Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 සාමුවෙ 20:41 - Sinhala Revised Old Version

41 ළමයා ගියපසු දාවිත් දකුණු පැත්තෙන් නැගිට ඇවිත් මුහුණින් බිමවැටී තුන් විටක් වැන්දේය. ඔව්හු එකිනෙකා සිඹගන දෙදෙනා එක්ව ඇඬුවෝය. දාවිත් වඩාම ඇඬුවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

41 ළමයා ගිය පසු දාවිත් ගල් ගොඩ පිටුපසින් නික්ම අවුත් මුණින්තළා වී තුන්වරක් වැන්දේ ය. දාවිත් සහ ජොනතන් එකිනෙකා සිඹගෙන කඳුළු වගුරුවා ඇඬූ හ. දාවිත්ගේ ශෝකය ජොනතන්ගේ ශෝකයට වඩා අධික විය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

41 ළමයා ගිය පසු දාවිත් ගල් ගොඩ පිටුපසින් නික්ම අවුත් මුණින්තළා වී තුන්වරක් වැන්දේ ය. දාවිත් සහ ජොනතන් එකිනෙකා සිඹගෙන කඳුළු වගුරුවා ඇඬූ හ. දාවිත්ගේ ශෝකය ජොනතන්ගේ ශෝකයට වඩා අධික විය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 සාමුවෙ 20:41
20 හුවමාරු යොමු  

යොනාතාන් තමාගේම ප්‍රාණයට මෙන් දාවිත්ට ආදරේවූ බැවින් ඔහු සහ දාවිත් ගිවිසුමක් කරගත්තෝය.


යාකොබ් රාඛෙල් සිඹ ශබ්දනගා හැඬුවේය.


ඔවුන් සියල්ලෝ, තවත් තමාගේ මුහුණ ඔව්හු නොදකින්නෝයයි පාවුල් කී වචනය ගැන සියල්ලට වඩා කනගාටුවෙමින්, අතිශයෙන් හඬා,


මුළු සෙනඟ යොර්දානෙන් මෙගොඩවුණෝය, රජද මෙගොඩවුණේය. රජතෙමේ බර්සිල්ලයි සිඹ ඔහුට ආශීර්වාදකෙළේය; ඔහු තමාගේ ස්ථානයට හැරීගියේය.


සාවුල්ගේ පුත්‍රයා වන යොනාතාන්ගේ පුත්‍රවූ මෙපිබොෂෙත් දාවිත් වෙතට ඇවිත් මුහුණින් වැටී වැන්දේය. දාවිත්ද: මෙපිබොෂෙත්යයි කීය. ඔබගේ මෙහෙකරුවා මෙහියයි ඔහු උත්තරදුන්නේය.


මාගේ සහෝදරවූ යොනාතාන්, නුඹ ගැන මට ශෝකය ඇත්තේය. නුඹ මට ඉතා ප්‍රියකරුව සිටියෙහිය. මා කෙරෙහි වූ නුඹේ ආදරය පුදුමය, ස්ත්‍රීන්ගේ ආදරයට වඩා මහත්ය.


අබීගායිල් දාවිත් දැක, ඉක්මනින් කොටළුවා පිටින් බැස, දාවිත් ඉදිරියෙහි මුහුණින් බිමට වැටී වැඳ,


එවිට සාමුවෙල් තෙල් කුලාව රැගෙන සාවුල්ගේ හිසේ වත්කොට ඔහු සිඹ: ස්වාමීන්වහන්සේ තමන්ගේ උරුමය කෙරෙහි අධිපතියාකොට නුඹ ආලේපකළසේක් නොවේදැයි කීය.


ඔහු තමාගේ සියලු සහෝදරයන් සිඹ ඔවුන් වැලඳගෙන හැඬුවේය. ඉන්පසු ඔහුගේ සහෝදරයෝ ඔහු සමඟ කථාකළෝය.


ඔබගේ මෙහෙකරුවූ අපගේ පියා සනීපෙන්ය, තවම ජීවත්ව සිටීයයි ඔව්හු කීවෝය. තවද ඔව්හු හිස්නමා වැන්දෝය.


ලාබන් තමාගේ සහෝදරීගේ පුත්‍රවූ යාකොබ් ගැන ආරංචිය ඇසූ විට ඔහු සම්බවෙන්ට දිවගොස් ඔහු වැලඳගෙන සිඹ, ඔහු තමාගේ ගෙට කැඳවාගෙන ගියේය. ඔහු මේ සියලු කරුණු ලාබන්ට කීයේය.


යෝසෙප් දේශයෙහි ආණ්ඩුකාරයාව සිටියේය; දේශයේ මුළු සෙනඟට වික්කේ ඔහුය. යෝසෙප්ගේ සහෝදරයෝ අවුත් මුහුණින් බිමට නැමී ඔහුට වැන්දෝය.


යොනාතාන් තමාගේ ආයුධ ළමයාට දී: මේවා නුවරට අරගන යන්නැයි ඔහුට කීවේය.


එවිට ඒසව් ඔහු සම්මුඛවෙන්ට දිවගොස් ඔහු වැළඳගෙන බෙල්ල බදාගෙන ඔහු සිඹගත්තේය. තවද ඔව්හු ඇඬුවෝය.


සාවුල්ට කථාකොට: දාවිත් ඔබට අනතුරු කරන්ට සොයන්නේයයි කියන මනුෂ්‍යයන්ගේ වචනවලට ඔබ ඇහුම්කන්දෙන්නේ මක්නිසාද?


තුන්වෙනිදා මනුෂ්‍යයෙක් තමාගේ ඇඳුම් ඉරාගන හිසේ පස් දමාගෙන සාවුල් වෙතින් කඳවුරෙන් නික්ම ආයේය. ඔහු දාවිත් ළඟට පැමිණි විට බිම වැටී වැන්දේය.


තෙකෝවාහි ස්ත්‍රී රජු ළඟට ගොස් මුහුණින් බිම වැටී වැඳ: අනේ රජ්ජුරුවෙනි, පිහිටවුවමැනවැයි කීවාය.


බැත්-ෂෙබා නැමී රජුට වැන්දාය. නුඹට ඕනෑ මොකදැයි රජ ඇසුවේය.


අනාගතවක්තෘවූ නාතාන් ඇවිත් ඉන්නේය කියා රජුට දැන්වූ කල ඔහු රජු ඉදිරියට ඇවිත් මුහුණින් බිමට නැමී රජුට වැන්දේය.


එවිට බැත්-ෂෙබා මුහුණින් බිමට නැමී රජුට වැඳ: මාගේ ස්වාමිවූ දාවිත් රජ්ජුරුවෝ සදහටම ජීවත්වේවයි කීවාය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්