Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 සාමුවෙ 22:18 - Sinhala Revised Old Version

18 එවිට රජ: නුඹ ළංවී පූජකයන්ට පහරදෙන්නැයි දොවෙග්ට කීවේය. ඒදොමිය දොවෙග් ළංවී පූජකයන්ට පහරදී, සිහින් හණරෙදි ඒඵොද් සැට්ටයක් ඇඳ සිටියාවූ අසූපස් දෙනෙකු ඒ දවසේදී මැරුවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

18 එබැවින් රජ, “ඔබ ළං වී පූජකයන්ට පහර දෙන්නැ”යි දොවෙග්ට කීවේ ය. ඒදොමිය දොවෙග් ළං වී පූජකයන්ට පහර දී සිහින් හණ රෙදි ඒපොද් සැට්ට ඇඳ සිටි අසූපස්දෙනෙකු ඒ දවසේ දී මැරුවේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

18 එබැවින් රජ, “ඔබ ළං වී පූජකයන්ට පහර දෙන්නැ”යි දොවෙග්ට කීවේ ය. ඒදොමිය දොවෙග් ළං වී පූජකයන්ට පහර දී සිහින් හණ රෙදි ඒපොද් සැට්ට ඇඳ සිටි අසූපස්දෙනෙකු ඒ දවසේ දී මැරුවේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 සාමුවෙ 22:18
14 හුවමාරු යොමු  

ඈ තුළ සිටින ඇගේ අධිපතීහු ගොරවන සිංහයෝය; ඇගේ විනිශ්චයකාරයෝ සැන්දෑ වෘකයෝය; ඔව්හු පසුවදාට කිසිවක් ඉතිරි නොකරති.


මක්නිසාද ඔම්රීගේ නියෝගද ආහාබ්ගේ වංශයේ සියලු ක්‍රියාද පවත්වනු ලැබේ; එසේ මා විසින් නුඹලා පුදුමයක්ද එහි වැසියන් කවටකමක්ද කරන හැටියට නුඹලා ඔවුන්ගේ මන්ත්‍රණවල ප්‍රකාරයට යන්නහුය; මාගේ සෙනඟගේ නින්දාකිරීමද නුඹලා ඉවසනවා ඇත.


ඔව්හු තමුන්ගේ දුෂ්ටකමෙන් රජුද තමුන්ගේ බොරුවලින් අධිපතීන්ද ප්‍රසන්නකරති.


එප්‍රායිම් කැමැත්තෙන්ම හිස්කම පස්සේ ගිය බැවින් ඔහු විනිශ්චයට යටවී පොඩිවන්නේය.


ඔව්හු රජුගේ ආඥාව පිට ඔහුට විරුද්ධව කුමන්ත්‍රණයකොට ස්වාමීන්වහන්සේගේ ගෘහයේ මළුවේදී ඔහුට ගල්ගැසුවෝය.


තවද නුඹේ වංශයෙහි ඉතුරුවෙන හැමදෙනා රිදී මිලයක්ද රොටියක්ද ලබාගන්න පිණිස ඇවිත් ඔහු ඉදිරියේ වැඳ වැටී: අනේ රොටී කෑල්ලක් කන පිණිස පූජක තනතුරකට මා පත්කළ මැනවැයි කියනවා ඇත කියා කියනසේකැයි කීවේය.


ඔහු මාගේ පූජාසනය පිට පූජා ඔප්පුකරන පිණිසද සුවඳ දුම් ඔප්පු කරන පිණිසද මා ඉදිරියෙහි ඒඵොද් සැට්ටය අඳින පිණිසද මාගේ පූජකයා කොට සියලු ඉශ්‍රායෙල් ගෝත්‍රවලින් මම ඔහු තෝරා නොගතිම්ද? ඉශ්‍රායෙල් පුත්‍රයන් විසින් ඔප්පුකරන සියලු ගිනි පූජා මම නුඹේ පියාගේ වංශයට නුදුනිම්ද?


එහෙත් ළමයෙක්ව සිටි සාමුවෙල් හණ ඒඵොද් සැට්ටයක් ඇඳගන ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි සේවයකෙළේය.


ආරොන්ගේ පුත්‍රයන්ටත් යට ඇඳුම්ද ඉඟපටිද සාදන්න, මහිමය සහ අලංකාරය පිණිස ඔවුන්ට මකුටත් සාදන්න.


ඔවුන්ගේ පූජකයෝ කඩුවෙන් වැටුණෝය; ඔවුන්ගේ වැන්දඹුවෝ නොවැලපුණෝය.


දුෂ්ට මනුෂ්‍යය, ධර්මිෂ්ඨයාගේ නිවසෙට විරුද්ධව රැක නොසිටින්න; ඔහුගේ වාසස්ථානය කොල්ලනොකන්න.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්