Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 සාමුවෙ 29:8 - Sinhala Revised Old Version

8 දාවිත්ද: මම කුමක් කෙළම්ද? මා ඇවිත් මාගේ ස්වාමිවූ රජ්ජුරුවන්ගේ සතුරන්ට විරුද්ධව සටන්කරන්ට බැරි හැටියට මා ඔබ ඉදිරියට පැමුණුණදා පටන් අද දවස දක්වා ඔබගේ මෙහෙකරුවා අත සම්බවුණ වරද මොකදැයි ආකීෂ්ගෙන් ඇසුවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

8 දාවිත් පිළිතුරු දෙමින්, “මම කුමක් කෙළෙම් ද? මා අවුත් මාගේ ස්වාමීන් වන රජ්ජුරුවන්ගේ සතුරන්ට විරුද්ධ ව සටන් කරන්නට මට බැරි වන විධියට මා ඔබ ඉදිරියට පැමිණි දා පටන් අද දවස දක්වා ඔබේ මෙහෙකරුවා වන මා අත ඔබට සම්බ වූ වරද කුමක් දැ”යි ආකීෂ්ගෙන් ඇසුවේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

8 දාවිත් පිළිතුරු දෙමින්, “මම කුමක් කෙළෙම් ද? මා අවුත් මාගේ ස්වාමීන් වන රජ්ජුරුවන්ගේ සතුරන්ට විරුද්ධ ව සටන් කරන්නට මට බැරි වන විධියට මා ඔබ ඉදිරියට පැමිණි දා පටන් අද දවස දක්වා ඔබේ මෙහෙකරුවා වන මා අත ඔබට සම්බ වූ වරද කුමක් දැ”යි ආකීෂ්ගෙන් ඇසුවේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 සාමුවෙ 29:8
10 හුවමාරු යොමු  

අප පරීක්ෂාවට නොපමුණුවා, නපුරාගෙන් අප ගැළවුව මැනව.


දාවිත්ද: එබැවින් ඔබගේ මෙහෙකරුවා කරන දෙය ඔබ දැනගන්නවා ඇතැයි ආකීෂ්ට කීය. ආකීෂ්ද: එබැවින් නුඹ සෑමකල්හිම මාගේ හිස රක්ෂාකරන්නා කොට පත්කරමියි දාවිත්ට කීවේය.


මාගේ ස්වාමියා තමාගේ මෙහෙකරුවා පස්සේ එළවාගන එන්නේ මක්නිසාද? මා කළේ මොකද? මා අත තිබෙන දෝෂය මොකද?


එවිට නුඹේ මෙහෙකරුවාවූ මට නුඹ කරුණාව පෙන්වන්ට ඕනෑය; මක්නිසාද නුඹේ මෙහෙකරුවා සමඟ නුඹ ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි ගිවිසුමක් කරගත්තෙහිය. නුමුත් මා කෙරෙහි වරදක් ඇත්නම් නුඹම මා මරන්න; නුඹේ පියාණන් වෙතට මා ගෙනයන්නේ මක්නිසාදැයි කීවේය.


දාවිත්ද: මම දැන් මක්කෙළෙම්ද? වචනයක් කීවා පමණක් නොවේදැයි කියා,


මම මෙහිය. මම කාගේ හරකා ගතිම්ද? කාගේ කොටළුවා ගතිම්ද? කාට අයුක්තියක් කෙළෙම්ද? කාට බලාත්කාරකමක් කෙළෙම්ද? මාගේ ඇස් වසාගන්න පිණිස කාගෙන් අල්ලසක් ගතිම්දැයි ස්වාමීන්වහන්සේද උන්වහන්සේගේ අභිෂේකලත් තැනැත්තාද ඉදිරියෙහි මට විරුද්ධව සාක්ෂි දෙන්න, එවිට මම එය නැවත නුඹලාට දෙන්නෙමියි කීවේය.


අද නුඹලා කොයි පළාතට විරුද්ධව ගියහුදැයි ආකීෂ් ඇසුවේය. දාවිත්ද: යූදාහි දකුණු දිශාවටද යෙරාමෙයෙල්වරුන්ගේ දකුණු දිශාවටද කේනිවරුන්ගේ දකුණු දිශාවටද විරුද්ධව ගියෙමුයයි කීවේය.


එසේ වුවත් අධිපතීන් නුඹට කැමති නැත. එබැවින් පිලිස්තිවරුන්ගේ අධිපතීන් අප්‍රසන්නනොවෙන පිණිස දැන් සමාදානයෙන් හැරී යන්නැයි කීවේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්