Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 සාමුවෙ 25:37 - Sinhala Revised Old Version

37 පසුවදා නාබල්ගේ වෙරි සිඳුණු කල ඔහුගේ භාර්යාව ඔහුට මේ කාරණා දැන්නුවාය, එවිට ඔහුගේ සිත ඔහු තුළ කිඳාගොස් ඔහු ගලක් මෙන් විය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

37 පසු දා නාබල්ගේ වෙරි සිඳුණ කල ඈ ඔහුට සියලු දේ සැළ කළා ය. එවිට ඔහු හදිස්සි ආබාධයකින් දරදඬු විය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

37 පසු දා නාබල්ගේ වෙරි සිඳුණ කල ඈ ඔහුට සියලු දේ සැළ කළා ය. එවිට ඔහු හදිස්සි ආබාධයකින් දරදඬු විය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 සාමුවෙ 25:37
7 හුවමාරු යොමු  

මක්නිසාද නුඹට හිංසා කිරීමෙන් මා වැලැක්වුවාවූ ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ජීවමාන බව සැබෑවා සේම, නුඹ ඉක්මනින් මා සම්බවෙන්ට නාවා නම්, නාබල්ට අයිති එක පිරිමියෙක්වත් හෙට එළිවෙනකොට ඉතුරු නොවන්නේයයි කීවේය.


මා විසින් මොහුගේ සියලු පිරිමින්ගෙන් එක්කෙනෙක්වත් හෙට එළිවෙනතුරු ඉතිරිකළොත් දෙවියන්වහන්සේ දාවිත්ගේ සතුරන්ටත් එසේත් ඊට වැඩියත් කරනසේක්වයි දාවිත් කියා තිබුණේය.


ස්වාමීන්වහන්සේ උමතුකමද අන්ධකමද විස්මිතභාවයද යන මේවායින් නුඹට පහරදෙනසේක.


අබීගායිල් නාබල් ළඟට පැමිණිවිට, රාජ මංගල්‍යයක් මෙන් ඔහු තමාගේ ගෙදර මංගල්‍යයක් පවත්වමින් සිටියේය; තවද නාබල්ගේ සිත ප්‍රීතිමත්ව තිබුණේය, මක්නිසාද ඔහු හොඳටම මත්වී සිටියේය. එබැවින් පසුවදා එළිවෙන තුරු ඈ කිසිවක් ඔහුට දැන්නුවේ නැත.


ඊට දස දවසකට පමණ පසු ස්වාමීන්වහන්සේ නාබල්ට පහරදුන්සේක, ඔහු මළේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්