Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 සාමුවෙ 22:20 - Sinhala Revised Old Version

20 නුමුත් අහිතුබ්ගේ පුත්‍රයා වන අහිමෙලෙක්ගේ පුත්‍රයන්ගෙන් එක්කෙනෙක්වූ අබියාතර් ගැළවී දාවිත් වෙතට පලාගියේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

20 එහෙත්, අහිතුබ්ගේ පුත්‍රයා වන අහිමෙලෙක්ගේ පුත්‍රයන්ගෙන් එක් කෙනෙකු වූ අබියාතර් දාවිත් වෙත පලා ගියේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

20 එහෙත්, අහිතුබ්ගේ පුත්‍රයා වන අහිමෙලෙක්ගේ පුත්‍රයන්ගෙන් එක් කෙනෙකු වූ අබියාතර් දාවිත් වෙත පලා ගියේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 සාමුවෙ 22:20
15 හුවමාරු යොමු  

අහිමෙලෙක්ගේ පුත්‍රවූ අබියාතර් කෙයිලාහි දාවිත් ළඟට පලා ආ කල ඔහු තමාගේ අතේ ඒඵොද් සැට්ටයක් ඇතුව ආයේය.


ඒඵොද් සැට්ටය මා ළඟට ගෙනෙන්නැයි දාවිත් අහිමෙලෙක්ගේ පුත්‍රවූ අබියාතර් පූජකයාට කීවේය. අබියාතර් ඒඵොද් සැට්ටය දාවිත් ළඟට ගෙනාවේය.


තමාට අන්තරාකරන්ට සාවුල් උපා යොදන බව දාවිත් දැනගත් විට: ඒඵොද් සැට්ටය මෙහි ගෙනෙන්නැයි ඔහු පූජකවූ අබියාතර්ට කීවේය.


තද හුළඟක් කාන්තාරයට එහායින් ඇවිත් ගෙයි සතර කොනට වැදී, ඒක තරුණයන් පිට වැටුණේය, ඔව්හු මැරුණෝය; ඔබට දන්වන්ට ගැළවුණේ මා පමණක්මයයි කීවේය.


බෙන්යමින් මනුෂ්‍යයෙක් සේනාවෙන් දුවගොස්, තමාගේ ඇඳුම් ඉරාගන, හිසේ පස් දමාගන, ඒ දවසේ ෂීලෝට ආයේය.


මාගේ පූජාසනය ළඟින් මා විසින් සිඳිනු නොලබන නුඹට අයිති මනුෂ්‍යයා ඉතුරුවෙන්නේ නුඹේ ඇස් ක්ෂයවී යන්ටත් නුඹේ හෘදය ශෝකාතුර වෙන්ටත් සලස්වන පිණිසය. නුඹේ වංශයෙන් පැවත එන සියල්ලන් මධ්‍යම වයසේදීම මැරෙනවා ඇත.


ෂෙවා වනාහි ලේකම්ය. ශාදොක්ද අබියාතර්ද පූජකයෝය.


ෂීලෝහි ස්වාමීන්වහන්සේගේ පූජකයාව සිටි ඒලීගේ පුත්‍රවූ පීනෙහාස්ගේ පුත්‍රයා වන ඊකාබොද්ගේ සහෝදරවූ අහිතුබ්ගේ පුත්‍රයා වන අහියා එහි ඒඵොද් සැට්ටයක් ඇඳගන සිටියේය. යොනාතාන් ගිය බව සෙනඟ නොදැන සිටියෝය.


සාවුල් ස්වාමීන්වහන්සේගේ පූජකයන් මැරූ බව අබියාතර් දාවිත්ට දැන්නුවේය.


ශාදොක්ද ඔහු සමඟ සියලු ලෙවීවරුද දෙවියන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටිය රැගෙන ආවෝය; මුළු සෙනඟ නුවරින් ඇවිත් නිමවෙන තුරු ඔව්හු දෙවියන්වහන්සේගේ පෙට්ටිය බිම තැබුවෝය. අබියාතර්ද ඇවිත් සිටියේය.


ඔහු ශෙරුයාගේ පුත්‍රවූ යෝවාබ් සහ අබියාතර් පූජකයා සමඟ මන්ත්‍රණයකෙළේය. ඔව්හු අදොනියාට පක්ෂව ඔහුට උපකාරකළෝය.


දාවිත් වනාහි පූජකයන්වූ ශාදොක්ට සහ අබියාතර්ටද ලෙවීවරුන්වූ උරියෙල්, ආසායා, යෝවෙල්, ෂෙමායා, එලීයෙල් සහ අම්මිනාදාබ්ටද අඬගසා ඔවුන්ට කථාකොට:


අහිතූබ්ගේ පුත්‍රවූ ශාදොක් සහ අබියාතර්ගේ පුත්‍රවූ අබිමෙලෙක් පූජකයෝව සිටියෝය; ෂව්ෂා ලේකම්ව සිටියේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්