Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 සාමුවෙ 25:42 - Sinhala Revised Old Version

42 එවිට අබීගායිල් ඉක්මන්කර කොටළුවෙකු පිට නැගී පිටත්වුණාය, ඇගේ තරුණියෝ පස්දෙනෙක්ද ඈ අනුව ගියෝය; එසේ ඈ දාවිත්ගේ පණිවිඩකාරයන් කැටුව ගොස් ඔහුගේ භාර්යාව වූවාය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

42 එවිට අබිගායිල් කඩිනමින් කොටළුවෙකු පිට නැඟී පිටත්වුණා ය. ඇගේ තරුණියෝ පස්දෙනෙක් ද ඈ සමඟ ගියහ. එසේ ඈ දාවිත්ගේ පණිවුඩකාරයන් කැටුව ගොස් ඔහුගේ භාර්යාව වූවා ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

42 එවිට අබිගායිල් කඩිනමින් කොටළුවෙකු පිට නැඟී පිටත්වුණා ය. ඇගේ තරුණියෝ පස්දෙනෙක් ද ඈ සමඟ ගියහ. එසේ ඈ දාවිත්ගේ පණිවුඩකාරයන් කැටුව ගොස් ඔහුගේ භාර්යාව වූවා ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 සාමුවෙ 25:42
7 හුවමාරු යොමු  

දාවිත් සහ ඔහුගේ මිනිස්සුද ඔවුනොවුන්ගේ පවුල්ද දාවිත් සමඟ ඔහුගේ භාර්යාවන් දෙදෙනා වන යෙස්‍රෙයෙලිය අහිනොවම් සහ නාබල්ගේ භාර්යාවව සිටියාවූ කර්මෙලිය අබීගායිල්ද ආකීෂ් වෙත ගාත්හි විසුවෝය.


දාවිත්ගේ භාර්යාවන් දෙදෙනා වන යෙස්‍රෙයෙලිය අහිනොවම් සහ කර්මෙලිය නාබල්ගේ භාර්යාව ව සිටි අබීගායිල්ද වාලට අසුවී ගියෝය.


එවිට දාවිත්ද ඔහුගේ භාර්යාවන් දෙදෙනා වන යෙස්‍රෙයෙලිය අහිනොවම්ද කර්මෙලිය නාබල්ගේ භාර්යාවව සිටියාවූ අබිගායිල්ද එහි ගියෝය.


හෙබ්‍රොන්හිදී දාවිත්ට පුත්‍රයෝ උපන්නෝය. ඔහුගේ කුලුඳුලා නම් යෙස්‍රෙයෙලිය අහිනොවම්ගෙන් උපන් අම්නොන්ය;


ඔහුගේ දෙවෙනියා කර්මෙලිය නාබල්ගේ භාර්යාව ව සිටියාවූ අබිගායිල්ගෙන් උපන් කිලෙයාබ්ය; තුන්වෙනියා ගෙෂූර්හි රජ වන තල්මයිගේ දුවවූ මයකාගේ පුත්‍රවූ අබ්සලොම්ය;


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්