Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 සාමුවෙ 29:4 - Sinhala Revised Old Version

4 එහෙත් පිලිස්තිවරුන්ගේ අධිපතීහු ඔහු කෙරෙහි කෝපවී ඔහුට කථාකොට: ඒ මනුෂ්‍යයාට නුඹ නියමකළ ස්ථානයට හැරී යන පිණිස ඔහු යන්ට හරින්න, ඔහු යුද්ධයේදී අපට විරුද්ධකාරයෙකු නොවෙන පිණිස ඔහු අප සමඟ යුද්ධයට නොයේවා. මේ මිනිහා නැවත තමාගේ ස්වාමියා හා සමඟි වෙන්නේ මොකකින්ද? මේ මිනිසුන්ගේ හිස් කරණකොටගෙන නොවේද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

4 එහෙත්, පිලිස්තිවරුන්ගේ අධිපතීහු ඔහු කෙරෙහි කෝප වී ඔහුට කතා කොට, “ඒ මිනිසා ඔබ නියම කළ ස්ථානයට ආපසු යන පිණිස ඔහු පිටත් කර හරින්න; ඔහු අප සමඟ යුද්ධයට යෑම සුදුසු නැත. සමහර විට සටන් බිමේ දී ඔහු අපට විරුද්ධ ව හැරෙන්නට බැරි කමක් නැත. මේ සෙනඟගේ හිස ගසා දැමීමෙන් මිස අන් කවර මඟකින් ඔහුට සිය ස්වාමියාගේ සිත දිනාගත හැකි ද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

4 එහෙත්, පිලිස්තිවරුන්ගේ අධිපතීහු ඔහු කෙරෙහි කෝප වී ඔහුට කතා කොට, “ඒ මිනිසා ඔබ නියම කළ ස්ථානයට ආපසු යන පිණිස ඔහු පිටත් කර හරින්න; ඔහු අප සමඟ යුද්ධයට යෑම සුදුසු නැත. සමහර විට සටන් බිමේ දී ඔහු අපට විරුද්ධ ව හැරෙන්නට බැරි කමක් නැත. මේ සෙනඟගේ හිස ගසා දැමීමෙන් මිස අන් කවර මඟකින් ඔහුට සිය ස්වාමියාගේ සිත දිනාගත හැකි ද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 සාමුවෙ 29:4
8 හුවමාරු යොමු  

අවට ප්‍රදේශවලින් පිලිස්තිවරුන් සමඟ කඳවුරට ඇවිත් පෙර ලෙස ඔවුන් සමඟ සිටියාවූ හෙබ්‍රෙව්වරුන් සාවුල් හා යොනාතාන් සමඟ සිටි ඉශ්‍රායෙල්වරුන්ට එකතු වුණෝය.


තවද දාවිත් පිලිස්තිවරුන් සමඟ සාවුල්ට විරුද්ධව සටනට ගිය විට මනස්සේවරුන්ගෙන් සමහරෙකුත් ඔහුට එකතුවුණෝය, නුමුත් ඔව්හු පිලිස්තිවරුන්ට උපකාර නොකළෝය. මක්නිසාද පිලිස්තිවරුන්ගේ අධිපතීහු මන්ත්‍රණයකොට: ඔහු අපේ හිස් අන්තරායට පැමිණෙන ලෙස තමාගේ ස්වාමියාවූ සාවුල්ට එකතුවෙනවා ඇතැයි කියා ඔහු යන්ට හැරියෝය.


අධර්මිෂ්ඨ ගබඩාකාරයා නුවණින් ක්‍රියාකළ නිසා ඔහුගේ ස්වාමියා ඔහුට ප්‍රශංසාකළේය. මක්නිසාද ආලෝකයේ පුත්‍රයන්ට වඩා මේ ලෝකයේ පුත්‍රයෝ තමුන්ගේම පරම්පරාව ගැන නුවණැත්තෝය.


ආකීෂ්ද ඒ දවසේදී ශික්ලග් නුවර ඔහුට දුන්නේය. ඒ නිසා ශික්ලග් අද දක්වා යූදාහි රජවරුන්ට අයිතිය.


ආකීෂ් උත්තරදෙමින්: ඒක දනිමි, දෙවියන්වහන්සේගේ දූතයෙකු මෙන් නුඹ මාගේ ඇස් හමුවෙහි යහපත් බව දනිමි. නුමුත් පිලිස්තිවරුන්ගේ අධිපතීහු–ඔහු අප සමඟ යුද්ධයට නොයන්නේයයි කීවෝය.


තවද දාවිත් හා ඔහුගේ මිනිස්සු තුන්වෙනිදා ශික්ලග්ට පැමුණුණෝය, ඊට ප්‍රථම අමලෙක්වරු දකුණු දිශාවටත් ශික්ලග්ටත් විරුද්ධව ඇවිත්, ශික්ලග්ට පහරදී, ඒක ගින්නෙන් පුලුස්සා දමා,


එන්න, ඔවුන් බෝනොවන පිණිසත් යම් යුද්ධයක් සිදුවන කල අපේ සතුරන්ට එක්ව අපට විරුද්ධව සටන්කොට දේශයෙන් පිටවී නොයන පිණිසත් ඔවුන් සමඟ නුවණින් ක්‍රියාකරමුයයි කීවේය.


එසේ ඔහු ශික්ලග්ට යද්දී මනස්සේවරුන්ගෙන් සහස්‍රාධිපතියෝවූ අද්නාද යෝසාබාද්ද යෙදීයයෙල්ද මීකායෙල්ද යෝසාබාද්ද එලීහුද ශිල්ලෙතයිද ඔහුට එකතුවුණෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්