Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




1 සාමුවෙ 21:9 - Sinhala Revised Old Version

9 පූජකතෙමේ: නුඹ විසින් ඒලා මිටියාවතේදී මැරූ පිලිස්තියයාවූ ගොලියත්ගේ කඩුව රෙද්දකින් ඔතා ඒඵොද් සැට්ටයට එහායින් තබා තිබේ. ඒක ගන්ට කැමතිනම් අරගන්න. ඒක මිස වෙන එකක් මෙහි නැතැයි කීවේය. ඒ වාගේ වෙන එකක් නැත, ඒක මට දෙන්නැයි දාවිත් කීවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

9 පූජක තෙම පිළිතුරු දෙමින්, “ඔබ ඒලා මිටියාවතේ දී මැරූ පිලිස්තියයා වූ ගොලියත්ගේ කඩුව මා ළඟ ඇත. එය රෙද්දකින් ඔතා ඒපොද් සැට්ටයට එහායින් තබා තිබේ. ඒක ගන්නට කැමැති නම් අරගන්න. ඒක මිස අන් කඩුවක් නැතැ”යි කීවේ ය. දාවිත් පිළිතුරු දෙමින්, “ඊට සමාන අන් කඩුවක් නැත, ඒක මට දෙන්නැ”යි කීවේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

9 පූජක තෙම පිළිතුරු දෙමින්, “ඔබ ඒලා මිටියාවතේ දී මැරූ පිලිස්තියයා වූ ගොලියත්ගේ කඩුව මා ළඟ ඇත. එය රෙද්දකින් ඔතා ඒපොද් සැට්ටයට එහායින් තබා තිබේ. ඒක ගන්නට කැමැති නම් අරගන්න. ඒක මිස අන් කඩුවක් නැතැ”යි කීවේ ය. දාවිත් පිළිතුරු දෙමින්, “ඊට සමාන අන් කඩුවක් නැත, ඒක මට දෙන්නැ”යි කීවේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 සාමුවෙ 21:9
6 හුවමාරු යොමු  

සාවුල්ද ඉශ්‍රායෙල් මනුෂ්‍යයෝද රැස්ව ඒලා මිටියාවතේ කඳවුරු බැඳ පිලිස්තිවරුන්ට විරුද්ධව යුද්ධ පිළිවෙළින් සිටියෝය.


දාවිත් අහිමෙලෙක්ට කථාකොට: මෙහි නුඹ ළඟ හෙල්ලයක් හෝ කඩුවක් නැද්ද? රජ්ජුරුවන්ගේ කටයුත්ත ඉක්මන් බැවින් මාගේ කඩුවවත් ආයුධවත් නොගෙනායෙමියි කීවේය.


හෙතෙම ස්වාමීන්වහන්සේගෙන් ඔහු උදෙසා විචාරා, ඔහුට ආහාර දී, පිලිස්තියයාවූ ගොලියත්ගේ කඩුවත් ඔහුට දුන්නේයයි කීවේය.


ඔහුගේ ආයුධ ඔව්හු අෂ්ටාරොත්ගේ ගෘහයේ තැබුවෝය. ඔහුගේ ශරීරය බෙත්-ෂාන්හි පවුරට සවිකර එල්ලා තැබුවෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්