Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 සාමුවෙ 22:16 - Sinhala Revised Old Version

16 රජ්ජුරුවෝ: අහිමෙලෙක්, නුඹත් නුඹේ මුළු පිය වංශයේ සියලු දෙනාත් සැබවින් මරනු ලබන්ට ඕනෑයයි කීය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

16 රජතුමා කතා කරමින්, “අහිමෙලෙක්, ඔබ ද ඔබේ සියලු ඥාතීන් ද සැබැවින් ම මරණයට පත් කළ යුතු ය”යි කීවේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

16 රජතුමා කතා කරමින්, “අහිමෙලෙක්, ඔබ ද ඔබේ සියලු ඥාතීන් ද සැබැවින් ම මරණයට පත් කළ යුතු ය”යි කීවේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 සාමුවෙ 22:16
14 හුවමාරු යොමු  

දිළිඳු සෙනඟක් ආණ්ඩුකරන දුෂ්ටයෙක් වනාහි ගොරවන සිංහයෙක්ද ගොදුරු සොයා ඇවිදින වලසෙක්ද මෙනි.


හෙරොද් ඔහු සොයා, සම්බ නොවූ කල, රැකවලුන්ගෙන් විචාරා, ඔවුන් මරන්ට අණකොට, යුදයෙන් කායිසාරියට ගොස්, එහි නැවතී සිටියේය.


එකල හෙරොද් ශාස්ත්‍රවන්තයන් විසින් තමා රවටනු ලැබූ බව දැක, ඉතා උදහස්ව, ඔවුන්ගෙන් හරියාකාර දැනගත් කාලයේ හැටියට, මනුෂ්‍යයන් යවා, බෙත්ලෙහෙම්හිද එහි සියලු සීමාවලද සිටි දෑවුරුදු වයස්වූද ඊට බාලවූද සියලු පිරිමි දරුවන් මැරෙවුවේය.


එබැවින් රජ කිපී ඉතා උදහස්වී, බබිලෝනියේ සියලු ශාස්ත්‍රවන්තයන් නැතිකරදමන්ට අණකෙළේය.


රජ තෙමේ කල්දිවරුන්ට උත්තරදෙමින්: කාරණය මාගෙන් පහව ගියේය. ස්වප්නයද එහි අර්ථයද නුඹලා මට නොදැන්නුවොත්, නුඹලා කැබෙලිකොට, නුඹලාගේ ගෙවල් කසළගොඩක් කරනු ලබන්නේය.


නුමුත් මොර්දෙකයි කෙරෙහි පමණක් අත් හෙළීම ඔහුට ඉතා සුළුව පෙනුණේය; මක්නිසාද මොර්දෙකයිගේ ජාතිය ගැන ඔහුට දන්වනලද්දේය. එබැවින් හාමාන් අහෂ්වේරොෂ්ගේ මුළු රාජ්‍යයෙහි සිටි මොර්දෙකයිගේ සෙනඟවූ සියලු යුදෙව්වරුන් නැතිකරන්ට සෙවුවේය.


එවිට යෙසෙබෙල්: මා විසින් හෙට මේ වේලාවට පමණ නුඹේ ප්‍රාණය ඔවුන්ගෙන් එක්කෙනෙකුගේ ප්‍රාණය මෙන් වෙන්ට සැලැස්සුවේ නැත්නම් දෙවිවරු මට එසේමත් ඊට වැඩියෙනුත් කෙරෙත්වයි පණිවිඩකාරයෙකු අත එලියාට කියා ඇරියාය.


මක්නිසාද යෙසෙබෙල් ස්වාමීන්වහන්සේගේ ප්‍රොපේතවරුන් සිඳදැමූ කල්හි ඔබදියා ප්‍රොපේතවරුන් සිය දෙනෙක් රැගෙන ගොස් පනස පනස බැගින් ඔවුන් ගුහාවල සඟවා ආහාර සහ වතුර දී ඔවුන් පෝෂ්‍යයකෙළේය.)


මක්නිසාද යෙස්සේගේ පුත්‍රයා භූමිය මතුපිට ජීවත්ව සිටින තුරුම නුඹවත් නුඹේ රජකමවත් ස්ථිරවෙන්නේ නැත. එබැවින් දැන් මිනිසුන් යවා ඔහු මා ළඟට ගෙන්වන්න, සැබවින් ඔහු මරනු ලබන්නේයයි කීය.


සාවුල්ද: යොනාතාන්, නුඹ නසින්ටම ඕනෑය, නැත්නම් දෙවියන්වහන්සේ එසේත් ඊට වැඩියෙනුත් මට කරනසේක්වයි කීයේය.


දරුවන් වෙනුවට පියවරුවත් පියවරුන් වෙනුවට දරුවෝවත් මරනු නොලැබෙත්වා. එක් එක්කෙනා තම තමාගේ පාපය නිසා මරනු ලැබේවා.


මා ඔහු උදෙසා දෙවියන්වහන්සේගෙන් විචාරන්ට පටන් ගත්තේ මේ දවසේදීද? එය මාගෙන් දුරුවේවා. රජ්ජුරුවෝ තමාගේ මෙහෙකරුවාවූ මා කෙරෙහිවත් මාගේ පිය වංශයේ කිසිවෙකු කෙරෙහිවත් වරද නොතබත්වා. මක්නිසාද ඔබගේ මෙහෙකරුවා මේ මුළු කාරණය ගැන අඩු වශයෙන්වත් වැඩි වශයෙන්වත් කිසිවක්ම නොදන්නේයයි කීවේය.


රජතෙම තමා වෙත සිටි මුරකාරයන්ට කථාකොට: නුඹලා ළංවී ස්වාමීන්වහන්සේගේ පූජකයන් මරන්න; මක්නිසාද ඔව්හුද දාවිත්ට එකතුව සිටිති, ඔහු පලායන බව දැනගනත් ඔවුන් මට එය එළිදරව්කළේ නැතැයි කීවේය. එහෙත් රජුගේ සේවකයෝ ස්වාමීන්වහන්සේගේ පූජකයන්ට පහරදෙන්ට තමුන්ගේ අත් දිගුකරන්ට නොකැමැතිවූවෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්