Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 සාමුවෙ 28:9 - Sinhala Revised Old Version

9 ස්ත්‍රීද: සාවුල් කළ දෙය එනම් ඔහු ආත්ම බන්ධනකාරයන් සහ අනවිනකාරයන් දේශයෙන් සිඳදැමූ හැටි නුඹ දන්නෙහිය. එසේ නම් මා නසන පිණිස නුඹ මාගේ ප්‍රාණයට මලපතක් තබන්නේ මක්නිසාදැයි ඔහුට කීවාය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

9 ස්ත්‍රිය පිළිතුරු දෙමින්, “සාවුල් කළ දෙය, එනම්, ඔහු ආත්මබන්ධනකාරයන් ද අනවිනකාරයන් ද දේශයෙන් පහකළ හැටි ඔබ දන්නෙහි ය. එසේ නම්, මා නසන පිණිස මාගේ ප්‍රාණයට මලපතක් තබන්නේ මන්දැ”යි ඔහුගෙන් ඇසුවා ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

9 ස්ත්‍රිය පිළිතුරු දෙමින්, “සාවුල් කළ දෙය, එනම්, ඔහු ආත්මබන්ධනකාරයන් ද අනවිනකාරයන් ද දේශයෙන් පහකළ හැටි ඔබ දන්නෙහි ය. එසේ නම්, මා නසන පිණිස මාගේ ප්‍රාණයට මලපතක් තබන්නේ මන්දැ”යි ඔහුගෙන් ඇසුවා ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 සාමුවෙ 28:9
5 හුවමාරු යොමු  

මේ කාලයට ප්‍රථම සාමුවෙල් මළේය. සියලු ඉශ්‍රායෙල්වරු ඔහු ගැන වැලපී ඔහුගේම නුවරවූ රාමාහි ඔහු තැන්පත් කළෝය. සාවුල් ආත්ම බන්ධනකාරයන්ද අනවිනකාරයන්ද දේශයෙන් පහකරදමා තිබුණේය.


ඉශ්‍රායෙල් රජ ලියුම කියවා තමාගේ ඇඳුම් ඉරාගෙන: මනුෂ්‍යයෙකුගේ කුෂ්ඨය සුවකරන්ට කියා මොහු මට ලියා එවන්නේ මරන්ටත් ජීවත්කරන්ටත් මම දෙවියන්වහන්සේද? මොහු මට විරුද්ධව ඩබරයකට කාරණයක් සොයන හැටි කල්පනාකර බලන්නැයි කීවේය.


එසේ මම ඔහුගේ ජීවිතයට විරුද්ධව ද්‍රෝහිකම් කෙළෙම්නම් ඔබම මට විරුද්ධව සිටිනවා ඇත, මක්නිසාද කිසි දෙයක් රජුගෙන් සැඟවී නැතැයි කීවේය.


ආත්ම බන්ධනකාරයන් දෙසටවත් ශාස්ත්‍රකාරයන් දෙසටවත් නොහැරෙන්න; ඔවුන්ගෙන් අපවිත්‍ර නොවන පිණිස ඔවුන් සොයා නොයන්න. මම නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේය.


ස්වාමීන්වහන්සේ ජීවමාන බව සැබෑවාසේම මේ කාරණය නිසා නුඹට කිසි දඬුවමක් නොවන්නේයයි සාවුල් ඈට කියා ස්වාමීන්වහන්සේ ගැන ඈට දිවුළේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්