුගේ මිනිස්සු තුන්වෙනිදා ශික්ලග්ට පැමුණුණෝය, ඊට ප්‍රථම අමලෙක්වරු දකුණු දිශාවටත් ශික්ලග්ටත් විරුද්ධව ඇවිත්, ශික්ලග්ට පහරදී, ඒක ගින්නෙන් පුලුස්සා දමා,


යෝෂුවා ස්වාමීන්වහන්සේ තමාට අණකළ ලෙස යෙඵුන්නේගේ පුත්‍රවූ කාලෙබ්ට යූදාගේ පුත්‍රයන් අතරෙහි කොටසක් දුන්නේය. එය හෙබ්‍රොන් නම්වූ කිරියත්-අර්බාය. අර්බා අනාක්වරුන්ගේ පියාය.


යෝෂුවා ඔහුට ආශීර්වාදකොට, යෙඵුන්නේගේ පුත්‍රවූ කාලෙබ්ට උරුමයක් කොට හෙබ්‍රොන් නුවර දුන්නේය.


යෙහෝයාදාගේ පුත්‍රවූ බෙනායා කෙරෙතිවරුන්ටත් පෙලෙතිවරුන්ටත් ප්‍රධානියාව සිටියේය; දාවිත්ගේ පුත්‍රයෝද රජු වෙත ප්‍රධානියෝව සිටියෝය.


එහෙත් නුවර කෙත්ද එහි ගම්ද ඔව්හු යෙඵුන්නේගේ පුත්‍රවූ කාලෙබ්ට උරුමයක් කොට දුන්නෝය.


ඒ මනුෂ්‍යයාගේ නම නාබල්ය; ඔහුගේ භාර්යාවගේ නම අබීගායිල්ය. ඒ ස්ත්‍රී වනාහි බුද්ධිමත්, රූප ශෝභාව ඇති තැනැත්තියක් වූවාය. එහෙත් ඒ මනුෂ්‍යයා ක්‍රියාවලින් කර්කශවූ නපුරු වූ කෙනෙකි. ඔහු කාලෙබ්ගේ වංශයේ කෙනෙකි.


නුඹ කාට අයිතිද? කොතැනින් ආයෙහිදැයි දාවිත් ඔහුගෙන් ඇසුවේය. ඔහුද: මම අමලෙක් මනුෂ්‍යයෙකුගේ වැඩකාරයෙක්ව සිටින මිසරිය යෞවනයෙක්ය; තුන් දවසකට ඉස්සර මට අසනීපවූ බැවින් මාගේ ස්වාමියා මා අත්හැරදමා ගියේය.


ඒ සමුදාව ළඟට යන්ට නුඹ මට මග පෙන්වනවාදැයි දාවිත් ඔහුගෙන් ඇසුවේය. ඔහුද: මා නොමරන හැටියටත් මාගේ ස්වාමියාගේ අතට පාවානොදෙන හැටියටත් දෙවියන්වහන්සේගේ නාමයෙන් ඔබ මට දිව්රුම්දෙතොත් මම ඒ සමුදාව ළඟට පැමිණෙන්ට ඔබට මග පෙන්වමියි කීවේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්