Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 සාමුවෙ 26:18 - Sinhala Revised Old Version

18 මාගේ ස්වාමියා තමාගේ මෙහෙකරුවා පස්සේ එළවාගන එන්නේ මක්නිසාද? මා කළේ මොකද? මා අත තිබෙන දෝෂය මොකද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

18 මාගේ ස්වාමියා තමාගේ මෙහෙකරුවා ලුහුබැඳ එන්නේ මක්නිසා ද? මා කෙළේ කුමක් ද? මා කළ අපරාධය කුමක් ද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

18 මාගේ ස්වාමියා තමාගේ මෙහෙකරුවා ලුහුබැඳ එන්නේ මක්නිසා ද? මා කෙළේ කුමක් ද? මා කළ අපරාධය කුමක් ද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 සාමුවෙ 26:18
12 හුවමාරු යොමු  

සාවුල්ට කථාකොට: දාවිත් ඔබට අනතුරු කරන්ට සොයන්නේයයි කියන මනුෂ්‍යයන්ගේ වචනවලට ඔබ ඇහුම්කන්දෙන්නේ මක්නිසාද?


යේසුස්වහන්සේ ඔහුට උත්තරදෙමින්: මම අයුතුලෙස කථාකෙළෙම් නම්, ඒ අයුතුකම ගැන සාක්ෂිදෙන්න. යුතුලෙස කථාකෙළෙම් නම් මට පහරදෙන්නේ මක්නිසාදැයි කීසේක.


යේසුස්වහන්සේ ඔවුන්ට උත්තරදෙමින්: පියාණන්වහන්සේගෙන් බොහෝ යහපත් ක්‍රියා නුඹලාට දැක්වීමි; එයින් කොයි ක්‍රියාව නිසා මට ගල්ගසන්නහුදැයි ඇසූසේක.


මට පාපය ඇතැයි නුඹලාගෙන් කවරෙක් ඔප්පුකෙරේද? මම සැබෑව කියම් නම් නුඹලා මා අදහා නොගන්නේ මක්නිසාද?


නිෂ්කාරණයේ මට වෛරවන්නෝ මාගේ ඉසකේවලට වැඩිය. අයුතුලෙස මට සතුරුව මා සිඳ දමන්ට කැමැත්තෝ බලවත්ය. එවිට මා විසින් පැහැර නොගත් දෙය දෙන්ට සිදුවිය.


මක්නිසාද ඔව්හු නිෂ්කාරණයේ මට ඔවුන්ගේ දැල වළක සඟවා තැබූය, නිෂ්කාරණයේ මාගේ ප්‍රාණයට වළක් හෑරුවෝය.


දාවිත්ද: මම දැන් මක්කෙළෙම්ද? වචනයක් කීවා පමණක් නොවේදැයි කියා,


අධිපතීහු නිකරුණේ මට පීඩාකළෝය; නුමුත් මාගේ සිත ඔබගේ වචන වලට භයින් පවතී.


තවද යෙරෙමියා ශෙදෙකියා රජුට කථාකොට: මා හිරගෙයි දැමීමට නුඹටවත් නුඹේ සේවකයන්ටවත් මේ සෙනඟටවත් විරුද්ධව මා විසින් කළ පාපය මොකද?


දාවිත් රාමායේ තිබෙන නායොත්හි සිට පලාගොස් යොනාතාන් ළඟට පැමිණ කථාකොට: නුඹේ පියාණන් මා මරන්ට සොයන්නේ මම කුමක් කෙළම්ද? මාගේ අපරාධය කිමෙක්ද? ඔහු ඉදිරියෙහි මා කළ පාපය මොකදැයි ඇසුවේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්