Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 සාමුවෙ 23:25 - Sinhala Revised Old Version

25 සාවුල්ද ඔහුගේ මිනිස්සුද ඔහු සොයන්ට ගියෝය. ඒ බව දාවිත්ට දන්වනලද බැවින් ඔහු පර්වතයට බැස ඇවිත් මායොන් කාන්තාරයෙහි සිටියේය. සාවුල් ඒ අසා මායොන් කාන්තාරයෙහි දාවිත් පස්සේ එළවාගන ගියේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

25 සාවුල් ද ඔහුගේ සෙනඟ ද ඔහු සොයන පිණිස ගියහ. ඒ බව දාවිත්ට දන්වනු ලැබූ බැවින් ඔහු පර්වතයට බැස අවුත් මායොන් පාළුකරයෙහි සිටියේ ය. සාවුල් ඒ බව අසා දාවිත් ලුහුබැඳ මායොන් පාළුකරයට ගියේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

25 සාවුල් ද ඔහුගේ සෙනඟ ද ඔහු සොයන පිණිස ගියහ. ඒ බව දාවිත්ට දන්වනු ලැබූ බැවින් ඔහු පර්වතයට බැස අවුත් මායොන් පාළුකරයෙහි සිටියේ ය. සාවුල් ඒ බව අසා දාවිත් ලුහුබැඳ මායොන් පාළුකරයට ගියේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 සාමුවෙ 23:25
5 හුවමාරු යොමු  

එබැවින් සාවුල් දාවිත් පස්සේ එළවාගනයාමෙන් හැරී ඇවිත් පිලිස්තිවරුන්ට විරුද්ධව ගියේය. ඒ නිසා ඔව්හු ඒ ස්ථානයට සෙල-හම්මාලෙකොත් යන නම තැබුවෝය.


ඔහු ඔවුන්ට ගිය ගිය අතේ පහරදී මහත් මැරීමක් කෙළේය. පසුව ඔහු ගොස් ඒතාම් පර්වතයේ විවරයෙහි නැවතී සිටියේය.


ඔව්හු පිටත්ව සාවුල්ට පළමුවෙන් ශීප්ට ගියෝය. එහෙත් දාවිත් සහ ඔහුගේ මිනිස්සු මරුකතරට දකුණු දිගින් අරබා සමභූමියෙහි තිබෙන මායොන් කාන්තාරයේ සිටියෝය.


සාවුල් කන්දේ එක පැත්තකින්ද දාවිත් හා ඔහුගේ මිනිස්සු කන්දේ අනික් පැත්තෙන්ද ගියෝය. සාවුල් සහ ඔහුගේ මිනිසුන් දාවිත් සහ ඔහුගේ මිනිසුන් අල්ලාගන්න පිණිස වටකළ නිසා දාවිත් සාවුල්ට භයෙන් ගැළවීයන්ට ඉක්මන්කෙළේය.


ස්වාමීන්වහන්සේ මාගේ පර්වතයය මාගේ බලකොටුවය, මාගේ, මාගේම මිදුම්කාරයාණෝය;


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්