Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 සාමුවෙ 25:41 - Sinhala Revised Old Version

41 ඈද නැගිට මුහුණින් බිමට නැමී: ඔබගේ දාසී මාගේ ස්වාමියාගේ සේවකයන්ගේ පාද සෝදන්ට දාසියකැයි කීවාය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

41 අබිගායිල් නැඟිට මුණින්තළා වී, “එතුමාගේ දාසි වන මම එතුමාගේ සේවකයන්ගේ පාද සේදීමට සූදානම් ය”යි කීවා ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

41 අබිගායිල් නැඟිට මුණින්තළා වී, “එතුමාගේ දාසි වන මම එතුමාගේ සේවකයන්ගේ පාද සේදීමට සූදානම් ය”යි කීවා ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 සාමුවෙ 25:41
10 හුවමාරු යොමු  

යහපත් ක්‍රියා ගැන ප්‍රසිද්ධවූ, දරුවන් ඇතිකළාවූ, ආගන්තුක සත්කාරකළාවූ, ශුද්ධවන්තයන්ගේ පාද සේදුවාවූ, පීඩා විඳින්නන්ට උපකාරකළාවූ, සියලු ආකාර යහපත් ක්‍රියාවල යෙදී සිටියාවූ තැනැත්තියක්ය.


එවිට ඈ බිම වැතිර මුහුණින් වැටී වැඳ: විදේශීවූ මා සලකන ලෙස ඔබ ඉදිරියෙහි මට කරුණාව ලැබී තිබෙන්නේ මක්නිසාදැයි ඔහුට කීවාය.


විනාශයට පළමුවෙන් මනුෂ්‍යයාගේ සිත උඩඟුව තිබේ, ගෞරවයට පළමුවෙන් යටහත්කම ඇත්තේය.


ස්වාමීන්වහන්සේ කෙරෙහි භයවීම ප්‍රඥාවේ ගුරුකමය; ගෞරවයට පළමුවෙන් යටත්කම ඇත්තේය.


පැන් ටිකක් ගෙනෙන්ට ඉඩ දී ඔබවහන්සේලාගේ පාද සෝදා, ගස යට පහසුගත මැනව.


එවිට ඈ: මාගේ ස්වාමිනි, ඔබ ඉදිරියෙහි මට කරුණාව ලැබේවා; මක්නිසාද මා ඔබගේ මෙහකොරියන්ගෙන් කෙනෙකු මෙන් නොවන නුමුත්, ඔබ මා සනසා ඔබගේ මෙහකොරිය සමග කරුණාවෙන් කථාකෙළෙහියයි කීවාය.


ඔහු දේශනාකරමින්: මට වඩා බලවත් කෙනෙක් මට පසුව එනසේක, මම නැමී උන්වහන්සේගේ වහන්වල පටිය මුදන්ටවත් නොවටිමි.


අබීගායිල් දාවිත් දැක, ඉක්මනින් කොටළුවා පිටින් බැස, දාවිත් ඉදිරියෙහි මුහුණින් බිමට වැටී වැඳ,


දාවිත්ගේ සේවකයෝ කර්මෙල්හි අබීගායිල් ළඟට පැමිණ ඈට කථාකරමින්: දාවිත් තමාට භාර්යාව වීමට නුඹ කැඳවාගන යන පිණිස නුඹ වෙතට අප එවුවේයයි කීවෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්