Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 සාමුවෙ 28:4 - Sinhala Revised Old Version

4 පිලිස්තිවරු රැස්වී ඇවිත් ෂූනෙම්හි කඳවුරු බැඳගත්තෝය. සාවුල්ද සියලු ඉශ්‍රායෙල්වරුන් රැස්කෙළේය, ඔව්හු ගිල්බෝවාහි කඳවුරු බැඳගත්තෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

4 පිලිස්තිවරු එක්රැස් වී අවුත්, ෂූනෙම්හි කඳවුරු බැඳගත්තෝ ය. සාවුල් ද සියලු ඉශ්රායෙල්වරුන් රැස් කෙළේ ය. ඔව්හු ගිල්බෝවාහි කඳවුරු බැඳගත්හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

4 පිලිස්තිවරු එක්රැස් වී අවුත්, ෂූනෙම්හි කඳවුරු බැඳගත්තෝ ය. සාවුල් ද සියලු ඉශ්රායෙල්වරුන් රැස් කෙළේ ය. ඔව්හු ගිල්බෝවාහි කඳවුරු බැඳගත්හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 සාමුවෙ 28:4
9 හුවමාරු යොමු  

පිලිස්තිවරු වනාහි ඉශ්‍රායෙල්වරුන්ට විරුද්ධව යුද්ධ කළෝය. ඉශ්‍රායෙල් මනුෂ්‍යයෝ පිලිස්තිවරුන් ඉදිරියෙන් පලාගොස්, ගිල්බෝවා කන්දේදී මැරුම්කා වැටුණෝය.


ඔවුන්ගේ පළාතට යෙශ්‍රෙයෙල්ද කෙසුල්ලොත්ද ෂුනෙම්ද,


එක් දවසක් එලිෂා ෂුනෙම්ට ගියේය. එහි සිටි උත්තම ස්ත්‍රියෙක් කෑම කන්ට ඔහුට පෙරැත්තකළාය. මෙසේ ඔහු යන එන සෑම විටම කෑම කන පිණිස එහි නැවතුණේය.


පිලිස්තිවරුන් විසින් ගිල්බොවාහි සාවුල් මැරූ දවසේදී පිලිස්තිවරු සාවුල් සහ ඔහුගේ පුත්‍රවූ යොනාතාන් බෙත්-ෂාන්හි වීථියේ එල්ලාදැමුවෝය. එතැනින් ඔවුන්ගේ ඇට යාබෙෂ්-ගිලියද් මනුෂ්‍යයන් විසින් හොරෙන් ගෙන ගොස් තිබුණේය.


එම්බා ගිල්බෝවා කඳුනි, නුඹ පිට පිනිවත් වර්ෂාවවත් නොවැටේවා, ප්‍රථම ඵල පූජා පිට්ටනිද නොතිබේවා. මක්නිසාද බලවතුන්ගේ පලිහ වන සාවුල්ගේ පලිහ තෙලින් ආලේපකරනු නොලැබුවාක් මෙන් අගෞරව ලෙස අහක දමනලද්දේය.


ඔහුට දැන්වූ යෞවනයා කථාකොට: මම ගිල්බෝවා කන්දට අහම්බෙන් පැමුණුණෙමි. ඒ වේලාවේ සාවුල් තමාගේ හෙල්ලයට හේත්තුවී උන්නේය; රථ හා අසරුවෝ ඔහු පස්සේ සැරෙන් එළවාගන ආවෝය.


සාවුල් පිලිස්තිවරුන්ගේ සේනාව දැක භයවිය, ඔහුගේ සිතද බොහෝසෙයින් වෙවුලුවේය.


ඔව්හු ශෝභන තරුණියෙකු සියලු ඉශ්‍රායෙල් සීමා තුළ සොයා ෂුනම්මිය අබිෂග් සම්බවී ඈ රජු ළඟට ගෙනාවෝය.


තවද පසුවදා මැරුම්කෑ අයගෙන් කොල්ලය ගන්ට පිලිස්තිවරුන් ආ කල සාවුල්ද ඔහුගේ පුත්‍රයන් තුන්දෙනාද ගිල්බෝවා කන්දේ වැටී ඉන්නවා ඔවුන්ට සම්බවුණේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්