Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 සාමුවෙ 30:13 - Sinhala Revised Old Version

13 නුඹ කාට අයිතිද? කොතැනින් ආයෙහිදැයි දාවිත් ඔහුගෙන් ඇසුවේය. ඔහුද: මම අමලෙක් මනුෂ්‍යයෙකුගේ වැඩකාරයෙක්ව සිටින මිසරිය යෞවනයෙක්ය; තුන් දවසකට ඉස්සර මට අසනීපවූ බැවින් මාගේ ස්වාමියා මා අත්හැරදමා ගියේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

13 දාවිත් ඔහු අමතා, “ඔබ කාට අයිති ද? කොතැනින් ආයේ දැ”යි ඇසී ය. ඔහු පිළිතුරු දෙමින්, “මම අමෙලෙක් මනුෂ්‍යයෙකුගේ වහලෙකු ව සිටින මිසර ජාතික තරුණයෙක් ය; තුන් දවසකට පෙර මට අසනීප වූ බැවින් මාගේ ස්වාමියා මා අත්හැර දමා ගියේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

13 දාවිත් ඔහු අමතා, “ඔබ කාට අයිති ද? කොතැනින් ආයේ දැ”යි ඇසී ය. ඔහු පිළිතුරු දෙමින්, “මම අමෙලෙක් මනුෂ්‍යයෙකුගේ වහලෙකු ව සිටින මිසර ජාතික තරුණයෙක් ය; තුන් දවසකට පෙර මට අසනීප වූ බැවින් මාගේ ස්වාමියා මා අත්හැර දමා ගියේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 සාමුවෙ 30:13
9 හුවමාරු යොමු  

මක්නිසාද දයාව නොපෙන්වූ තැනැත්තාට විනිශ්චය දයාව නැතුව පැමිණෙන්නේය. දයාව වනාහි විනිශ්චයට විරුද්ධව ජයනාදකරන්නේය.


ධර්මිෂ්ඨයා තම තිරිසනාගේ ප්‍රාණය ගැන සලකන්නේය; එහෙත් දුෂ්ටයන්ගේ මෘදු අනුකම්පා කෲරය.


තවද ඔව්හු අත්තික්කා කැටියකින්, කැබෙල්ලක්ද මුද්‍රිකඵල පොකුරු දෙකක්ද ඔහුට දුන්නෝය; ඔහු කෑ පසු ප්‍රාණවත්විය. මක්නිසාද ඔහු දවල් තුනකුත් රෑ තුනකුත් කෑම කෑවේවත් වතුර බීවේත් නැත.


අපි කෙරෙතිවරුන්ගේ දකුණු දිශාවටත් යූදාට අයිති පළාතටත් කාලෙබ්ගේ දකුණු දිශාවටත් විරුද්ධව යුද්ධකෙළෙමුව; ශික්ලග් ගින්නෙන් පුලුස්සා දැමීමුයයි කීවේය.


නුඹ කවුදැයි ඔහු මාගෙන් ඇසුවේය. මම අමලෙක් මනුෂ්‍යයෙක්මියි ඔහුට උත්තරදුනිමි.


එවිට ඔව්හු: මේ විපත්තිය අපට පැමුණුණේ මක්නිසාද කියා අපට කියන්න; නුඹේ රක්ෂාව මොකද? නුඹ කොතන සිට ආවාද? නුඹේ රට කිමෙක්ද? නුඹ මොන ජාතියේ කෙනෙක්දැයි ඔහුගෙන් ඇසුවෝය.


නුඹ කොතැනින් ආයෙහිදැයි දාවිත් ඔහුගෙන් ඇසුවේය. ඔහුද: මම ඉශ්‍රායෙල් කඳවුරෙන් ගැළවී ආයෙමියි ඔහුට කීය.


දාවිත් තමාට එපවත් කී තරුණයාට කථාකොට: නුඹ කොහේ කෙනෙක්දැයි ඇසීය. මම විදේශියෙක්වූ අමලෙක් මනුෂ්‍යයෙකුගේ පුතෙක් වෙමියි ඔහු කීවේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්