Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 සාමුවෙ 26:9 - Sinhala Revised Old Version

9 දාවිත් කථාකොට: ඔහු විනාශනොකරන්න. ස්වාමීන්වහන්සේගේ අභිෂේකලත් තැනැත්තාට විරුද්ධව තමාගේ අත දිගුකර නිර්දෝෂව සිටින්ට පුළුවන් කාටදැයි අබිෂයිට කීවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

9 දාවිත් පිළිතුරු දෙමින්, “ඔහු නොනසන්න; සමිඳාණන් වහන්සේගේ අභිෂේක ලත් තැනැත්තාට විරුද්ධ ව සිය අත ඔසවා නිදොස් ව සිටින්නට හැකි කාට දැ”යි අබිෂයිට කීවේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

9 දාවිත් පිළිතුරු දෙමින්, “ඔහු නොනසන්න; සමිඳාණන් වහන්සේගේ අභිෂේක ලත් තැනැත්තාට විරුද්ධ ව සිය අත ඔසවා නිදොස් ව සිටින්නට හැකි කාට දැ”යි අබිෂයිට කීවේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 සාමුවෙ 26:9
11 හුවමාරු යොමු  

දාවිත්ද: ස්වාමීන්වහන්සේගේ අභිෂේකලත් තැනැත්තා විනාශකිරීමට භය නැතුව නුඹේ අත දිගුකළේ කෙසේදැයි ඔහුට කියා,


මාගේ අභිෂේකලද්දවුන්ට අත නොගසව්, මාගේ අනාගතවක්තෘවරුන්ට හිංසා නොකරව්යයි කීසේක.


දාවිත් ඔහුට කථාකොට: නුඹේ ලේ නුඹේම හිස පිට වේවා; මක්නිසාද–මම ස්වාමීන්වහන්සේගේ අභිෂේකලත් තැනැත්තා මැරුවෙමියි කියා නුඹේම මුඛය නුඹට විරුද්ධව සාක්ෂිදුන්නේයයි කීවේය.


එවිට සාමුවෙල් තෙල් කුලාව රැගෙන සාවුල්ගේ හිසේ වත්කොට ඔහු සිඹ: ස්වාමීන්වහන්සේ තමන්ගේ උරුමය කෙරෙහි අධිපතියාකොට නුඹ ආලේපකළසේක් නොවේදැයි කීය.


එවිට අබිෂයි දාවිත්ට කථාකොට: දෙවියන්වහන්සේ අද ඔබගේ සතුරා ඔබ අතට පාවාදුන්සේක. එබැවින් දැන් එක පහරකින් හෙල්ලයෙන් ඔහු බිමටම ඇනදමන්ට මට අවසර දුනමැනවි, ඔහුට පහර දෙකක් නොගසන්නෙමියි දාවිත්ට කීය.


මා සමඟ සමාදානයෙන් සිටිය තැනැත්තාට නපුරක් කෙළෙම් නම්; (සැබවින් නිකරුණේ මට එදිරිව සිටි තැනැත්තා මම ගැළවීමි.)


මම මෙහිය. මම කාගේ හරකා ගතිම්ද? කාගේ කොටළුවා ගතිම්ද? කාට අයුක්තියක් කෙළෙම්ද? කාට බලාත්කාරකමක් කෙළෙම්ද? මාගේ ඇස් වසාගන්න පිණිස කාගෙන් අල්ලසක් ගතිම්දැයි ස්වාමීන්වහන්සේද උන්වහන්සේගේ අභිෂේකලත් තැනැත්තාද ඉදිරියෙහි මට විරුද්ධව සාක්ෂි දෙන්න, එවිට මම එය නැවත නුඹලාට දෙන්නෙමියි කීවේය.


දාවිත්ද: ශෙරුයාගේ පුත්‍රයෙනි, නුඹලා අද මට එදිරිවීමට නුඹලාත් මාත් අතරේ තිබෙන සම්බන්ධකම මොකද? අද ඉශ්‍රායෙල්වරුන්ගෙන් කිසිවෙකු මරණයට පත්කරන්ට යුතුද? මක්නිසාද අද මා ඉශ්‍රායෙල් කෙරෙහි රජව සිටින බව මම නොදනිම්දැයි කීවේය.


මනුෂ්‍යයන්ගේ ක්‍රියා කෙසේ වුවත් මම ඔබගේ තොල්වල වචනය කරණකොටගෙන බලාත්කාරකරන්නන්ගේ මාර්ගවලින් වැලකී සිටියෙමි.


දෙවියන්වහන්ස, මට කරුණාකළ මැනව, මට කරුණාකළ මැනව; මක්නිසාද මාගේ ආත්මය ඔබ සරණකොට ගනියි. එසේය, මේ විපත්ති නිමවන තෙක්, ඔබගේ පියාපත් සෙවණ සරණකොට ගන්නෙමි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්