Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 සාමුවෙ 24:7 - Sinhala Revised Old Version

7 මෙසේ සාවුල්ට විරුද්ධව නැගිටින්ට දාවිත් තමාගේ මිනිසුන්ට ඉඩනෑර මේ වචනවලින් ඔවුන් නවත්වා ගත්තේය. සාවුල් ගුහාවෙන් පිටත්ව යන්ට ගියේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

7 මෙසේ සාවුල්ට අනතුරක් කරන ලෙස දාවිත් තමාගේ සෙනඟට ඉඩ නෑර මේ වචනවලින් ඔවුන් වළක්වා ගත්තේ ය. සාවුල් ගුහාවෙන් පිටත් ව ගියේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

7 මෙසේ සාවුල්ට අනතුරක් කරන ලෙස දාවිත් තමාගේ සෙනඟට ඉඩ නෑර මේ වචනවලින් ඔවුන් වළක්වා ගත්තේ ය. සාවුල් ගුහාවෙන් පිටත් ව ගියේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 සාමුවෙ 24:7
10 හුවමාරු යොමු  

නුමුත් මම නුඹලාට කියමි: නුඹලාගේ සතුරන්ට ප්‍රේමකරන්න, නුඹලාට පීඩාකරන්නන් උදෙසා යාච්ඤාකරන්න;


මා සමඟ සමාදානයෙන් සිටිය තැනැත්තාට නපුරක් කෙළෙම් නම්; (සැබවින් නිකරුණේ මට එදිරිව සිටි තැනැත්තා මම ගැළවීමි.)


නුඹේ නුවණටද ප්‍රශංසා වේවා, ලේ වගුරුවා මාගේම අතින් පළිගැනීමෙන් අද දවසේ මා වැලැක්වූ නුඹට ආශීර්වාද වේවා.


ඔහු තමාගේ මිනිසුන්ට කථාකොට: ස්වාමීන්වහන්සේගේ අභිෂේකලත් තැනැත්තා වන මාගේ ස්වාමියාට විරුද්ධව මේ දේ කිරීමෙන් එනම් මාගේ අත දිගුකිරීමෙන් ස්වාමීන්වහන්සේ මා වලක්වනසේක්වා, මක්නිසාද ඔහු ස්වාමීන්වහන්සේගේ අභිෂේකලත් තැනැත්තායයි කීවේය.


ඉන්පසු දාවිත් නැගිට ගුහාවෙන් පිටතට ගොස්: මාගේ ස්වාමිවූ රජ්ජුරුවන්වහන්සැයි කියා සාවුල්ට මොරගැසීය. සාවුල් පස්සට හැරී බැලූ කල දාවිත් මුහුණින් බිමට නැමී වැඳ,


දාවිත් කථාකොට: ඔහු විනාශනොකරන්න. ස්වාමීන්වහන්සේගේ අභිෂේකලත් තැනැත්තාට විරුද්ධව තමාගේ අත දිගුකර නිර්දෝෂව සිටින්ට පුළුවන් කාටදැයි අබිෂයිට කීවේය.


මම මෙහිය. මම කාගේ හරකා ගතිම්ද? කාගේ කොටළුවා ගතිම්ද? කාට අයුක්තියක් කෙළෙම්ද? කාට බලාත්කාරකමක් කෙළෙම්ද? මාගේ ඇස් වසාගන්න පිණිස කාගෙන් අල්ලසක් ගතිම්දැයි ස්වාමීන්වහන්සේද උන්වහන්සේගේ අභිෂේකලත් තැනැත්තාද ඉදිරියෙහි මට විරුද්ධව සාක්ෂි දෙන්න, එවිට මම එය නැවත නුඹලාට දෙන්නෙමියි කීවේය.


ස්වාමීන්වහන්සේ එක එක තැනැත්තාට තම තමාගේ ධර්මිෂ්ඨකමද විශ්වාසකමද ලෙස විපාකදෙනසේක්වා. මක්නිසාද ස්වාමීන්වහන්සේ අද ඔබ මා අතට පාවාදුන් නුමුත් මම ස්වාමීන්වහන්සේගේ අභිෂේකලත් තැනැත්තාට විරුද්ධව මාගේ අත දිගුකරන්ට නොකැමැතිවීමි.


දාවිත්ද: ස්වාමීන්වහන්සේගේ අභිෂේකලත් තැනැත්තා විනාශකිරීමට භය නැතුව නුඹේ අත දිගුකළේ කෙසේදැයි ඔහුට කියා,


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්