Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 සාමුවෙ 28:17 - Sinhala Revised Old Version

17 ස්වාමීන්වහන්සේ මා ලවා කියෙවූ හැටියට ඉෂ්ටකළසේක. ස්වාමීන්වහන්සේ නුඹ අතින් රජකම පැහැරගෙන නුඹේ අසල්වාසීවූ දාවිත්ට දුන්සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

17 සමිඳාණන් වහන්සේ මා ලවා ප්‍රකාශ කරවූ හැටියට ඉෂ්ට කළ සේක. සමිඳාණන් වහන්සේ ඔබ අතින් රජකම පැහැරගෙන ඔබේ අසල්වැසියා වන දාවිත්ට දුන් සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

17 සමිඳාණන් වහන්සේ මා ලවා ප්‍රකාශ කරවූ හැටියට ඉෂ්ට කළ සේක. සමිඳාණන් වහන්සේ ඔබ අතින් රජකම පැහැරගෙන ඔබේ අසල්වැසියා වන දාවිත්ට දුන් සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 සාමුවෙ 28:17
7 හුවමාරු යොමු  

ස්වාමීන්වහන්සේ ඒ ඒ දෙය ඒ ඒ අදහසටද දුෂ්ටයා පවා විපත්ති දවසටද නියම කළසේක.


ඉතින් සැබෑවටම නුඹ රජවෙන බවත් ඉශ්‍රායෙල් රජකම නුඹේ අතේ ස්ථිරවෙන බවත් දනිමි.


එවිට සාමුවෙල් තෙල් කුලාව රැගෙන ඔහුගේ සහෝදරයන් මැදදී ඔහු ආලේපකෙළේය. එදින පටන් ස්වාමීන්වහන්සේගේ ආත්මය ආනුභාසම්පන්නව දාවිත් කෙරෙහි පැමිණියේය. සාමුවෙල් නැගිට රාමාට ගියේය.


එවිට සාමුවෙල්: ස්වාමීන්වහන්සේ නුඹ කෙරෙන් අහක්වී නුඹට විරුද්ධව සිටිද්දී නුඹ මාගෙන් අසන්නේ මක්නිසාද?


ස්වාමීන්වහන්සේ දාවිත්ට දිවුළ ලෙස මම ඔහුට නොකෙළෙම්නම් දෙවියන්වහන්සේ අබ්නේර්ට එසේමත් ඊට වැඩියත් කරනසේක්වයි කීවේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්