Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 සාමුවෙ 23:22 - Sinhala Revised Old Version

22 ඉතින් නුඹලා ගොස් තව සෝදිසිකර, ඔහු ගැවසෙන ඔහුගේ ස්ථානයත් එහි ඔහු දුටුවේ කව්ද කියාත් බලා දැනගන්න. මක්නිසාද ඔහු බොහෝ උපාය දක්ෂව හැසිරෙන බව මට දැනගන්ට ලැබී තිබේ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

22 ඉතින් ඔබ ගොස් තවදුරටත් සෝදිසි කර, ඔහු ගැවසෙන ඔහුගේ ස්ථානයත්, එහි ඔහු සිටිනු දුටුවේ කවරෙක් ද කියාත් බලා දැනගන්න. මන්ද, ඔහු උපා යෙදීමට අති දක්ෂ බව මට දැනගන්නට ලැබී තිබේ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

22 ඉතින් ඔබ ගොස් තවදුරටත් සෝදිසි කර, ඔහු ගැවසෙන ඔහුගේ ස්ථානයත්, එහි ඔහු සිටිනු දුටුවේ කවරෙක් ද කියාත් බලා දැනගන්න. මන්ද, ඔහු උපා යෙදීමට අති දක්ෂ බව මට දැනගන්නට ලැබී තිබේ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 සාමුවෙ 23:22
6 හුවමාරු යොමු  

උන්වහන්සේ ප්‍රඥාවන්තයන් ඔවුන්ගේම ප්‍රයෝගයෙන් අසුකරගන්නසේක. රැවටිලිකාරයන්ගේ මන්ත්‍රණයද පෙරළී යන්නේය.


සාවුල්: නුඹලා මට අනුකම්පාකළ නිසා ස්වාමීන්වහන්සේගෙන් නුඹලාට ආශීර්වාදවේවා.


ඒ නිසා ඔහු සැඟවී සිටින සියලු රහස් ස්ථාන බලා, සත්තකලෙස දැනගෙන, මා ළඟට නැවත එන්න, එවිට මම නුඹලා සමඟ ගොස්, ඔහු රටේ ඉන්නවා නම්, යූදාහි සියලු දහස්ගණන් අතරෙහි ඔහු සොයාගන්නෙමියි කීවේය.


හෙබ්‍රොන්හිද දාවිත් සහ ඔහුගේ මිනිසුන් ගැවසුණ සියලු තැන්වලද සිටි වැඩිමහල්ලන්ටය.


දැන් ඔහු වළක හෝ වෙන තැනක හෝ සැඟවී ඇත. තවද පටන්ගැන්මේදීම ඔවුන්ගෙන් සමහර දෙනෙක් වැටුණාම ඒ අසන කවුරු නුමුත්–අබ්සලොම් අනුව යන සෙනඟ අතරෙහි මැරීමක් සිදුවීයයි කියනවා ඇත.


එවිට ඔහු: මා විසින් ඔහු ගෙන්වා ගන්නා පිණිස ඔහු කොතනද කියා නුඹලා ගොස් බලන්නැයි කීවේය. ඔහු දෝතාන්හි සිටින්නේයයි ඔහුට දන්වන ලද්දේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්