Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 සාමුවෙ 29:1 - Sinhala Revised Old Version

1 පිලිස්තිවරු තමුන්ගේ සියලු සමුදාවල් අපේක්ට රැස්කළෝය. ඉශ්‍රායෙල්වරුද යෙස්‍රෙයෙල්හි තිබෙන උල්පත ළඟ කඳවුරු බැඳගත්තෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

1 පිලිස්තිවරු ඔවුන්ගේ සියලු හමුදාවන් අපෙක් නම් ස්ථානයට රැස් කළහ. ඉශ්රායෙල්වරු ජෙශ්‍රෙයෙල්හි උල්පත ළඟ කඳවුරු බැඳගත්හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

1 පිලිස්තිවරු ඔවුන්ගේ සියලු හමුදාවන් අපෙක් නම් ස්ථානයට රැස් කළහ. ඉශ්රායෙල්වරු ජෙශ්‍රෙයෙල්හි උල්පත ළඟ කඳවුරු බැඳගත්හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 සාමුවෙ 29:1
20 හුවමාරු යොමු  

සාමුවෙල්ගේ වචනයද සියලු ඉශ්‍රායෙල්වරුන් වෙතට පැමුණුණේය. ඉශ්‍රායෙල්වරු පිලිස්තිවරුන්ට විරුද්ධව යුද්ධකරන්ට පිටත්ව ගොස් එබෙන්-එසෙර් ළඟ කඳවුරු බැඳගත්තෝය. පිලිස්තිවරු අපෙක්හි කඳවුරු බැඳගත්තෝය.


ඉන්පසු මෙසේ සිද්ධවිය. සමාරියේ රජවූ ආහබ්ගේ මාලිගාවට සමීපව යෙස්‍රෙයෙලිය නාබොත්ට යෙස්‍රෙයෙල්හි මිදිවත්තක් තිබුණේය.


ඉතිරි අය අපෙක් නම් නුවර ඇතුළට පලා ගියෝය; එහිදී ඉතිරිව සිටිය විසි හත් දහසක් මනුෂ්‍යයන් පිට පවුරු වැටුණේය. බෙන්-හදද් පලාගොස් නුවරට පැමිණ ඇතුල් ගෙයකට ගියේය.


උම්මාද අපෙක්ද රෙහොබ්ද අඩංගුය. නුවරවල් විසි දෙකක් සහ ඒවායේ ගම්ද තිබුණේය.


හේපෙර්හි රජ එක්කෙනෙක්ය; අපෙක්හි රජ එක්කෙනෙක්ය; ලෂ්ෂාරොන්හි රජ එක්කෙනෙක්ය;


හැරී ගොස් ඔහුට දැන්නුවෝය. ඔහු කථාකොට: මේ ස්වාමීන්වහන්සේ තමන්ගේ මෙහෙකරුවූ තිෂ්බිය එලියා ලවා කියෙවු වචනයය–යෙස්‍රෙයෙල් බිම් කොටසේදී බල්ලෝ යෙසෙබෙල්ගේ මාංස කන්නෝය.


යේහු යෙස්‍රෙයෙල්ට ආ කල යෙසෙබෙල් ඒ අසා ඇගේ ඇස්වල අඳුන් ගා හිස සරසාගෙන කවුළුවෙන් බැලුවාය.


ස්වාමීන්වහන්සේ යෙසෙබෙල් ගැනද කථාකොට: බල්ලෝ යෙසෙබෙල් යෙස්‍රෙයෙල්හි පවුර ළඟදී කන්නෝය.


පිලිස්තිවරු රැස්වී ඇවිත් ෂූනෙම්හි කඳවුරු බැඳගත්තෝය. සාවුල්ද සියලු ඉශ්‍රායෙල්වරුන් රැස්කෙළේය, ඔව්හු ගිල්බෝවාහි කඳවුරු බැඳගත්තෝය.


එවිට සියලු මිදියන්වරුද අමලෙක්වරුද පූර්ව දිශාවේ වැසියෝද එකට රැස්ව මෙගොඩට ඇවිත් යෙශ්‍රෙයෙල් මිටියාවතේ කඳවුරු බැඳගත්තෝය.


ඔවුන්ගේ පළාතට යෙශ්‍රෙයෙල්ද කෙසුල්ලොත්ද ෂුනෙම්ද,


ඒවා සාවුල්ද ඔහුගේ සේවකයන්ද ඉදිරියෙහි තැබුවාය; ඔව්හුද කා නැගිට ඒ රාත්‍රියේම පිටත්ව ගියෝය.


ගිලියද්ද අෂූර්වරුන්ද යෙස්‍රෙයෙල්ද එප්‍රායිම්වරුන්ද බෙන්යමින්වරුන්ද මුළු ඉශ්‍රායෙල්ද කෙරෙහි ඔහු රජකමට පත්කෙළේය.


දාවිත් ඉශ්‍රායෙල් කෙරෙහි රජකොට ආලේපකරනලද බව පිලිස්තිවරුන් ඇසූ කල ඔවුන් සියල්ලෝම දාවිත් සොයා ආවෝය; දාවිත් ඒ අසා බලකොටුවට බැස ගියේය.


ගෙබාල්, අම්මොන් සහ අමෙලක්ය; තීර් වැසියන් සමඟ පිලිස්තියෝය.


යෝසෙප්ගේ පුත්‍රයෝ කථාකොට: කඳුරට අපට මදිය. මිටියාවත් රටෙහි එනම් බෙත්-ෂෙයාන්හිද ඊට අයිති නුවරවලද යෙශ්‍රෙයෙල් මිටියාවතෙහිද වාසයකරන සියලු කානානිවරුන්ට යකඩ රථ තිබේයයි කීවෝය.


එවිට යෙරුබ්බාල් නම්වූ ගිඩියොන්ද ඔහු සමඟ සිටි මුළු සෙනඟද අලුයම නැගිට හාරොද්හි උල්පත ළඟ කඳවුරු බැඳගත්තෝය. මිදියන් කඳවුරු ඔවුන්ට උතුරෙන් මෝරේගේ කන්ද ළඟ මිටියාවතෙහි තිබුණේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්