Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 සාමුවෙ 25:19 - Sinhala Revised Old Version

19 ඇගේ වැඩකාරයන්ට කථාකොට: නුඹලා මට පෙරටුව යන්න; මම නුඹලාට පස්සෙන් එන්නෙමියි කීවාය. එහෙත් ඇගේ පුරුෂයාවූ නාබල්ට ඈ ඒ බව කීවේ නැත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

19 එසේ කර ඈ වැඩකාරයන් අමතා, “ඔබ මට පෙරටුව යන්න. මම ඔබ පස්සෙන් එන්නෙමි”යි කීවා ය. ඒ ගැන කිසිවක් ඈ සිය පුරුෂයාට කීවේ නැත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

19 එසේ කර ඈ වැඩකාරයන් අමතා, “ඔබ මට පෙරටුව යන්න. මම ඔබ පස්සෙන් එන්නෙමි”යි කීවා ය. ඒ ගැන කිසිවක් ඈ සිය පුරුෂයාට කීවේ නැත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 සාමුවෙ 25:19
9 හුවමාරු යොමු  

ඔබගේ මෙහෙකරුවූ යාකොබ් අප පස්සෙන් එන්නේය කියා කියන්නැයි කීවේය. මක්නිසාද: මට පෙරටුව යවන තෑග්ගෙන් ඔහු සමගිකරගෙන පසුව ඔහුගේ මුහුණ බලන්නෙමි; සමහරවිට ඔහු මා පිළිගන්නවා ඇතැයි ඔහු කීවේය.


තමාගේ වැඩකාරයන් අතට ඒ ඒ රංචු වෙන් වශයෙන් භාරදී: නුඹලා රංචුවෙන් රංචුව ඈත්කර මට පෙරටුව එතරට යන්නැයි තමාගේ වැඩකාරයන්ට කීවේය.


ඈ අලසකමේ කෑම නොකා ඇගේ පවුලේ කාරණා බලාගනියි.


ඈ කොටළුවා පිට නැගී කන්දේ මුවාව තිබුණ ස්ථානයකින් බැසයද්දී දාවිත්ද ඔහුගේ මිනිස්සුද ඈ ඉදිරිපිට බැස ආවෝය; ඈද ඔවුන්ට මුණගැසුණාය.


අබීගායිල් නාබල් ළඟට පැමිණිවිට, රාජ මංගල්‍යයක් මෙන් ඔහු තමාගේ ගෙදර මංගල්‍යයක් පවත්වමින් සිටියේය; තවද නාබල්ගේ සිත ප්‍රීතිමත්ව තිබුණේය, මක්නිසාද ඔහු හොඳටම මත්වී සිටියේය. එබැවින් පසුවදා එළිවෙන තුරු ඈ කිසිවක් ඔහුට දැන්නුවේ නැත.


ඔහු දෙවෙනියාටත් තුන්වෙනියාටත් රංචු පස්සේ යන සියල්ලන්ටත් අණකරමින්: ඒසව් සම්බවූ කල නුඹලා එයාකාරයෙන් ඔහුට කථාකර–


මෙසේ ඒ තෑග්ග ඔහුට පෙරටුව ගියේය. ඔහු වනාහි ඒ රාත්‍රියේ අන්දායමෙහි නැවතුණේය.


එක් දවසක් සාවුල්ගේ පුත්‍රවූ යොනාතාන් තමාගේ ආයුධ ගෙනයන තරුණයාට කථාකොට: එන්න, අර පැත්තේ සිටින පිලිස්තිවරුන්ගේ මුර සමුදාව ළඟට යමුයයි කීවේය. නුමුත් ඔහු තමාගේ පියාට දැන්නුවේ නැත.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්