Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 සාමුවෙ 28:21 - Sinhala Revised Old Version

21 ඒ ස්ත්‍රී සාවුල් ළඟට ඇවිත්, ඔහු ඉතා කැළඹී සිටි බව දැක ඔහුට කථාකොට: ඔබගේ දාසීවූ මම ඔබගේ හඬට කීකරුව මාගේ ජීවිතය නොසලකා ඔබ මට කී වචන ඇසීමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

21 ඒ ස්ත්‍රිය සාවුල් ළඟට අවුත්, ඔහු බොහෝ සේ කැළඹී සිටින බව දැක, ඔහුට කතා කොට, “ඔබේ දාසී වන මම ඔබේ හඬට කීකරු ව මාගේ ජීවිතය නොසලකා ඔබ මට කී දේ කෙළෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

21 ඒ ස්ත්‍රිය සාවුල් ළඟට අවුත්, ඔහු බොහෝ සේ කැළඹී සිටින බව දැක, ඔහුට කතා කොට, “ඔබේ දාසී වන මම ඔබේ හඬට කීකරු ව මාගේ ජීවිතය නොසලකා ඔබ මට කී දේ කෙළෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 සාමුවෙ 28:21
6 හුවමාරු යොමු  

නුඹලා මා ගැළෙවුවේ නැති බව මම දුටුවිට මාගේ ජීවිතය නොසලකා අම්මොන් පුත්‍රයන්ට විරුද්ධව එගොඩට ගියෙමි, ස්වාමීන්වහන්සේද ඔවුන් මා අතට පාවාදුන්සේක. ඉතින් නුඹලා මට විරුද්ධව සටන්කරන්ට අද දවසේ මා ළඟට ආවේ මක්නිසාදැයි ඔවුන්ට කීවේය.


මා විසින් මාගේ මාංසය මාගේ දත්වලින් ඩැහැගන යන්නෙත් මාගේ ප්‍රාණය මාගේ අතේ තබාගන ඉන්නෙත් මක්නිසාද?


කුමක් හෙයින්ද ඔහු තමාගේ ප්‍රාණය නොසලකා ගොස් පිලිස්තියයා මැරුවේය, එයින් ස්වාමීන්වහන්සේ සියලු ඉශ්‍රායෙල්වරුන්ට මහත් ගැළවීමක් ඉෂ්ටකර දුන්සේක. ඔබ ඒ දැක ප්‍රීතිවූයෙහිය. එබැවින් නිෂ්කාරණයේ දාවිත් මරා නිදොස් ලේ වැගිරීමෙන් ඔබ පව්කරන්ට හදන්නේ මක්නිසාදැයි කීවේය.


එවිට සාවුල් එකෙණෙහිම බිම වැතිර සාමුවෙල්ගේ වචන නිසා අතිශයින් භයවූයේය. ඔහු එදා මුළු දවාලෙහිවත් රාත්‍රියෙහිවත් කෑම නොකෑ නිසා ඔහු තුළ කිසි ශක්තියක් නොතිබුණේය.


ඒ නිසා ඔබත් දැන් ඔබගේ දාසීගේ වචන අසා, ඔබ ඉදිරියෙහි රොටි කෑල්ලක් තබන්ට මට අවසර දී, ඔබ මාර්ගයෙහි යන කල ඔබට ශක්තිය ඇතිවෙන පිණිස කෑව මැනවැයි කීවාය.


මේ කාරණය ගැන සිරියේ රජුගේ සිත කැළඹී ඔහු තමාගේ සේවකයන් කැඳවා: අපෙන් ඉශ්‍රායෙල් රජුගේ පක්ෂයට සිටින්නේ කවුද කියා නුඹලා මට දන්වන්නේ නැද්දැයි කීවේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්